IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට

(එස් සේරත්)

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක්  මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන්  මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුවේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රී රෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට පත් තීරෝද රථය තුළ ළමුන් ඇතුළු සත් දෙනකු ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

 

 



අදහස් (6)

මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට

ගුණරත්න Monday, 10 March 2025 07:15 AM

ජපානේ ඉතා ආරක්‍ෂිත වාහන මිලදීගන්න ඕනෑතරම් තියෙනවා, ඉන්දියාවේත් ආරක්‍ෂාව ඉහලින් හිතනවා, අපේ රටෙත් එහෙමයි, එත් මිනිස්සුන්ට හොඳ ආරක්‍ෂාවක් තියෙන වාහනයක් ගන්න විදියක් නැහැ, සල්ලි නැතිකමටත් වඩා ආණ්ඩුව අයකරන ඉහල බදු නිසයි එහෙම වෙලා තයෙන්නේ, අපි මේ රටේ ත්‍රීවීල් එකකට මෝටර් සයිකලයකට ගෙවන මුදලෙන් ඉතා හොඳ ආරක්‍ෂාව තියෙන සැපපහසු වාහනයක් ගන්න ඔය රටවල් වල පුළුවන්. අපේ ඉතින් වාහන කර්මාන්තය ආරක්ෂා කරන්න ලීසිං කර්මාන්තය ආරක්ෂා කරන්න අපි වගේ දුප්පතුන් දිවි පරදුවට තබා කැපවීමක් කරනවා, කොටිපතියන්ට ප්‍රස්නයක් නැහැ එකක් කෝටි 14ක් වෙන ජීප් රත 130කට දැනටමත් ඕඩර් ලැබිලා කියල ඒවා ගෙන්වන සමාගම ඉහලින්ම කියා තිබුනා, අපිටත් හරි සතුටුයි ඉතින්. ස්තුතියි ජනතාවාදී ආණ්ඩුව.

:       6       7

ප්‍රියන්ත Monday, 10 March 2025 08:25 AM

කාර් එකේ සීට් බෙල්ට් දාල ගියෙ නැත්නං දඩ ගහනවා. ත්‍රීවීල් වලට ඒ මොකුත් නෑ. ලෝකයේ තිබෙන අනාරක්ෂිතම වාහනය. ලෝකයේ කිසිදු දියුණු රටක මහාමාර්ගවල මගී ප්‍රවාහනයට ත්‍රීරෝද රථ යොදා නොගනී.

:       2       8

නිපුණ Monday, 10 March 2025 09:14 AM

මේ අනාරක්ෂිත වාහනය ලංකාවට ගේන එක නවත්තන්න දැන් කාලෙ හරි.

:       3       10

දිමුත්Monday, 10 March 2025 03:45 PM

ඔව් අපි මාර දියුණු රටක්නෙ!

:       0       1

පැරකුම් Monday, 10 March 2025 09:52 AM

මෙම වාහන භාණ්ඩ ප්‍රවාහනයට සීමා කිරීම වඩාත් සුදුසුය.

:       3       7

Bunny Preena Monday, 10 March 2025 12:22 PM

නියමිත මගී සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමෙන් වාහනයේ සමබරතාවය නැතිවීම හේතුකරගෙන අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ බොහෝය.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 43 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 58 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1635 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site