IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ප්‍රවේශපත්වලින් වෙසක් නිර්මාණයක්


 
සුමතිපාල දියගහගේ   
 
ඉවත දමන දුම්රිය ප්‍රවේශපත්වලින් නිර්මාණය කරන ලද ගල්කණු හතරක් සහිත චෛත්‍යයක ආකෘතියක් වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ප්‍රදර්ශනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු පියවර ගෙන තිබේ.
 
අඩි හතරයි අඟල් හයක් පමන උස  චෛත්‍යය සහ ගල් කණු හතර නිර්මාණය කිරීමට ඉවත දමන ලද දුම්රිය ප්‍රවේශපත් හැට පන් දහසක් යොදා ගත් බව මෙම  නිර්මානය ඉදිරිපත් කරන ලද ජී ඩබ්ලිව් ප්‍රසන්න ද සිල්වා පැවසීය.
 
 ‘මම කුඩා කාලයේ සිටම කලාවට ලැදියි. ඒ නිසා විටින් විට විවිධ නිර්මාණ ඉදිරිපත් කළා. මෙම චෛත්‍යය සහිත ගල්කණු හතර සහ අට පට්ටම් කූඩු හතරක්ද නිර්මානය කළා. මෙම චෛත්‍ය සකස් කිරීමට මට මාස හයක පමන කාලයක් ගතවුණා. විවේකය තියන වෙලාව මේ සඳහා යොදා ගත්තා.

ගාල්ල හා අවට දුම්රිය ස්ථානවලින් ඉවත දමන දුම්රිය ප්‍රවේශපත් එකතු කර ගෙන නිර්මාණය කළා. මගේ පුතාත් මේ නිර්මාණය සකස් කිරිමේදී උදව්කළා.ඒ  වගේම ගාල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය මේ සදහා මට සහාය දුන්නා.‘යැයි ප්‍රසන්න ද සිල්වා පැවසිය. 

 



අදහස් (3)

දුම්රිය ප්‍රවේශපත්වලින් වෙසක් නිර්මාණයක්

rama Monday, 30 April 2018 11:11 AM

අනේ පින්තූරයක් වත් දන්න එපැය.

:       4       267

Udarath Tuesday, 01 May 2018 09:12 AM

මමත් හැදුවා වෙසක් කුඩු දෙකක් ...

:       38       16

Senarath Wednesday, 02 May 2018 08:24 AM

ඉතාම හොඳ නිර්මාණයක්. මුදල් වියදම් වීමකුත් නැහැ.

:       63       38

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31337 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13558 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site