
(බුද්ධික කුමාරසිරි, ගායාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ගායිකා කේ.සූජීවාගේ ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ව්‍යාපාරිකයකු වූ ක්ලබ් වසන්ත නමැත්තා මියගොස් ඇති බව සඳහන් කරයි. ක්ලබ් වසන්තගේ බිරියද මේ වෙන විට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



වෙඩි තැබීම සිදු කරන අයුරු
COMMENTS
නිවුස් වලට පෙන්වන යුක්තිය කියන නාට්‍ය හැටිනම් මේවගේ ඒවා වෙන්න විදියක් නැ. පිටපැත්තේ කොහේ හරි කොස්සක් තියනවා. සමහර වේලාවට ජනාධිපති ආර්යාවගේ රථ පෙල විඩියෝ කරපු ලමයාව අල්ලන්න මහන්සි වුන නිසා පොලිසියේ මහත්තවරු ටිකක් විවේක ගත්ත හැඩයි.
ඉස්සර පාතාලේ එක්ක සිටියේ දේශපාලුවෝ හොර ජාවාරම් කාරයෝ වැනි පුද්ගලයෝ , දැන් පාතාලේ කලාකරයොත් සමගත් ලගින් ඇසුරු කරනවා
දැන් පාතාලේ අය ඉන්නේ සහ ලඟින් ඇසුරු කරන්නේ දේශපාලුවෝ, හොර ජාවාරම් හා කුඩු කාරයන්ට අමතරව, ලොකු බිස්නස්කාරයෝ, දූෂිත නිළධාරීන්, ආගමික පැවිදි වෙස් දැරූවන් (මෑතකදී කට්ටියක් පරලොව ගියා මතකයි ) කලාකාරයෝ ... ලිස්ට් එක ඉවර නෑ... එදා වේල හම්බ කරගෙන රැකියාව කර ජීවිතයගැටගසාගන්නා හිංසකයින් හැර අනිත් හැමෝම.
නමේ හැටියට එම ව්‍යාපාරිකයා හොඳ චරිතයක් වෙන්න බෑනෙ. ඉතින් කලා කාරයින් කියන අයත් සල්ලි නිසා ඕන කුණු වලකට අත දාගන්නවා. එතකොට කුණුත් නාගෙන විනාශ වෙනවා
මනුස්සයෙක් මරණ එක හොඳ දෙයක් නෙවේ , එත් දැහැමින් සෙමින් ව්‍යාපාර කල අය නෙමෙයි නේ, ඔය වගේ අයට තියෙන්නෙ මහා ගේම්. දේශ පාලුවො, නලු නිලියොත් මේවා එක්ක එකතුයි දැන්, කර්මයට ඔක්කොම යටයි
ක්ලබ් වසන්ත වර්ථමාන ජරාජීර්ණ දේශපාලකයොන්ට නාරි මාංශ සප්ලයි කරපු කෙනෙක්. ඒ රහස් ඔහු සමග තියනවා කියලා ප්‍රසිද්ධියේ කියවනවා. දැන් තොටි එකවුන්ට් වහලා නිසා ඕනම කුණු ගොඩක් යුක්තිය එකවුන්ට් එකට බැර කරන්න පුළුවන් මේ ප්රජාතන්ත්රවාදී රටේ….
ලත් තැනම ලොප් කිව්වාලු.. විවෘත කිරීමට නැකත හැදුවේ සුමනදාසද? ගුරුන්නාන්සේද? නැත්නම් ඥාණක්කාද?
ගණිකාවෝ, නිළියෝ, ගායිකාවෝ, කලාකාරයෝ නලාකාරයෝ පටලවාගෙන වගේ...!
අපේ රටේ නිළියො, මොඩල්ස්ලා , ගායිකාවො සැලකිය යුතු ප්‍රමාණයක් සල්ලිකාරයොන්ගෙ, දේශපාලඥයන්ගෙ, අපරාධකාරයන්ගෙ සුරතලියො. දැන් අපේ රටේ කලාව සහ කළු ආර්ථිකය කියන්නේ එකට බැඳිච්ච දේවල් දෙකක්. ඔය ඔක්කෝම යූටියුබ් එක ප්‍රයෝජනයට අරන් සත්ගුනවත් දේශමාමක දානපතියෝ වෙනවා.
හාල් ඩඩ්ලියාගේ බෑණා රාජපුත්‍රයාට දැන් එකක් උඩට එන්න පුළුවන් යූටියුබ් එකේ.
දේශපාලකයකුගේ වැඩක් වෙන්නත් පුළුවන් .හොර දේශපාලුවන්ගේ බොහෝ රහස් මොහු දැන සිටියා
මේක හරි කෙලියක් නේ... ඕනේ කෙනෙක් මරාගත්තාට අපිට අවුලක් නෑ. දැන් මේක මෙක්සිකෝව වගේ. මත්ද්‍රව්‍ය කාර්ටල් අතර යුද්ධයේදී මෙක්සිකෝ ආරක්ෂක අංශ අකර්මන්‍ය වුණා වගේද? ක්ලබ් වසන්තද, වෙන කවුරුවත්ද, මිනිහෙක් ද, සතෙක් ද, කියන එක නෙමෙයි වැදගත්, නීතියට උඩින් ක්‍රියාත්මක වෙන්නේ මොකුන්ද කියලා හොයාගන්න එකයි වැදගත්... රටේ අගනුවර ආරක්ෂාව මේක නම්, යුක්තිය කා උදෙසාද? ටිරාන් අලස් ගෙන් මේ අහන්නේ? ආයෙත් කියන්නේ අපිට 88/89 ට යන්නද?
මහජන ආරක්ෂාව බල්ලට ගිහින්. ඕනේ කෙනෙකුට මහා දවල් ඇවිත් තමන් කැමති කෙනෙකුට වෙඩි තියලා යන්ට පුළුවන්. මහජනයාට තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි තබා ගැනීමට අවසර දීමට කාලය පැමිණ ඇත.
සේරම කළු කුණු නම්...!
මේකත් පියුමි හංසමාලිගෙ වැඩක් වෙන්න බැරිද.?
අලස් මහත්තයෝ, දේශබන්දු මහත්තයෝ කෝ යුක්තිය මෙහෙයුමට?
Junaid nona දන්න තරම්, මේ කියන්නෙ මෛත්‍රී ආර්යාව ගැන නෙවෙයි. තවත් ආර්යාවක් ඉන්නව කියල මේ කට්ටිය කියනවනේ, ඕව මෙිවයෙ දාල අර නැගෙනහිරින් ආපු වයස විස්සක අහිංසක කොල්ලට වෙච්ච දේ මටත් වෙයි.
ඉතින් අපිට මොකෝ? හැබැයි සමහර මාධ්‍ය, ටීවී දෙරණ කාරයෝ බ්‍රේකින් නිවුස් දාලා කිව්වා. හරියට රටේ වැදගත් කෙනෙකුට වෙඩි තියලා මරුණා වගේ.