(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු කඩුවෙල නගරයේදී පසුපස හඹා ගොස් ලොරියට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට එලවලු රැගෙන පැමිණි අධිශීතකරන සවි කරන ලද ආවරණය කරන ලද ලොරි රථයේ රියදුරු සුපිරි වෙළඳසලට යාමට පෙර තේ පානය සඳහා අසල රාත්‍රී ආපනශාලාවක් ඉදිරිපිට නතර කර තිබියදී සැකකරු මෙම ලොරිය සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් පණිවිඩ හරහා ලද තොරතුරක් අනුව අවට පොලිසි මගින් මාර්ග බාධක දමා ලොරිය නතර කිරීමට උත්සාහ කළද සැකකරු ලොරිය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ විශේෂ යතුරුපැදි කණ්ඩායමක් ලොරියට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු ලොරියෙන් බැස පලායමින් සිටියදී අත් අඩංගුවටගෙන ඇත.

2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි
පම්පෝරි ජනක Saturday, 01 March 2025 08:50 AM
මොකක්ද මේ පැහැර ගැනීමේ තේරුම ? දැන් රට පුර ගොඩක් කලබල තියෙනව කියලා පෙන්නන්න රාජපක්ෂලාගේ නාට්‍ය කණ්ඩායම දියත් කරලා තියන මහා ප්‍රසංගයේ තවත් කොටසක් වගේ.
Bunny Preena Saturday, 01 March 2025 10:25 AM
නොසැලිකිලිමත් ලෙස කටයුතු කරන ඔය වගේ ලොරි රථ රියදුරන්ව එලවලා දාන්න තියෙන්නේ.
Rifan Saturday, 01 March 2025 09:14 PM
මේවා රටේ සිදුවන හුදෙකලා සිද්ධීන් විදියට හිතන්න හොඳ නැහැ. රජය මේ ගැන දැඩි අවදානයක් යොමුකළ යුතුයි..