IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


’’අපහසුතාවක් නොවන ලෙස ශ්‍රීපාද වන්දනා සමය සිදු කරන්න’’

(රංජිත් රාජපක්ෂ)              

මෙවර ශ්‍රීපාද වන්දනාවාරය මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.

ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කරමින් පැවති අනුශාසනාවේදි උන් වහන්සේ  ඒ බව පැවසුහ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ අනුශාසනා කරමින් මෙසේ පැවසූහ.

“ජනාධිපතිතුමා භූවිද්‍යාව පිලිබද දන්නා ප්‍රධාන නිළධාරින් කැදවලා ආරක්ෂක අංශයේ ලේකම්තුමා, පොලිස්පතිතුමා, දිසාපතිතුමා, හමුදාවේ ඇත්තෝ කැදවලා  මේ මහජනයාට අපහසුවක් නොවන ලෙස කටයුතු කරන්නට ඕනි කියන ඒ ක්‍රියාදාමයට මූලික වුණා.

 අපි සමග කථා කරා පසුව අපේ මල්වතු මහා විහාරයේ මහා නායක හාමුදුරුවන්වහන්සේ කාරක සංඝ සභාවත් එක්කත් ඒ ගැන කථා කරලා මේ මහජනයාගේ රැකවරණය සැලසෙන ලෙස ක්‍රියා කරන්න ඉදිරිපත් වී පිලිබදවත් අපි පුන්‍ය අනුමෝදනා කරන අතර, පිංවතුනි අපට කිසි කලක මෙවැනි අවස්ථාවන් දකින්න අහන්න නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

ලෝක උරුමයක්වන සමනළ අඩවියෙහි සමන්තකූට පර්වත මස්තකයෙහි පිහිටලා තිබෙන මේ උත්තම තැන පමණයි ලෝකයේ ශ්‍රීපාද පද්මය දකින්නට ලැබෙන තැන. ඒ තැනට මෙවරත් වන්දනාවාරය 2025-2026 වශයෙන් සදහන් කරන කාලය උදාවුණ මේ කාලය ගිහිපැවිදි දෙපක්ෂයටම මේ ස්ථානය එන්න ලැබුණේ, එසේ මෙසේ කුසලයක හේතුවක් නිසා නෙවෙයි. විෂේශ කුසලයක් සසරේ සිද්ධ කරලා තිබිච්ච නිසා කියලා හිතෙනවා.

මේ කාලයේදි මේ අපේ රටට ලොකයටම විපත් පැමිණෙන කාලයක්. විෂේශයෙන් අපේ ලංකාද්වීපයේ පළාත් 09ක් රුහුණු, මායා, පිහිටි කොටස් තුනකින් යුක්ත වී තිබෙන මේ කුඩා රාජ්‍යයේ දිස්ත්‍රික්ක වශයෙන් 25ක්ම පාලන තන්ත්‍රයෙහි සදහන් වෙලා තිබෙන ඒ තැන මේ කාලයේදි හැම විපතක්ම සිදු වෙලා හැම විපතකටම රට වැසියන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණා කියලා වාර්ථා වුණා.

ඔබ අප හැමදෙනාටම මේ ස්ථානට පැමිණෙන්නට වාසනාව උදාවුණා. ඒ වගේම මේවා දකින්න අනිත් අයටත් ඒ වාසනාව උදා වුණේ සසර පිනක විපාකයක්. මේ කාලය යුද්ධ කරන කොට අපට ලංකා රජය පවත්වන ජනාධිපතිතුමා ඇතුලු ඒ රජයෙහි වග කියන සියලුම පරිපාලනයේ නියුතු රාජ්‍ය පරිපාලනය සිද්ධ කරන ඒ දිසාපතිතුමන්ලා ලේකම්තුමන්ලා/තුමියලා ඇතුලු ඒ පිරිසක් ආරක්ෂක අංශත්, සෞඛ්‍ය, මහාමාර්ග, ජල විදුලිය සපයන පිංවතුනුත්, කරන ලද සහයෝගය සහ උදව්වමත මේ උතුම් අවස්ථාව උදා වුණා.

ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, රජයට, පක්ෂ විපක්ෂ, දේශපාලන ක්ශේත්‍රයට, පරිපාලනයට පමණක් නෙවෙයි ගිහි පැවිදි හැමදෙනාවටම මුහුණ පානන්ට සිදු වුණ ඒ දරුණු කේදවාචකය මේ පසුගිය දා සිදු වුණ වැස්සෙන්, ගංවතුරෙන් ඇති වුණ විපත වගේම නායයෑම්වලින් ඇතිවුණ විපත්, ජීවිත ගණන කොහොමත් විනාශභාවයට පත් වුණේ, දුකට පත් වෙච්ච අය, අනාත වුණ අය, ලක්ෂ සංඛ්‍යාත ජනකායක්. ඒ සීමාවත් ගණනත් කියන්නට හරි ආකාරව පුලුවන් කමක් නෑ. මහජන දේපල විනාශ වුණා, රට විනාශ වුණා, මහජනයා විනාශ වුණා, අපේ මිනිසුන්ගේ ජන ජීවිතයට ඉදිරිටත් බලපාන ආකාරයට කෘෂිකාර්මික ජීවනොපාය ආදියත්, ආහාරපාන ආදියටත් බලපාන ලෙස ඒවා සිද්ධ වුණා. ඒ හැම අංශයක්ම අඩපණ වෙන්නට සිද්ධ වෙච්ච මහා ඛේදජනක අවස්ථාවක් තමයි පහුගියදා උදාවුණේ. එක දිනක් දෙකක් තුනක් නෙවෙයි නැවත නැවත නැවත නැවත ඇති වෙමින් මේ විනාශය ඉදිරියට ගමන් කලා.

කොහොමහරි ඒවා සමනය කර ගැනිමට අපේ රටේ රජයත්, ආරක්ෂක අංශත්, පරිපාලනයත් ක්‍රියා කරලා දැන් ක්‍රමක්‍රමයෙන් එය සමනය කරගෙන එනවා. ඒ අතරේදි ගමනා ගමන පහසුකම් නැති වෙනවා.  ඒ සියලුම පහසුකම්, සෞඛ්‍ය පහසුකම් හීන වෙනවා. ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට බලපාන දේ නැති වෙනවා.

ඒ සියල්ලම නැවත හරි ගස්සමින් කටයුතු කරන අතරේ, මේ ශ්‍රීපාදස්ථානය බොහෝ පුරාණයෙහි පිහිටලා තියෙන්නේ අක්‍රිය වු ගිණි කන්දක් තමයි මේ ශ්‍රී පාදස්ථානය. ඒ අගස්ති තියන ඒ ඊශ්වරයාගේ කාලයේ ඉදලා පවතින ශ්‍රී පාදස්ථානය මේක මුදුනටම ගස් පර්වතයක් තමයි පහළ ඉදලම යෙදිලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ පර්වතයට කුණු කසළ ඒවා මේවා එකතු වෙනකොට කාලෙන් කාලෙට තැන් තැන්වල පස් කුට්ටි එහෙම නැත්තම් පස් කදු එකතු වෙනවා. ඒ එකතු වෙන ඒවා වැසි කාලයට සහ අවාර කාලයට නැවත හෝදගෙන එනවා. ගස් කොලන් පැල වුණාම එහි බරටත්, ජලය එකතු වුණාම ඒ ඉදිමෙන වේගයටත් ගල මත රැදිලා තියන පස් කදු අවාර කාලයට පමණක් පහළට වීසි වෙනවා. එහෙම නැත්නම් පහළට වැටෙනවා. ඒක එදා ඉදලා සිද්ධ වෙන දෙයක්.‘

පසුගියදා මහගිරිදඹ ප්‍රදේශයේ පස් කනද් කඩා වැටීමෙන් පසු එම ස්ථානය පොලිස් නිළධාරින් සහ යුධ හමුදා නිළධාරින් සුද්ධ කිරිමෙන් අනතුරුව එවකට ශ්‍රි පාදය වන්දනා කල වන්දනාකරුවන්ට මහගිරිදඹ ප්‍ර දේශය කරුණා කිරිම සදහා ඉදි කර තිබූ යකඩ පාලමක් සහ එම යකඩ පාලමට සවි කර තිබු ආරක්ෂිත දම්වැළක්ද මතු වී ඇත.



අදහස් (0)

’’අපහසුතාවක් නොවන ලෙස ශ්‍රීපාද වන්දනා සමය සිදු කරන්න’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site