IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


විද්‍යුත් කෘතිවලට වඩා මුද්‍රිත පොත් තාම ජනප්‍රිය යි

 

 

කණේරු මල් නවකතාවෙන් සිය සාහිත්‍ය ගමනට මුලපුරන ප්‍රරාක්‍රම ඒකනායක ඉන්පසු විවිධ වර්ගයේ සාහිත්‍ය කෘති කීපයක්ම පාඨකයාට දායාද ක⁣ළේය.ඒ නිර්මාණ අතර ආදරය විතරක්ම ඇති,ටිකිරි ලියා තරු මැද්දේ ගියා,හතර දෙනෙක් කුමාරවරු,සංදෘෂ්ඨක විද්‍යුත් නවකතාව ආදී නව කතා මෙන්ම හෘද සාක්ෂිය තීරු ලිපි සංග්‍රහය ද පරාගේ කෙටිකතා නම් කෙටිකතා සංග්‍රහය ද වෙයි.ඊට අමතරව ඔබ හිටියාට මා තනියම නමින් අලුත්ම කාව්‍ය සංග්‍රහය තුළින් ද කවියකු ලෙස ඔහු අපට මෙම සාහිත්‍ය මාසයේදී  මුණ ගැසිණි.මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකය සමග   සංවාද ගත වන්නේ පරාක්‍රම ඒකනායකයි.
 

*ඔබේ අලුත්ම කාව්‍ය සංග්‍රහය "ඔබ හිටියාට මං තනියම"නමින් එළිදැක තිබෙනවා.අපි එතනින් කතා බහට ප්‍රවේශ වෙමු.

අවුරුදු 20 ක ඉදන් මම පොඩියට කුරුටුගාමීන් එන කවි ටිකක් තමයි කාව්‍ය ග්‍රන්ථයක් විදියට එළිදැක්වූයේ.මම කවියෙක් නොවන නිසා මේක මගේ අන්තිම කවි පොත වේවිද කියලා මම දන්නෙත් නැහැ.මා රචනා කළ කවි සුදත් ගාමිණී බණ්ඩාර ලවා සංස්කරණය කර තමයි ආලවන්ත කාව්‍ය සංග්‍රහයක් විදියට පාඨකයාට ඉදිරිපත් කළේ.මේ පොතේ වැඩිපුර තියෙන්නේ ප්‍රේමය ගැන.විරහව ගැන.පාඨකයාට උඩින් කියවලා නතර වෙන්න බැරි විදියට ලියන්න මම උත්සාහ කළා.විවිධ කවි ආකෘතීන් අතරේ මගේම ක්‍රමවේදයක් නිර්මාණය කරගන්න මම උත්සාහ කළා.

 

*කවියට යොමු වෙන බහුතරයක් ම ප්‍රේමය,ප්‍රේමයේ බිඳ වැටීම්,විරහව වගේ තේමා වැඩිපුර ඉස්මතු කිරීමට උත්සාහ ගන්නා බව පේනවා. වෙන සාහිත්‍ය ශානරවලට යොමුවෙනවාට වඩා කවි ලියන එක ලේසීද?

ඒ කාලයේ ජන කවිය ගත්තත් ප්‍රේමය විරහව තිබෙනවා.ඒ කවිවලින් අපට උගන්වන දේවල් ටිකක් තියෙනවා.මට හිතෙන්නේ නිර්මාණකරුවකුට සමීපතම මාධ්‍ය කවිය.නවකතාවක් ලියන්න සෑහේන කාලයක් ගතවෙනවා වගේම ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා.කවියක් ලියන්න එහෙම ලොකු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ.අවශ්‍ය වන්නේ නිර්මාණ ශක්තිය කෙටි කාලයකින් හසුරුවා ගැනීම.කවියක් යම් රිදම් එකකින් එකපාර ලියාගෙන යන්න පුළුවන් .සමහර කවි කියලා හිතාගෙන ලියන ඒවා කවි නෙවෙයි පාඨ.සමහර අයගේ කවි කවි නෙවෙයි කියලා චෝදනාවකුත් තියෙනවා.සමහර විටක මටත් කවියෙක් විදියට පිළිගැනීමක් නැතිවෙන්න පුළුවන් .මං හිතන්නේ අදහසක් ප්‍රකාශ කරන්න ලේසීම විදිය කවිය.ඒත් ඉස්සර වගේ මිනිස්සුන්ට තමන්ගේ හැගීම් ප්‍රකාශ කිරීමට බැරි තත්වයක් උදාවී තිබෙනවා.

 

*පොත්වලට කවි ලියන කවියෝ හා මුහුණුපොතේ කවියෝ කියන්නේ දෙවර්ගයක්ද?

පැහැදිලිවම දෙවර්ගයක්.සමාජ මාධ්‍යයේ හැමෝටම කවි ලියන්න පුළුවන් .සමහරු සමාජ මාධ්‍යයේ අනුන්ගේ කවි තමන්ගේ වගේත් දාන අය ඉන්නවා.පොතක් වෙනුවෙන් කවි ලියනවා කියන්නේ හැදෑරීමත් එක්ක කරන්න ඕන දෙයක්.එතනදී පාඨකයාට පොත ගෙන එන්න කලින් හොදම දේ පෙරළා ගන්න කවියාට පුළුවන් .සමහර වෙලාවට සමාජ මාධ්‍යයේ ලියන කවි පොත්වල කවිවලට වඩා ජනප්‍රියයි.සමහර කවියන් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වුණත් ඊට කලින් ඒ අය පොත් විදියට පොත් පළ කරපු අය.සමාජ මාධ්‍යයේ ලියන එක ගැන විවිධ අයගේ විවිධ අදහස් තියෙනවා.මම FB එකේ ලියන්නේ සමහර වෙලාවට  බස් එකේ යන එන ගමන්.කොලයක් පෑනක් අතේ නැතිවුණාම.හැබැයි ඊට පස්සේ මං ඒවා පොතකට පාවිචිචි කළොත් නැවත සංස්කරණය කිරීමක් කරනවා.මුලින්ම මේ කවි පොතෙත් කවි 60 ක් තිබුණා .එතනින් 10 ක් පොත පළ කරද්දී අයින් කළා.

 

* නිර්මාණකරුවෝ තමයි කෘතියක අවසන් තීරකයා වන්නේ.තමන්ගේ කෘතියේ අන්තර්ගතයට වග කියන්නෙත් ඔහුයි.එහෙත් ඔබේ කෘතියට සංස්කාරවරයෙක් භාවිත කරනවා.ඊට විශේෂ හේතුවක් තියෙනවද?

ගොඩාක් වෙලාවට හොද නිර්මාණයක් බිහිකිරීම ගැන අවධානය තියෙන අය ඒ ගැන හිතනවා.මා කලින් පළ කළ සංදෘෂ්ඨක නවකතාවත් සුමුදු චතුරානී  සංස්කරණය කළා.අපි ලියන කොට අපේ හැගීම් ඔක්කොම ලියනවා.සමහර විට ඒ ලිවීම් ඇතුළේ අපි පටලවා ගන්න දේවල් තියෙන්න පුළුවන් .ලෝකයේ සාමාන්‍යයෙන් පොතක් පළ කරන්නේ සංස්කාරකවරයා  සංස්කරණය කළාට පස්සේ .තමන්ට තමන් අවංක වීමයි මෙතනදී වැදගත්ම දේ.මම ලියපු දෙයක් සර්ව සම්පූර්ණයි කියලා මම කවදාවත් හිතන්නේ නැහැ.සමහර විට අපි ලියපු දේ වෙන කෝණයකින් බලද්දී වෙන අර්ථයක් මතු කරගන්න පුළුවන් .මගේ ලියැවිලි අතරෙත් රිදම් එක කැඩුණු තැන් තියෙන්න පුළුවන් නිසා මම සංස්කාරකවරයෙක් භාවිත කළා.  ඒ වගේම ලේඛකයාට ලේඛකයා ලියපු දේවල්වල වැරැදි පේන්නේ නැහැ.අනික අපි තේරුම් ගත යුතු දේ තමයි සංස්කරණය කියන්නේ ලේඛකයා ලියපු දෙයක් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම නෙවේ.කෘතියේ සාධනීය ලක්ෂණ මතුකරගැනීමයි වැදගත්ම දේ. 

 

*ඔබ පුවත්පත් මාධ්‍යකරුවෙක් වගේම විද්‍යුත් මාධ්‍ය කරුවෙක්.මේ මාධ්‍ය දෙකම අදවන විට ඩිජිටල් මාධ්‍ය නිසා අභියෝගයට ලක්වෙලාද?

සමහරු එහෙම කියනවා.මේ හැම මාධ්‍යයකදීම සිදු කෙරෙන්නේ හැගීම් එක්ක ගනුදෙනුවක්.ඩිජිටල් මාධ්‍ය ගැන සමහරු බිල්ලෙක් මවලා තියෙන්නේ .පුවත්පත කියැවීම වගේම ටෙලිවිෂන් නැරැඹීම කියන්නේ දෙකක්.පොතක් කියවලා ලබන හැගීම pdF ,කියවලා ලබන්න බැහැ.අපේ ඔළුව විසින්ම අපට සන්නිවේදනය කරනවා ඩිජිටල් තිරය පොඩියි කියන එක.තාක්ෂණය අපේ හැම දේම අද පටු කරලා තියෙන්නේ.

 

*ඔබේ එක කෘතියක් E - Book එකක් විදියට පළ කරලා තිබෙනවා.E - Book වලට ලංකාවේ මාර්කට් එකක් තියෙනවද?

මගේ නවකතාවක් විද්‍යුත් කෘතියක් බවට පත් කිරීමට සිද්ධ වුණේ පසුගිය කාලේ තිබුණු මුද්‍රණ අර්බුදය නිසා.පහුගිය කාලේ තිබුණු කඩදාසී ප්‍රශ්න එක්ක ප්‍රකාශකයාම තමයි මට ඒ යෝජනාව කළේ.ඒත් මං හිතන්නේ ඒක හිතන තරම් සාර්ථකත්වයක් උදාකරගත්තේ නැහැ.අපේ ගොඩාක් පාඨකයෝ දැනට පුරුදු වෙලා ඉන්නේ කඩදාසී සුවඳ එක්ක කෘතියක් රසවිදින්න.ඒත් දැනට E Book වල තියෙන තත්වය අනාගතයේදී වෙනස් වෙයි.අපි තවමත් පොත් පත්තරවලට තමයි හුරුවෙලා ඉන්නේ.ඒවා කවදාවත් නැතිවෙන්නේ නැහැ.විද්‍යුත් කෘති තව දුරටත් ප්‍රචලිත නොවෙන්න හේතුවක් තමයි අනතර්ජාල පහසුකම් නොමිලේ නොලැබීම.විද්‍යුත් කෘතියකට වඩා මුද්‍රිත පොත තවම ජනප්‍රියයි.

 



අදහස් (0)

විද්‍යුත් කෘතිවලට වඩා මුද්‍රිත පොත් තාම ජනප්‍රිය යි

ඔබේ අදහස් එවන්න

 

 
 

තුරුණු මඬල

සම්මානය යකඩ ගොඩක් වුණත් ඇගයීම වටිනවා
2025 පෙබරවාරි මස 18 69 0

ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ’’මංගල වීදිය’’ පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළ


තාක්ෂණයට වහල් වුණොත් පරිකල්පනය මොට වෙනවා
2025 ජනවාරි මස 28 75 0

වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.


අද බොහෝ ගීත බිහිවන්නේ රචකයාගේ මූල්‍ය අනුග්‍රහයෙන්
2025 ජනවාරි මස 21 85 0

වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු


අද පළවන කවි නැවත සංස්කරණය විය යුතුයි
2025 ජනවාරි මස 14 46 0

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා


ලේඛිකාවක වීම හීනයක් සැබෑවීමක්
2024 දෙසැම්බර් මස 31 83 0

සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු


පිටරට බල්ලොත් උපාධි ගන්නවා - දිශනී වීරරත්න
2024 දෙසැම්බර් මස 24 139 0

කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙ⁣ලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 366 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1123 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site