IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පිළිකාවට ඉසිවරයෙක් පාරම්පරික වෛද්‍ය සිසිර ගමගේ

 

 

  • අත පය කපන්න නියම කළ රෝගීන් පවා අපි සුව කළා
  • ශරීරයේ යම් ගැටලුවක් දිගු කාලයක් තියෙනවානම් සැලකිලිමත් වෙන්න
  • අප ගන්නා ආහාර පිළිකා හැදීමට උපකාර වෙනවා
  • නිතර හැදෙන මූත්‍ර අඩස්සිය - හිසේ කැක්කුම 
  • ගර්භාෂයේ ගැටලු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න 
  • මුලින්ම හඳුනාගත්තොත් සුව කරන්න පුළුවන් 

 

 

අප කාටත් උපතේ සිට මරණය දක්වා විවිධ රෝග ආබාධවලට මුහුණ දීමට සිදුවේ. මිල මුදල් කොපමණ තිබුණත්, ශිල්ප සම්පත් කොතරම් ලැබුණත් නිරෝගීකම නොතිබුනොත් ඒ කිසිම දෙයකින් ඵලක් නොවේ. යම් හෙයකින් දරුණු රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් ඔබ කොයි තරම් අසරණ වෙයිද?. මානසිකව කොපමණ අපහසුතාවට මුහුණ දීමට සිදු වෙයිද?.


ජීවිතය පුරා යම් යම් රෝගවලට මුහුණ දීම සාමාන්‍ය ස්වභාවය වුණත් පිළිකාවක් වැනි රෝගයකට ගොදුරු වීමට සිදුවුනොත් කොතරම් අවාසනාවන්ත කමක්ද?. එවන් රෝගියෙකුගේ තත්ත්වය පිළිබඳ වචනයෙන් පැහැදිලි කළ නොහැකිය. එවන් අසරණ රෝගියෙකු සම්පූර්ණ සුවය ලැබුවොත් එහි සතුට කෙසේද යන්න විස්තර කිරීමට නොහැකිය. එවන් කෙනෙකුගේ හඬට පසුගිය දිනෙක අපට සවන් දීමට අවස්ථාව උදාවිය.


මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අවුරුදු කීපයකට උඩදී පිළිකා රෝගයට ගොදුරු වුණා. වෛද්‍යවරු කිව්වේ ශරීරයේ බොහෝ ස්ථානවලට පැතිරිලා කියලා. වසර කීපයක් ප්‍රතිකාර කළා ඒත් සුවයක් ලැබුනේ නෑ. වෛද්‍යවරු අන්තිමට කිව්වේ සුව කරන්න අමාරුයි බෙහෙත් විදින එක විතරයි කරන්න පුළුවන් කියලා. 


අපේ පවුලම හරිම අසරණ වුණා. මේ අතරතුර තමයි තිස්සමහාරාමේ සිසිර ගමගේ වෙද මහත්තය ගැන අහන්න ලැබුණේ. වෙද මහත්තය පරික්ෂා කරල කිව්වා බෙහෙත් විදින්න එපා සම්පූර්ණයෙන් සුව කරල දෙන්නම් කියලා. මාස හයක් ගියේ නෑ දැන් මට සම්පූර්ණ සුවයි. මාව බලපු වෛද්‍යතුමිය මාව පරික්ෂා කරල කිව්වා ඇඟේ කිසිම රෝගයක් නෑ කියලා. ඒ අයත් හරියට පුදුම වුණා. සිසිර ගමගේ වෙද මහත්තයා ඇත්තටම දෙවියෙක්.


ඒ පිළිකා රෝගයෙන් සුව වූ එක් රෝගියකු පමණයි. මෙවන් සුව වූ රෝගීන් බොහෝ දෙනෙකුගේ කතා අපිට අහන්න ලැබුණා. මරණයත් සමඟ පොරබදින පිළිකා රෝගීන් දහස් ගණනකට සම්පූර්ණ සුවය ලබා දී ඇති මේ ඉසිවරයා පාරම්පරික වෛද්‍ය සිසිර ගමගේය. පාරම්පරික සර්ප විෂ වෛද්‍ය සාමවිනිසුරු ගුණසේකර මහතා ඔහුගේ පියායි. තම පියා වසර ගණනාවක් කළ අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස පිළිකා ඖෂධ සහ ප්‍රතිකාර සිසිර ගමගේ මහතාට දායාද කර තිබෙනවා.ඔහුට වසර කීපයක් තමන්ගේ අත්දැකීම් හා පියාගෙන් උරුම වූ වෛද්‍ය ශාස්ත්‍රය හරහා පිළිකා රෝගයට නිසි ප්‍රතිකාර සොයා ගැනීමට හැකි වී ඇත. අද වනවිට දිවයින පුරා රෝගීන් දිනපතා ප්‍රතිකාර සඳහා පැමිණෙන අයුරු එහිදී දැක ගැනීමට හැකියි. මේ අප වෛද්‍ය සිසිර ගමගේ මහතා සමඟ කළ සංවාදයක කෙටි සටහනකි.


පිළිකා රෝගය වර්තමානයේ බොහොම ප්‍රචලිත මාතෘකාවක් වෙලා. පුංචි දරුවාගේ සිටම මෙම රෝගයට සමාජය ගොදුරු වෙලා. පිළිකා ඇතිවීමට හේතු හැටියට විවිධ නිර්වචන තියෙනවා. බටහිර හා දේශීය වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කරනවා. මෙහිදී වැඩි දෙනාගේ මතයක් වෙලා තියෙන්නේ වර්තමානයේ ගන්නා ආහාර නිසා කියන එක. මගෙන් ප්‍රතිකාර ගන්න එන රෝගීන් 90% ක්ම ගුද, ආමාශය, ගලනාලය, සම්බන්ධ පිළිකා තිබෙන පිරිස්. එහෙම බලපුවාම ඉහතින් කියපු කාරණය නිසා පිළිකා ඇතිවෙනවා කියන එක පිළිගන්නත් වැඩි ඉඩක් තියෙනවා.


මොකද එදා අපේ සමාජය ආහාර හැටියට ගත්තේ දේහීය සහල්, ගෙවත්තේ වගාකරගත් වස විෂ නැති එළවළු, පලතුරු, කොළ ජාති. අද සම්පූර්ණයෙන්ම රසායනික බෙහෙත්වලින් හැදෙන්නේ. ජලය පවා අද විෂ සහිතයි. මෙවැනි විෂ සහිත ආහාර ගැනීම නිසා බඩවැලට හානි සිදුවෙනවා.


අපි බලමු අක්මාවේ පිළිකාවක් තියෙන කෙනෙක් ගැන. මුලින්ම ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වය තමයි පවතින්නේ. වෛද්‍යවරු තීරණය කරන්නෙත් එහෙම. බෙහෙත් නියම කරන්නෙත් ඒකට. නමුත් වසර 1 - 2 ක් ගත වුණාම අක්මාවේ ගෙඩියක් කියලා තීරණයකට එනවා. මේ තත්ත්වයට එන්න කලින් නිසි ප්‍රතිකාර නොගැනීම නිසා පිළිකාවක් බවට පත් වෙලා.


අපි රෝගයක ආරම්භයේදීම හරියට ප්‍රතිකාර ගන්න ඕනේ. බඩ දැවිල්ල, බඩ පුරවා දැමීම, තියෙනවානම් අක්මාවේ පිළිකාවකට මුල වෙන්න පුළුවන්. ඒ වගේම ගුද මාර්ගයේ පිළිකාවක්නම් මලපහ අක්‍රමවත්ව සිදුවීම, (කාලයක් පුරාවට) සමහරවිට පුංචි සන්ධියේ සිට නැත්නම් තරුණ අවදියේදී උදේ ආහාර ගත්තම කීපවරක් වැසිකිළි යනවානම් ලේ ටිකක් යනවානම් මලපහවල වර්ණය වෙනස් වෙනවානම් පිළිකා තත්ත්වයක් වන්න පුළුවන්. මේක ගණන් නෙගෙන සිටීම නිසා ශරීරයේ ඉහළට ව්‍යාප්ත වීමට ඉඩ තිබෙනවා.
බොහෝ තරුණ පිරිස් ප්‍රතිකාර ගන්න එනවා මුත්‍රා පහ කිරීම හරියට සිදු නොවන. මූත්‍ර කරද්දී විදීමක් සිදු වන්නේ නෑ. මේ තත්ත්වය වසර 10 - 15 ක් තිබෙනවානම් පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා තත්ත්වයක් වන්න පුළුවන්. මෙවැනි අයට මූත්‍ර අඩස්සිය වගේම ලේ ටිකක් මුත්‍රා සමග පිටවෙන්න පුළුවන්. බොහෝ දෙනා මුත්‍රා ගල් කියලා හිතල ප්‍රතිකාර ගන්නවා.


අනික තමයි මොළයේ පිළිකා. මේ තත්ත්වයට අවුරුදු 20 - 30 පෙර එන්න පුළුවන්. හිසේ කැක්කුම නිතර එනවා ටිකක් නිදා ගත්තම හරි යනවා. පෙනීම වෙනස්. කල්පනා ශක්තිය අඩුයි. ඇවිදිනකොට විසිවෙන ගතිය තියෙනවා. කාන්තාවන්ටනම් ඔසප්වීම වෙනස් වීම, යෝනි මාර්ගයෙන් ඉඳහිට ලේ පිටවීම වගේ ඇතිවෙනවානම් ක්ලාන්තය, කැරකිල්ල, බර අඩු වීම, ගර්භාෂයේ පිළිකාවක් වෙන්න පුළුවන්. ඒ වගේම රෑට අවදිව නින්ද නොයාම, මහන්සිය, කෑම අප්‍රිය වීම, වැනි රෝග ලක්ෂණ තියෙන අය පරික්ෂා කර ගැනීම ඉතාම හොඳයි.
පිළිකා රෝග තත්ත්වයට පෙර ඇතිවන පුංචි පුංචි රෝග ලක්ෂණ පිළිබඳ සමාජය දැනුවත්ව හා කල්පනාකාරී වීම ඉතාම වැදගත්. මුල් අවදියේම අපි ළඟට පැමිණීමෙන් සම්පූර්ණ සුවය ලබා ගන්න පුළුවන්. අතපය කපන්න නියම කළ කුසේ දරුවා විනාශ කරන්න නියම කරපු රෝගීන් අනන්තවත් අපි සුව කරලා තියෙනවා.
වෛද්‍ය සිසිර ගමගේ මහතා පිළිකා රෝගය පිළිබඳ අදහස් ප්‍රකාශ කළේ එලෙසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රෝගීන් ආහාර පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීමද වැදගත් බවයි.


අපේ දේශීය බීජවලින් හැදෙන ආහාර ගැනීම වැදගත්. වැටකොලු, කරවිල, තුඹ වගේ දේශීය දෙළුම් යුෂ, ගොටු කොළ, මුරුංගා කොළ ගැටපොලොස් තම්බලා පානය කිරීම ඉතාම වැදගත්. මේවා නිරෝගී අයටත් ඉතාම වැදගත්.


වෛද්‍ය සිසිර ගමගේ මහතා තම ප්‍රතිකාර කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. රෝගියාගේ ශරීරයේ මතුපිට ඖෂධ ආලේප කිරිමක් මෙහිදී සිදු වෙනවා. මෙම ඖෂධ මහනුවර, සිංහරාජය, දෙනියාය වැනි තෙත් කලාපයේ වැවෙන ඒවා. රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හැම ඖෂධයක්ම තමන්ගේ පූර්ණ පරික්ෂාව මත සිදුවනවා.  සෑම දිනකම පාන්දර 3 - 4 දක්වා සූදානම් කරන බවත් පැය 2 - 3 කාලයක් පමණක් නිදා ගැනීමට සිදු වී ඇති බවත් අප සමග සඳහන් කළා. කොතරම් අපහසුතා තිබුණත් රෝගීන් සඳහා තමන් කැපවී ප්‍රතිකාර කිරීමට නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටින බව සිසිර ගමගේ වෛද්‍යතුමා පවසයි.

 

 

 

 

සටහන සහ ඡායාරූප : ශාන් බන්දු වීරසිංහ



අදහස් (0)

පිළිකාවට ඉසිවරයෙක් පාරම්පරික වෛද්‍ය සිසිර ගමගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

veda sara

පාරම්පරික හෙළ වෙදකමෙන් දරු සිහින සැබෑ කර දෙන දේශීය වෛද්‍යවරයා
2020 ජනවාරි මස 16 890 0

මවුපියන් සතු වටිනාම සම්පත දරුවන් ය.


රූසපුව නැති කරන පොතු කබර-සුදු කබර නිට්ටාවට සුව කරන්න පුළුවන්
2020 ජනවාරි මස 16 12704 0

පැහැපත් සුවපත් සමක් ඔබට හිමි නම් කොතරම් සතුටක් වේවිද?


පිළිකාවට ඉසිවරයෙක් පාරම්පරික වෛද්‍ය සිසිර ගමගේ
2020 ජනවාරි මස 16 1815 0

අප කාටත් උපතේ සිට මරණය දක්වා විවිධ රෝග ආබාධවලට මුහුණ දීමට සිදුවේ


පිළිකාවට රහස් බෙහෙත් අපි ළඟ තියෙනවා
2020 ජනවාරි මස 16 4705 0

පිළිකා, අංශභාගය, ආතරයිටීස් වැනි රෝග අද සමාජයේ බහුලව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site