IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ආණ්ඩුව පඹගාලක පැටලිලා ‘

 (නිමල කොඩිතුවක්කු)

තමන් බලයට පත් කිරීමට උදව් කළ හාල් මාෆියාවට, එළවළු මාෆියාවට  ආණ්ඩුව යටවී සිටීම බඩු මිල මෙතරම් ඉහළ යාමට හේතුවී ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුව පඹ ගාලක පැටලී ඇති බවත් හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

බොරු පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට කිසිදු  වැඩපිළිවලක් නොමැති බවත් ඉදිරි මහමැතිවරණණයේදී ලක්ෂ 69 ජනවරම නියත වශයෙන්ම දියාරූ වි යන බවත් කිරිඇල්ල මහතා   සදහන් කළේය.

ආණ්ඩුවේ දුර්වලකමින් ප‍්‍රයෝජන ගනිමින් ශක්තිමත් විපක්ෂයක් ලෙස ගොඩ නැගිය යුතු බවත් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(22) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

 ‘‘19 වන සංශෝධනය  වෙනස් කළ යුතුයි කියලා රජය තුළ සංවාදයක් තියෙනවා. 2015 ජනාධිපතිවරණයේදී  විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කල  යුතුයි කියලා රටේ සංවාදයක් තිබුණා.  අපි ජනමත විචාරනයකින් තොරව ජනාධිපතිතුමන්ගේ බලතල පුලූවන් තරම් කප්පාදු කළා.

මේ සංශෝධනය  පාර්ලිමේන්තුවට ගෙනාපු අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට  හිටියේ මන්ත‍්‍රීවරු 45 යි. අපි මේ සංශෝධනය ගැන සාකච්ඡා කරලා  විවාද කරලා තුනෙන් දෙකකින් සම්මත කළා. සරත් වීරසේකර හැරෙන්න අපිට සියලූදෙනාම මේකට සහයෝගය ලබාදුන්නා.

මේ 19 වගේම  චන්ද්‍ර‍්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ අපි 17 වන සංශෝධනය ගෙනාව.  19 වගේම එතනදිත් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවලා  උසස් ආයතතනවලට ස්වාධීනත්වයක් ගෙනාවා.


නමුත්  මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව  බලයට පත් වුනාට පස්සේ 18 වැනි සංශෝධනය  ගෙනල්ලා මේ උසස් ආයතන සියල්ලෙම  ස්වාධිනත්වය සම්පූර්ණයෙන්ම නැති කළා.  19 මගින් යළිත් අධිකරණය, රාජය සේවා කොමිසම, පොලීසිය  ඇතුලූ ආයතන වල ස්වාධීනත්වය රැකගන්න අපිට හැකි වුණා. ඇයි මේ සංශෝධනය  අහෝසි කරන්න යළිත් උත්සාහ කරන්නේ කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

 ජනතාවට වැඩ කරන්නනම් තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා දැන් සමහරු කියනවා. දැන් එලවලූ මිල අඩු කරන්න,  ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක්  ඕනද. මේවා මේ ආණ්ඩුවේ තියෙන පරිපාලන වැරදියි.

ඇයි අද හාල් මිල වැඩි කියලා ජනතාව දැන ගත යුතුයි. පොලොන්නරුවේ හාල් මාෆියාව මේ ආණ්ඩුව බලයට පත්කරන්න  උදව් කළා. ඒ හාල් මාෆියාවට  ඕන විදියට තමයි අද වි මිල තීරණය වෙන්නේ. අපේ රජය කාලේ  වී ටොන් 40000 ක් පමණ ගබඩා කරලා තිබුනා.  වී මෝල් හිමියේ මිල වැඩි කරන්න හදනවිට අපි ඒ ගබඩා කරලා තිබූ සහල් එලියට දැම්මා.  දැන් ඒ තොග ටිකත් වී මුදලාලිලාට විකුණලා තියෙනවා.

 දඹුල්ලේත්,  නුවරඑලියේත් එලවලූ මාෆියාව  තමයි අද එළවලූ මිල පාලනය කරන්නේ. මේ එලවලූ  මාෆියාවත් මේ රජය බලයට පත්කරන්න වැඩ කලා.  ඒ නිසා මේවා පාලනය කරන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ.

අපේ දින සීයේ ආණ්්ඩුව තුළ  අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන, ගෑස් මිල  අඩු කළා, පෝෂණ මල්ලක් දුන්නා, ජනතාවට සහන දුන්නා. මන්ත‍්‍රීවරු 45 කින් අපි විශාල වැඩකොටසක් කළා.  අද මේ ආණ්ඩුව පඹ ගාලක පැටලිලා.  කොහෙනන් පටන් ගන්නද කියලා ඒ අයට තේරෙන්නේ නැහැ.

 
පාස්කු ඉරිදා ප‍්‍රහාරය විකුණමින් මේ රජය බලයට පත්වුනා.  පාස්තු ඉරිදා ප‍්‍රහාරයට අපේ‍්‍රල් මාසයට අවුරුද්දයි. අපේ ආණ්ඩුව කාළයේ මේකට  සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිවය ක‍්‍රියාත්මක කලා. දැන් මේ  ආණ්ඩුව පත්වෙලා කාවද අත්අඩංගුවට ගත්තේ කියලා අපි අහනවා. ඇයි ප‍්‍රමාද කියලා අපි අහනවා.

මේ ඉරිදා පාස්කු ප‍්‍රහාරය  නිර්මාණය කල අය මේ ප‍්‍රහාරය කලේ  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අසීරුතාවයකට පත් කිරීමටයි. ඒ නිසයි කිසිම අත්අඩංගුවට  ගැනිමක් වෙන්නෙ නැත්තේ.

 මැතිවරණ කාලයේ බෙරිහන් දුන්නා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට  සම්බන්ධ අය ඉක්මනට අධිකරනය ඉදිරියට ගේනවා කිව්වා. කෝ නඩු, කෝ පරික්ෂන  කියලා අපි අහනවා. බැදුම්කර වංචාව ගැන මැතිවරණ  කාලයේදි බෙරිහන් දුන්නා. අපේ ආණ්ඩුව කාළයේ අපි විකුණුවේ බිලියන 10 යි.  මේ බිලියන 10 අල්ලගෙන තමයි පහුගිය අවුරුදු හතරහමාරේ  කෑ ගැහුවේ. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්්ඩුව කාලයේ බිලියන 5660ක් බැදුම්කර විකුණලා තියෙනවා.
 
 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ බිලියන 5660 දුන්නේ පුද්ගලික ගණුදෙනු වලින්. ප‍්‍රසිද්ධ වෙන්දේසියේ කිසිම දෙයක්  විකුනුවේ නැහැ. අපෙන්  බිලියන 10යි. එහෙන් බිලියන 5600 යි මේක නිකං අහසයි පොළවයි වගේ.අපිට  මේ බිලියන 10 ගැන චෝදනා කරද්දි කෑ  ගහද්දි මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ විකුණන බැදුම්කර  ගැන කෝප් කමිටුවෙන්වත් මේ  ආර්ථිකය ගැන දන්න මිනිස්සුවත් කතා කළේ නැහැ. රජයට සිද්ධ වුණා මිලියන 900 ක් වියදම්  කරලා මේ තොරතුරු හොයාගන්න. දැන් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.
 
 දැන් බදු සහන දීලා රජයට වසරකට බිලියන 600ක්  අහිමි වුනා. මේ සහන ජනතාවට ලැබිලා තියෙනවද? ඇයි ප‍්‍රමාද කියලා අපි අහනවා.  ඒ බදු සහන ගැන නීත්‍යානුකූලව පියවර ගන්න පාර්ලිමේන්තුවට තාම කිසිදු පනතක් වත්  ඉදිරිපත් කරලා නැහැ.
 
මේ හඬපට පෙන්වන්නේ නැතුව දුන් පොරොන්දු ඉටු කරන්න කියලා අපි රජයට කියනවා.  පසුගිය නොවැම්බර් 16 වැනිදායින් පසු  රුපියල් 85 ට අනූවට තිබුණු හාල් මිල  අද රුපියල්  110 ට ගිහින් තියෙනවා. හැම භාණ්ඩයක්ම සියට විසිපහකින් තිහකින් වැඩි වෙලා තියෙනවා.
 
 වහාම ජනතාවට අවශ්‍ය  සහන දීලා හොඳ සිංහල අවුරුද්දක් හදන්න ඒ වාතාවරණය හදන්න කියළා අපි ආණ්ඩුවට කියනවා’’ යැයිද කිරිඇල්ල මහතා එහිදි පැවැසීය.
 
 
 



අදහස් (6)

‘ආණ්ඩුව පඹගාලක පැටලිලා ‘

lalithm Wednesday, 22 January 2020 11:11 AM

එළවලු නම් මාෆියාවක්. කොහොම වෙතත් දරුණු වැස්ස නිසා වෙච්ච දෙයක් බව පැහැදිලියි. හාල් මාෆියාව කොහොම වෙතත් රටේ හාල් හිඟයක් පෙනුනේ නැහැ. මිල ඉහළ යවපු එක මාෆියාවක් වෙන්න පුළුවන්. කල දුටු කල වල ඉහ ගන්න එක මුදලාලි ගතියනේ. හැබැයි තොග මිලයි සිල්ලර මිලයි අතර තියෙන ගසා කෑම යහපාලන කාලෙත් බැලුවේ නැහැ.

:       5       83

කමල්Tuesday, 28 January 2020 07:13 AM

විහිළු සපයන්න එපා. වසර ගණනනක් රුපියල් 64-68 ට කාපු සුදු කැකුළු සහ රතු කැකුළු හාල් අද 100. තව තව ගුණ ගායනා කර කර ඉන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 22 January 2020 02:17 PM

කොහෙද එළවලු මාෆියාවක් තියෙන්නේ අපි කීවේ නැහැනේ ක්‍රෝටන් දළු කන්න කියලා නේද? කාගේ කාලේද ක්‍රෝටන් කොලවල ගුණ කීවේ මතකද ?

:       0       105

Raveendra Wednesday, 22 January 2020 02:20 PM

හද කාලෙට ගොන්නුන්ටත් මොලේ කොලොප්පන් වෙනවා අපි නම් අහල නැහැ හැබැයි තප්පුලන බව නම් අහල තියෙනවා. විපක්ෂෙට ගියේ මොකාද , එකා ගිය දවසේ සිටම මහජනතාවගේ දුක සැප සොයා බලන්නේ දවසේ පැය 30 ක්ම.

:       2       26

Raveendra Friday, 24 January 2020 03:46 AM

අහුවෙලා තියෙන්නේ " හබකෙට " උගුලකට අහුඋනා නම් බේරෙන්නවත් තිබුනා, නමුත් හබකට අහුවූනොත් ඉතින් සියලු දෙවිදේවතාවන් වහන්සේලාගේම පිහිටම තමයි.

:       0       4

Ranjith Tuesday, 07 April 2020 11:25 AM

මහා මැතිවරණයෙන් ජයගෙන එය ලෙහාගනිමු. ජයවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site