(ඉන්දිකා රාමනායක සහ දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ කන්දෙගොඩ ප‍්‍රදේශයේ දී කසළ තේ කිලෝ 15,000 ක් සමඟ පුදගලයන් තිදෙනකු විශේෂ කාර්ය බළකාය විසින් අද (16) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
කන්දෙගොඩ ප‍්‍රදේශයේ තේ කම්හලක් තුළ තිබී කිලෝ 11,000 ක් ලොරියකින් ප‍්‍රවාහනය කරමින් තිබූ කිලෝ 4000 ක් වශයෙන් මෙම කසළ තේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අම්බලන්ගොඩ කන්දෙගොඩ ප‍්‍රදේශයේ ගබඩාවක කසළ තේ අපනයනය කරන බව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළහ.
ඡායාරූප හා වීඩියෝ - දිපාල් ද සිල්වා
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කන්දෙගොඩින් කසළ තේ කිලෝ 15000 ක් එස්ටීඑෆ් දැලේ
රුවනී Wednesday, 16 October 2019 07:37 PM
ඇමතිතුමෝ… මා මේ ලිපිය ලියන්නේ සුද්දගේ රටේ ඉඳගෙන…! පළමුව ලංකාවේ තේ නාමය රැකලා දෙන්න..! මෙහෙ පත්තරවල ලංකාවේ තේකොළවලට ජරාව එකතු කරලා මිශ්‍රකරලා විකුණනවා කියල දැනගත් දවසේ ඉඳලා "ඉන්දියානු" තේ පුදුම විදිහට විකිණෙන්නේ! මේ ලඟදි ලංකා තේ බීපු මගේ සුදු ජාතික යාලුවෙක් මුත්‍රාකරන විට දැවිල්ල ඇවිල්ලා දොස්තර ප්‍රතිකාර කරගන්න සිද්ධවුණා. එදා ඉඳලා අවුරුදු ගාණක් ලංකාවේ තේ බීපු ඒ වගේ පිටරැටියන් දැන් ලංකාවේ තේ බොන්න හිතන්නේවත් නැත. අපි මේ රටේ සතිපතා බඩුගන්න සිංහල කඩයෙන් ඇහුවම කිව්වා දැන් විකිණෙන්නේම නැහැ කියලා! ලැජ්ජයි ඔබත් රජයත් එය දැනගෙනත් කිසිම දෙයක් නොකරන එකට..! මේ විදියට ලොරි කීයක් මීට කලින් ඇල්ලුවද..? මේ ජරා තේ නිෂ්පාදන කරන තේ කම්මල් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතුයි.
Matipahana Thursday, 17 October 2019 04:28 AM
මේක අවුරුදු 40-50 ක් තිස්සේ යන ව්‍යාපාරයක්. පාරේ දාල වේලන්නේ. අපි ඕව පාග පාග ඉස්සර යන්නේ. කෝස්ටික් සෝඩා ඩයි වර්ග සුවඳ කාරක දාල ඕව හදන්නේ කියල අපි පොඩි කාලෙම අහලා තිබුන. දැන් තමයි මේවා එලියට එන්නේ. කොච්චර කාලයක් මේක කරගෙන ගිහිල්ල තියෙනවද!?