(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු රියසහයක සුලු තුවාල ලැබු බව ඇල්ල පොලිසිය පවසයි .
කොළඹ සිට බදුල්ල බලා ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරිය අද (23) උදෑසන දෙමෝදර මංසන්ධියේ වංගුව අසලදී මෙසේ මාර්ගය හරහා පෙරලී ගොස් ඇත.
අනතුරින් ලොරියේ පටවා තිබූ ටයිල් කැට කැඩී විනාශ වී ඇති අතර ලොරිය ටද දැඩි ලෙස අලාභහානි වී ඇතැයි පොලිසිය සදහන් කළේය .මේ නිසාවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබිණ .
ලොරියේ පටවා තිබූ ටයිල් කැට මාර්ගය පුරා විසිරී ගොස් ඇති අතර , ටයිල් කැට විසිවී ගොස් දෙමෝදර ස්ප්‍රීංවැලි මාර්ගයේ දෙමෝදර මංසන්ධිය අසල ත්‍රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්‍රීරෝද රථ වලට වැදී ත්‍රීරෝද රථ කීපයකට අලාභහානි වී ඇති බවත් පොලිසිය පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සල්ලි.