IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තාප්පයක් කඩා වැටී දස හැවිරිදි සිසුවෙක් රෝහලේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විජේරාම හන්දියේ පිහිටි මහරගම   ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය  අසළ  අනාරක්ෂිත මායිම් තාප්පයක්  (16) දා  දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු  තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .

අනතුරින් තුවාල ලැබූ එම පාසැලේ 4 වසරේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවාගේ පාදයකට දෙ අත් වලට හා සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව ඇති බවත් ඔහුගේ තත්ත්වය  සාමාන්‍ය බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.

මහරගම විජේරාම හන්දිය  ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ ගායකයකුට අයත් නිවසක අඩි හතළිහක් පමණ දිගින් යුත් අනාරක්ෂිත තාප්පයක් මෙසේ කඩා වැටි ඇති බව එම පාසැලේ මාපියෝ කියති.

එම තාප්පය අඩි හතළිහක් පමණ දිගින් යුක්ත වන අතර  අඩි පහළොවක් පමණ උසින් යුත් මෙම තාප්පයට කොන්ක්‍රීට් බීම් හෝ ලින්ටල් නොයොදා ඉදිකිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවත් වසර හතළිහක් පමණ පැරණි මෙම තාප්පය අනතුරුදායක බැවින් එය ඉවත් කරන ලෙසට  අවස්ථා කිහිපයකදී නිවසියන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම අනතුර වූ බවත් පාසලේ දෙමාපියන් චෝදනා කරති.

අනතුරින් සිසුන් භාවිතා කරන කැසිකිළි පද්ධතිය හා ආචාර්ය මණ්ඩලය භාවිතා කරන වැසිකිලි වැසිකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අනතුර වන අවස්ථාවේ දී සිසුන් තිදෙනෙකු කැසිකිලිය භාවිතා කරමින් සිට ඇති අතර එක්වරම අඩි පහළොවක් පමණ උසින් යුත් තාප්පය සිසුවාගේ ඇග මතට වැටී මෙම අනතුර වී තිබුණි.

අනතුරත් සමග ආචාර්ය මණ්ඩලය හා මාපියන් එක්ව දරුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පැවසේ.

යම් හෙයකින් මෙම අනතුර විවේක කාලය තුළදී සිදු වූයේ නම් මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට ඉඩ තිබූ බව මහරගම ජනාධිපති  විද්‍යාලයේ  විදුහල්පති  සරත් අධිකාරී මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් දැනුවත් කොට ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.

සිද්ධියෙන් පසුව  මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ස්ථානීය පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය ඉදිරි  පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තාප්පයක් කඩා වැටී දස හැවිරිදි සිසුවෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 649 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17695 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 734 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site