IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.

ඊශ්‍රායලයේ විශාලතම නගර දෙක වන ජෙරුසලම සහ ටෙල් අවිව් හි අනතුරු ඇඟවීමේ නලා ඊයේ(13) රාත්‍රියේ සහ අද(14) අලුයම නාද වී තිබූ අතර ඉරානය ඊශ්‍රායලය ප්‍රදේශ කීපයකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි. ඉරානය බැලස්ටික් මිසයිල 100ක් පමණ ඊශ්‍රායලයට එල්ල කළ බවත් ඉන් බොහොමයක් බිම දැමීමට ඇමෙරිකානු හමුදාව සහාය වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

එම ප්‍රහාර මාලාවෙන් ටෙල් අවිව් සහ ජෙරුසලම නගරවල පිපිරීම් හටගත් බවත් ඉන් ඊශ්‍රායල ජාතිකයන් 2 දෙදෙනකු මියගොස් තවත් 60 ක් පමණ තුවාල ලැබූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ තත්වය බරපතළ බවත් ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

එසේම ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් විනාශ ගොඩනැගිලිවල ඊශ්‍රායල වැසියන් සිරවී සිටින බවත් ඔවුන් මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් ක්‍රියාත්මක බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

මෙම ලිපිය ලියන මොහොතේද ඊශ්‍රායලයේ අරාවා පළාතේ අනතුරු ඇඟවීමේ නලා නාද වී තිබූ අතර ඊට හේතුව වී තිබුනේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමය.

ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරමින් අනතුරු අඟවා තිබුණේ ඊශ්‍රායලයට සහාය දෙන රටවලටද ඉරානය ප්‍රහාර එල්ල කරන බවටය.

 



අදහස් (9)

ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි

රට වැසියා Saturday, 14 June 2025 12:32 PM

ඉරානය ප්‍රමුඛ කරගත් ඉස්ලාම් අන්තවාදී-ත්‍රස්තවාදය ද මෙයින් වඳ වී යනු ඇතැයි සිතමු...! ත්‍රස්ථවාදයට ගොදුරු වූ රටක් ලෙස, ලොව ඕනෑම රටක ත්‍රස්තවාදය හෙලා දකිමු! - යුදෙව්වන්ට ජය වේවා...!

:       51       46

හේරත්Saturday, 14 June 2025 05:29 PM

මේ එක්කම, ඉරානයේ න්‍යෂ්ටික කුලප්පුව ද අවසාන වෙයි වගේ...!

:       0       2

nimalSunday, 15 June 2025 03:51 AM

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ කිසිඳු පාර්ශවයකට විරුද්ධව හෝ පක්ෂව අදහස් ශ්‍රී ලංකාව සිදු නොකළ යුතුවේ. ලංකාවෙන් ඉරානයට තේ යැවීමත්, ඊශ්‍රායලයට ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීමත් සිදුවේ. සිරියාවට සිදුවූ ආකාරයටම. ඉරාන - ඊශ්‍රායල ගැටුම අවසානය Nuclear නොමැති ලෝකය සමග එක්ව කටයුතු කරන්වූ ඉරානයක් බිහිකර ගැනීම වියහැකියි...

:       1       1

randil dunuwille Saturday, 14 June 2025 12:40 PM

මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධයක් එපා. නොමිනිසුන්ට එය වැටහෙන විට... බොහෝ දේ සිදුවී හමාරය.

:       5       71

ගුණරත්න Saturday, 14 June 2025 05:51 PM

කමේනි පිස්සා එන්න කලින් ඉරානය ඊශ්‍රායලයේ මිතුරෙක්, කමෙනි ආවාම ඒ ප්‍රතිපත්තිය 180 හැරුණා.

:       11       29

පිටිගල මිලානෝ Saturday, 14 June 2025 06:22 PM

විශේෂයෙන් ආගමික අන්තවාදී සහ ත්‍රස්තවාදී ව්‍යාපාර වලට සහාය දෙන රටවල් න්‍යෂ්ටික බලය ලබාගැනීම ලෝකෙටම තර්ජනයක්. ඒත් ලෝකෙ ස්වාධීන රටක් ඇතුලට එහෙම තනිකැමැත්තට ගහන්න පුළුවන්ද? ලෝකෙ අනෙක් බලවතුන් හා ජගත් සංවිධාන මේ ගැන කියන්නෙ මොකක්ද? රටක් බිත්තියට හේත්තු කරලා, වටකරලා ගහනකොට ඔවුන්ට මරාගෙන මැරෙන්න වුණත් හිතෙන වෙලාවක් එනවා. ඊශ්‍රායලය රඟන්නේ අමෙරිකාවේ හයිය අරගෙන. ඇමෙරිකාව නැත්නම් මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. අනුන්ගේ රටක් බලෙන් අල්ලාගෙන තව චණ්ඩිකම් පානවා...

:       19       34

Pradeep Kumara Saturday, 14 June 2025 10:15 PM

යුද්ධයෙන් දිනූ කිසිවෙක් මේ මිහිමත නැත. යුද්ධය මහින් සිදුවන්නේම අහිමි වීම්ය. සියළු සතුන් අතරින් ශ්‍රේෂ්ඨයා තමන් යැයි කියා ගන්නා මිනිසාගේ සහ තිරිසන් සත්වයාගේ ඇති වෙනස කුමක්ද මේ අයුරින් එකිනෙකා මරා ගන්නවා නම්? යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැති සිවිල් වැසියන්, යුද්ධයක් යනු කුමක්දැයි කියාවත් නොදන්නා ළදරුවන් මේ ලෙසින් මරා දැමීම යුක්ති සහගතද? යුදෙව්වන් වේවා, ඉස්ලාමුන් වේවා මිනිසුන් මිනිසුන්මය, දරුවන් දරුවන්මය...

:       1       1

චන්දිම Sunday, 15 June 2025 08:32 AM

සමහරු යුදෙව්වන්ට ජය පතනවා. සමහරවිට ඔය දීලා තියෙන රස්සාවල් නිසා වෙන්නැති. ඒත් ඉරානය අපිට ඊට වඩා ගොඩක් උදව් කරලා තියෙන දැනටත් කරන රටක්. අපේ තේ හොඳ මිලකට ගන්නවා. උමා ඔය වගේ දේවල් දිගු කාලින සහන මත ලබා දෙනවා. UN එකේදී අපිට පක්ෂව බය නැතිව අත උස්සනවා. ඊශ්‍රායලය කවදාවත් එහෙම කලාද නැහැනේ. ඒ නිසා අපි මෝඩ වෙලා ඒක පාරටම ඉරානයට අරියාදු කරන්න නරකයි. අඩුම ගානේ කට පියාගෙන වත් ඉන්න දැන ගත්තොත් හොඳයි.

:       3       1

galapita milano Sunday, 15 June 2025 09:00 AM

ආගමක් අදහන්නේ නැති මිනිසුන් සමාජයක් අනෙක් අයගේ ආගමික විශ්වාස එකතුව ආගමික අන්තවාදයක් ලෙස දකිනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1347 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site