(බී.ජී චතුරංග සහ කාංචන කුමාර ආරියදාස)
කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ ද දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාඟල, පලාගල, හිඟුරු වැව ප්‍රදේශයේ නිවසක් අසල අද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මෙම අනවසර විදුලි රැහැන සවිකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.
කහල්ල පල්ල කැලේ අභය භූමියේ සියබලන්ගමුව, කලා වැව සහ බළලූ වැව් රක්ෂිත තුල කාලයක සිට සැරි සරූ මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදීද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතල තුවාල සිදුව ප්‍රතිකාර ලැබූ බව වන ජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේය.
දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු 1 බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැ
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දීග ජන්තු 1ත් මරා දමයි
Tharindu Thursday, 28 November 2024 02:50 PM
ස්වභාවික සම්පත් සහ වනජීවීන්ගෙන් බහුල අපේ රටේ මේ වෙන අහස පොළව නුහුලන අපරාධ දකින විට දැනෙන වේදනාව වචන වලට පෙරලුණා ම සාපයක් වෙනවා...එය භාවිතා කරන්න බොහෝ මිනිසුන් කැමති නැත..
Lalla Thursday, 28 November 2024 02:55 PM
අනවසර විදූලි රැහැනද? නැතිව නිවසද? මේ අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන නිවාස ඉදිකිරීමේ විපාකය නොවේද?
හංසි ජයවර්ධන Thursday, 28 November 2024 04:28 PM
පින් සිදුවෙයි, අවධානය යොමු කරන්න නීති හදන්න ගරු ජනාධිපතිතුමනි. පපුව පත්තු වෙනවා මේවා දකින කොට...!
ජනරළ Thursday, 28 November 2024 05:35 PM
විදුලි සැර වැඩි ඇත් රජු මියයන මොහොතේ කොතරම් වේදනාවකින් මිය යන්නට ඇත්ද? මේ අලි ඇතුන් සියැසින් දකින්නට යුරෝපීය ජාතිකයින්ට තියෙන්නේ පුදුම ආශාවක්. ඇත්තටම සමහරුන්ට ඒක හරියට පිස්සුවක් වගේ කිව්වාට පුදුම වෙන්න දෙයක් නැහැ. සොබා දහමින් මේ අපිට ලැබිලා තියෙන්නේ පුදුම සම්පතක්. මේ සත්තු ටික රැකගෙන යුරෝපීය සංචාරකයින්ට සජීවීව පෙන්නන්න පුළුවනි නම් ඒකම ඇති ඩොලර් උල්පතක් මවන්න. මෙතෙක් කල් රට පාලනය කළ කාලකන්නි දේශපාලකයින් ටිකට ඒ සඳහා හරි වැඩපිළිවෙලක් හදන්න බැරිවුණා. ඒ නිසා දැන් ඉන්න අයට ලොකු වගකීමක් තියෙනවා...
pjFriday, 29 November 2024 04:16 AM
සිදු නොවිය යුතු සෝචනීය පුවතකි. එදා 88/89 කාලයේ ජවිපය එකෙන් දරුවන් ඉදිරියේ තාත්තලා කුරීරු අන්දමින් මරාදමන විට දරුවන් හෙළූ කඳුළු මිටත් වඩා සෝචනීයයි.
Dharmasena Friday, 29 November 2024 11:28 AM
ඇතා ජාතික වස්තුවකි. මිනිස් ජීවිත... කිසිඳු වටිනාකමක් නොමැති යුරොපීයන්ගෙන් ඩොලර් උපයන්න නොහැකි එදිනෙදා ජීවිකාව ගැටගසා ගැනීමට නොහැකිව දුක්විඳින සතුන් කොටසකි. වසර 74ක් වයසක අම්මා කෙනෙක් උදෑසන ගෙමිදුලට ගොඩවෙනවාත් සමග අසල සිටි වල්අලියකු පහරදී මිය ගිය බව පසුගිය දිනවල පුවත්පත් වාර්තාවල සඳහන්විය. ඒ අසරණ අම්මා ගැන කවුරුත් කථා කලේ නැත. උදෑසන පාසලට ළමයා රැගෙන ගිය අම්මා.. පාපැදියෙන් ළමයා රැගෙන ගිය පියා නැවත නිවසට එනවිට අලියා පහරදෙයි. මෙතැනදී නිවස හා පදිංචි මිනිසුන්ගේ ආරක්ෂාවට අනවසර විදුල් රැහැනක් ඇදීම නිසා මිනිසුන් ආරක්ෂා විය. අලියා මිය ගියේය. ගෙහිමියාට නීතිය තදින්ම ක්‍රියා කළ යුතුයි. මිනිසුන් කියති. මිනිසුන් හා සතුන් පැටලී ඇත.
Dhana Friday, 29 November 2024 11:48 AM
මැරුණු ඇතා හෝ කරන්ට් එක දැමු පුත්ගලයාගේ හෝ පැත්තක් ගැනීම නිශ්ලඵ කාර්යකි. එයට අදාල කියාමාර්ග ආදාළ නිලධාරින් දැන් යුහුසුලුව ගනු ඇත. එයින් අහිමිවූ ඇත් සම්පත රටට හිමිවේද? මන් ඉදිරියට මෙවන් විපත් නොවිමට වගකිම් ලත් බලදරයන් කටයුතු කළ යුතුයි. මෙවන් අනවසර වැටක් ඉදිකර තිබිම පිළිබඳ අදාළ නිලධාරින් නිරික්ෂණය කොට අනවසර වැටවල් ඉවත් කිරිම හෝ එයට අදාල කියාමාර්ග ගැනීම කළ යුතුයි. රාජ්‍ය පාලනයක අවශ්‍යතාවය ඇත්තේ එතැනයි. සියල්ල සිදුවී හාමාර වූ පසු දුවන හරක් රැලක් අවශ්‍ය වන්නේ නැත. එසේ දිවීමට පමණක් නම් බදු මුදල් වලින් මාසික දීමනාවක් දී නිලදරයින් පෝෂණය කිරීම රාජ්‍යයක අඥාන්විත භාවයම පෙන්නුම් කරමින් ඉදිරියට යනවාද සියල්ලෝම හරි පාරේ යනවාද යන්න සිතීමට කාලය එල්බ ඇත. “සියලු සත්වයෝ සුවපත් වෙත්වා “යන බුද්ධ වචනය මොනවට හදවතේ තැන්පත් කරගෙන යහපත් පාලනයකට ආශිර්වාද කරමු..!