
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම" සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.
ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් යන මහත්වරුන් සමග පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලයුතු එකම දෙය නම් වංචාකරුවන් සහ ඔවුන්ගේ සහචරයන් පාලන තන්ත්‍රයෙන් ඉවත් කර දැමීම පමණි. වටමේස සාකච්ඡා දහසක් තිබුනත් වැඩක් නැත. මුලික විසදුම නැතිව.
අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනව කිව්ව වගේ වට මේසෙත් හතරැස් වෙලා.
සහතික ඇත්ත... මේ හොරු ආණ්ඩු කරනකන් සත පහක් දෙන්න එපා.