IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි

(ඩයනා උදයංගනී)

පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

පවතින තත්වය යටතේ තවදුරටත් බලයේ රැඳීසිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රටවැටී ඇති ඛේදනීය තත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

ඉන්පසු ජනතාව පතන ව්‍යූහාත්මක දේශපාලන වෙනස ඇතිකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකි බව කී අගරදගුරුතුමෝ එම රජය තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් රටේ පවතින ගැටළු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු බව ද පැවසූහ.

රටේ තත්වය යහපත් වූ වහා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද කී අගරදගුරුතුමෝ දේශය මෙම තත්වයෙන් මුදා ගැනීමට පෙරමුණ ගන්නැයි විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ අගරදගුරු මැදුරේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට පත්ව ඇති උග්‍ර අර්බුදකාරී, තත්වයට සෘජුවම වගකිව යුත්තේ ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර 2 1/2 ක කාලය තුළ ගත් අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ බව පිළිගත යුතු යැයි ද කාදිනල්තුමෝ කීහ.

නව අගමැතිවරයා පත්වීමත් සමඟ ජනතාව තුල සුළු වශයෙන් හෝ ඇතිවූ අපේක්ෂාවන්ට ඉඩදෙමින් ටික කලක් නිහඬව සිටිය ද දැන් උදාවී ඇති තත්වය අනුව ආගමික නායකයෙකු සහ වගකිව යුතු පුරවැසියකු ලෙස තමාට නිහඬව සිටිය නොහැකි බව ද අගරදගුරුතුමෝ පැවසූහ.

 



අදහස් (13)

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි

Channa Tuesday, 05 July 2022 06:15 PM

ලක්ශ 69ක් චන්දය ඩුන්නේ මේක බගෙට දාලා යන්නද? ජනාධිපතිතුමෝ මගේ රට බේරා දෙන්න.

:       0       0

fairoos Tuesday, 05 July 2022 06:42 PM

ජයවේවා..!

:       0       0

sisira Tuesday, 05 July 2022 06:51 PM

පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල පමණකි. ඉදිරි මැතිවරණයේදී පක්ෂ පට නොබලා 225 දෙනාම නැවත පාර්ලිමේන්තුවට පත්කර රට දිනවමු.

:       0       0

Bamunuarachchi Tuesday, 05 July 2022 07:11 PM

මේ උනදාට අමුකැවිලද? බයිබලයේද කියලා තිබෙන්නේ? හලෝ 3-7-22 ඉරිදා ලංකාදීප පත්තරේ " විපක්ෂය රට ගොඩගන්නේ මෙහෙමයි " කියලා පිටුවක් පිරෙන්න ලියලා තිබෙන ලිපියේ ටෙල්වින් රට ගොඩ ගන්න හැටි කියාල තිබෙනවා. එක කියවනවලා කතා කොරන්න ඊට පස්සේ ඉතුරු හරිය ඔහෙට කියන්නම්.

:       0       0

Bamunuarachchi Tuesday, 05 July 2022 07:11 PM

රාජපක්ෂලා නිකම්ම පුටුවල වාඩි උනේ නැහැ රටේ ජනතාව චන්දවලින් තේරී පත් උන අය. රාජපක්ෂලා පත් උනේ ඔහේලාගේ චන්දවලින් නොවෙයි. ඔහෙලා ඉන්නේ 9% මෙරටේ. ඊළඟ ච්නදයෙදී හම්බ සෙට් එක පත් කර ගන්නකො.

:       0       0

Lasitha Tuesday, 05 July 2022 07:21 PM

රට ඉන්න අය මේ රටේ උන් මැරිලම යනකං සල්ලි එවන්න එපා හොඳේ. මෙයා කියන විදියට කරන්න. ඊට පස්සෙ ඇවිත් බලන්නකො උඹලට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙලා තියෙනවද කියලා.

:       0       0

Ken Tuesday, 05 July 2022 07:24 PM

ආ සීයේ.. දැන්ද ඇහැරුනේ.. ඔයාට තෙල් තියෙනවද? අනුර ඇවිත් ඔයාටත් තෙල් බෙදයි, රට හදයි හොඳේ..

:       0       0

Lal Tuesday, 05 July 2022 07:52 PM

විපක්ශෙ උන් කොරයි.. කටින්. මෙච්චර බලය ගන්න අවස්ථාව දීලත් කරන්නෙ නැති උන් කරන හැටි හිතාගන්න පුලුවන්. ඔයත් තව කිච වෙන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න. ඉස්සර ගරු කරපු චරිතයක්. ඩොලර් එවන්න එපා කියලා මිනිස්සු පෝලිම් වලට ගාල් කරාට ඔයත් වගකියන්න ඕන.

:       0       0

අසල්වැසියාගේ ප්‍රේමේ Tuesday, 05 July 2022 07:57 PM

මිනිස්සුන්ව කුපිත කරවලා ගිනි තියලා, ඩොලර් එවන එක නතර කරලා, ලෝකෙ වටේ උද්ඝෝශණ තියවලා පලිගත්ත එක තව මදිද. තව ලේ ඕනද ඔයාට ඔය වෛරය සන්සිඳෙන්න

:       0       0

රොනි Wednesday, 06 July 2022 07:29 AM

සියලුම ආගමික නායකයන් මේ අමාරු අවස්තාවෙ තමන් සතු දනය (වත්කම් ) රජයට දියයුතුයි , අවශ්‍ය වන්නේ උපදෙස් නොවෙයි අව්ශ්‍ය වන්නෙ ඩොලර් , බොරු උපදෙස් වලින් රටට වෙන සෙතක් නැත .

:       8       9

Upul Wednesday, 06 July 2022 09:35 AM

මේ අමනයන්ට ළංකාව මුන්ගෙ යටත් විජිතයක් කරගන්න තියෙන බාදාව මහින්ද. ඒ් තමා පරම සත්‍්‍යය

:       5       6

almania Wednesday, 06 July 2022 09:48 AM

ත්‍රස්තවාදීන්ගෙන් කප්පම් අරගෙන ඔවුන්ව නිදොස්කර නිදහස් කෙරුවේ රාජපක්ෂලා.. අපි රාජපක්ෂ මාෆියාවට තිත තියන්න ඕනේ..

:       6       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 97 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site