IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ


 

 

එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ "ජේලර් උන්නැහේ" නාට්‍යයේ සිට ලාංකීය වේදිකාව මත දිගහැරුණු සාර්ථක නාට්‍ය ගණනාවක්ම ඔහු රට වටේ යමින් සංවිධානය කළේය. එහෙත් ඔහු මේ වන විට සාහිත්‍ය කෘති 13ක් රචනා කළ ලේඛකයකු බව දන්නෝ දනිති.එඩ්වඩ්ගේ නවතම කෘතිය 'කරළියේ රසමුසු මතක 'නමින් පසුගියදා එළිදුටුවේය.
මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍යමය කතාබහ ඔහු සමගය.

*ඔබට නාට්‍ය කලාවට මුලින්ම ඇල්මක් ඇතිවෙන්නේ මොන කාලයේද?

1968  වගේ කාලයේදී තමයි මුලින්ම මට නාට්‍ය කලාවට ඇල්මක් ඇති වුණේ.ඒ ආසාව නිසාම ලයනල් වෙන්ට්ඩ්  රංග ශිල්ප ශාලිකාවට මම රංගනය ඉගෙන ගැනීමට බැඳුණා.ඒ කාලේ තිබූ සාර්ථකම නාට්‍ය රංග ආයතනය වූයේ එයයි.මා එහි ඩිප්ලෝමාව හැදෑරුවා.ඉන්පසු  1972 දී රජයේ සේවයට එකතුවීම හරහා පූර්ණ කාලීනව නාට්‍ය කලාව යොමු වීමට නොහැකි වුණත් දිගටම මා නාට්‍ය බැලුවා.මා ආර්.ආර් සමරකෝන් නැමති ප්‍රවීණ නාට්‍යකරුවා සමග එකතු වන්නේ ඔහුගේ ජේලර් උන්නැහේ නාට්‍ය හරහායි.ඉන්පසු  විශේෂත්වය වන්නේ සමරකෝන්ගේ  කැලණි පාලමයි.කැලණි පාලම හාස්‍ය නාට්‍යයක් වුණාට  සමරකෝන් මහතා කිසිම විටෙක හාස්‍ය පැකට් කරලා විකුණන්න කැමති වුණු නාට්‍යකරුවෙක් නෙවෙයි.කැලණි පාලමෙන් පසුව ඔහුට වුවමනා වූයේ සීරියස් නාට්‍යයක් නිර්මාණය කිරීමටයි. මාත් එයට සම්බන්ධ කර ගැනීම මට සතුටක් වුණා.

 

නිෂ්පාදන කළමනාකරුවා යන භූමිකාව බොහෝ අය දන්නේ නැහැ.ඒ පිළිබඳව හැඳින්වීමක් කරන්න පුළුවන්ද?

නිෂ්පාදන කළමනාකරණය කියන විෂය නාට්‍ය ක්ෂේත්‍රයේ නොතිබුණු කාලයක තමයි මම මේ ක්ෂේත්‍රයට අත ගහන්නේ.නාට්‍යයේ තිබෙන මුදල් ටික නිසි පරිදි වියදම් කරලා කළමනාකරණය කරන්නේ නාට්‍ය නිෂ්පාදන  කළමනාකරුවායි.අතීතයේ සිටී සරච්චන්ද්‍ර ඇතුළු බොහෝ නාට්‍යකරුවන් නාට්‍යයේ බරත් තමන්ගේ පැත්තට ගෙන නිර්මාණකරණයේ නියැලුණා.මම නිෂ්පාදන කළමනාකාර ධුරය භාරගත්තාම නිර්මාණකරුවන්ට නිදහසේ තම නිර්මාණය කරගෙන යෑමට හැකි වුණා.ජේලර් උන්නැහේ නාට්‍යත් රට වටා ගෙන යෑමට ඒ කාලේ අපිට හැකි වුණා.ඒ සාර්ථකත්වයත් එක්ක ඊ. එම් ඩී උපාලි, සෝමරත්න දිසානායක, අශෝක හඳගම, කේ,බී හේරත්, ප්‍රසන්න විතානගේ, සුනන්ද මහේන්ද්‍ර, නිමල් ඒකනායක වගේ නාට්‍යකරුවන් තමන්ගේ නාට්‍ය වල නිෂ්පාදන කළමනාකාර ධූරය මට පැවරුවේ මාව විශ්වාස කළ නිසයි.

 

*ඔබ ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ කොහොමද?

ග්‍රන්ථකරණයට මං පිවිසෙන්නේ මට අවුරුදු 60  සම්පූර්ණ වුණාට පසුවයි. ඒ කියන්නේ රජයේ සේවයෙන් මම විශ්‍රාම ගියාට පස්සේ ඉන්පසු මම අවුරුදු නමයක් එක දිගට ලංකාවේ ජාතික පුවත්පතකට සිනා කතා කියලා තීරුලිපි එකතුවක් කළා.එහි කතුවරයා වු සුනිල් මිහිඳුකුල මහතා තමයි මට මේ කතා ටික පොතක් විදිහට කරමු කියන යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ. ඉන් පසුව සිනා සයුර නමින් මම හාස්‍ය උත්පාදක කෘති පෙළක්ම ඉන් පසුව නිර්මාණය  කළා. ඉන්පසු  ආර්.ආර් සමරකෝන් මහතාගේ ජීවිත කතාව රසාලිප්ත  රඟමඩලක උරුමක්කාරයා යන නමින් මම රචනා කළා.කරළියේ රස මුසු මතක කියන්නේ මම නාට්‍ය කලාව අදාළව නිර්මාණය කළ පළමු කෘතියයි.දැනට මම පොත් 13ක් රචනා කර තිබෙනවා.

 

*ඔබ නාට්‍ය කලාවේ දීර්ඝකාලීන අත්දැකීම් ඇත්තෙක්.ඒ අත්දැකීම් තවත් පරම්පරාවකට කියවන්න දෙන්න ඔබට වුවමනා වුණාද?

නාට්‍ය ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් මම වින්ද දේවල් අපමණයි.1968 සිට1986 දක්වා නාට්‍ය ජීවිතයේ මගේ අත්දැකීම් තමයි මේ කෘතිය තිබෙන්නේ.මගේ අත්දැකීම් දශක දෙකකට සීමා කරන්න  වුණේ  පොතේ මිල ගැන සලකලායි. නාට්‍ය කලාවේ සැඟවුණු ගැටලු, නාට්‍යකරණය ඉදිරියට ආපු හැටි මේ හැමදේම මගේ කෘතියෙන් දැක බලා ගැනීමට පුළුවන්.

 

*සාහිත්‍ය  ඇතුළේ නාට්‍ය සාහිත්‍ය කෘතිවලට තැනක් තිබෙනවද?

නාට්‍ය පිටපතක් නිර්මාණය  වෙද්දි ඒ පිටපත සාහිත්‍යමය වශයෙන්  අනුකූල නම් එය පොතක් බවට පත්වුණාම අලෙවි කිරීම අපට අමාරු වෙන්නෙ නැහැ.සමරකෝන්ගේ නාට්‍ය ටික ගත්තත් ඒවා සියල්ලම සාහිත්‍යමය කෘති විදියටත් අපිට රස විඳින්න පුළුවන් නිර්මාණ .

 

*එදා නාට්‍ය කලාවේ තිබුණු ස්වර්ණමය යුගය අද අවසන් වෙලා නේද?

ඒ ගැන හිතේ කනගාටුවක් තිබෙනවා.ඒකට හේතු කාරණා ගණනාවක් බලපා තිබෙනවා.ඒ හේතු කොහොම වෙතත් අපි නාට්‍ය කලාව තව ඉදිරියට ගෙන යා යුතුයි

 



අදහස් (0)

සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 518 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17195 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 692 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site