IMG-LOGO

කියවීම - ලිවීම ජීවිතයට ඔසුවක්

තුරුණු මඬල - 3

 

 

 

ඇය පළමුව පෙම් බදින්නේ කවියටය.දෙවනුව ඇය නවකතාව තෝරා ගන්නීය. මේ මාධ්‍යයන් දෙකටම ඇය සිය උපරිම සාධාරණය ඉෂ්ට කළ බව ඇයගේ නිර්මාණ කිහිපය අපට සාක්ෂි සපයයි.නවකතාවේදී ඇය වෙනස් ඉසව්වකට පාඨකයා කැඳවන්නේ බොහෝ අය අත නොගසන අබිරහස් කතා ශානරයට මුලින්ම  යොමු වෙමිනි. තෙවනුව ජපානය පදනම් කරගත් කතාවක් අපට ගෙන එමින් ජපානය අපේ දෑස් ඉදිරිපිට තබන්නට සමත් වන්නීය.මේ නිර්මාණ සියල්ලම පාඨකයා වැළඳ ගැනීමෙන් අපට පැහැදිලි වන්නේ නිර්මාණවේදිනියක් ලෙස ඇය සිය පාඨකයාට දක්වා තිබෙන උපරිම  සාධාරණත්වයයි.

සාහිත්‍යකරණයේ ක්‍රියාකාරී භූමිකාවක් උසුලන ඇය එක් අතකින් පවුලේ වගකීමුත් අනෙක් අතින් සාහිත්‍ය භූමිකාවේ ඇගේ කොටසත් උපරිම ලෙස ඉටු කරන්නට සමත්කම් දක්වමින් සිටින්නීය. .ඇය නමින් දමයන්ති ගල්පායගේය.ලංකාදීප මතු මහල සාහිත්‍ය අතිරේකයේ තුරුණු මඬල අද වෙන්වන්නේ ඇය වෙනුවෙනි.


ඔබේ පළමු සාහිත්‍ය සේවනය විදියට කවිය තෝරා ගත්තේ ඇයි?

කවිය කියන්නෙ මට මුලින්ම ඇහෙන හඬ .ඒක හරියට ⁣හෙමින් වැටෙන වැස්සක් වගේ. ඒ තරම්ම සුන්දරයි  . අතීතයේ පටන් මිනිස්සු  තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් කර ගත්තෙ ඇත්තට ම කවිය.  කවිය ඔසුවක් කිව්වොත් නිවැරැදියි. ගොඩක් අයට විඳින්න පුළුවන් කවිය එය මමත් විඳින නිසා මට කවි පොතක් හරහා මුලින්ම මගේ ප්‍රකාශනය සමාජ ගත කරන්න ඕනෑ වුණා.

ඔබ පළමු කවි පොත නිකුත් කරලා බොහෝ කාලයක් වෙනවා.එතනින් පස්සේ නවකතාව වැනි වෙනත් මාධ්‍යයන්ට එනවා.ඒ මාධ්‍යයන් දෙකේ වෙනස ඔබ ග්‍රහණය කර ගන්නේ කොහොමද?

ඇත්තට කවිය සහ නවකතාව කියන්නෙ මාධ්‍යය දෙකක්. නවකතාවක් ලියන්න ලේසියි. ඒකට අධ්‍යයනයක් ඕනෙ.එහෙත් කවිය ඊට වඩා විසල් මාධ්‍යයක්. හොඳ කවියක් ලියැවෙන්නෙ කලාතුරකින් .
හරි පරෙස්සමින් තමයි කවි පොතක් කරන්න ඕන. ඒ නිසා මට ආයෙ කවි පොතක් කරන්න කල් ගන්න වුණා   . ඒකෙන් කියන්නෙ නවකතාවක් ලියන්න පහසුයි කියන එක නෙවෙයි. ඒක වෙනම අවබෝධයක් ඇතිව අධ්‍යයනයක් ඇතිව කළ යුත්තක් . හැබැයි අපි නවකතාවක් ලියනව .කවිය කියන්නෙ නිරායාස ලියැවීමක්.


ඔයා ලියන කතාවෙ ජපන් වචන,ජපන් සංස්කෘතිය උපරිම ලෙස භාවිත කරන බවක් පේනවා.ඔබ ඇත්තටම ජපානයේ සංස්කෘතිය විඳලා තියෙනවද?

මගෙ පළමු නවකතාව අබිරහස් කතාවක් වැන්ග්‍රා හිල්ස් /21 , මම ජපානය පසුබිම් කරගෙන ලියූ කුලාන් ඔෂිරෝ සහ සේද නවකතාව දෙවැනි නවකතාව.මම ජපානයට ගිහින් නැහැ.  මම ජපානය ගැන කියවලා තිබුණ  වගෙම එහි තොරතුරු ගොඩක්ම සොයා බලන එක සිරිතක් ව තිබුණ . මේ කතාව ලියන්න මම ජපානය පසුබිම් කරගන්නේ මගේ කතාව විසින් ඉල්ලා හිටපු පටපණුවන්ගේ ශෝකාන්තය ගැහැනියකගේ ශෝකාන්තයක් දක්වා ගෙනියන්න මට සුදුසුම රට වුණේ  ජපානයේ ශිරකවා ගෝ ගම්මානය .මේ කතාව  ලියන්න මට පහසු වුණේ නැහැ. ජපානයේ ඉන්න මගේ යාලුවෝ හරහා මම එහි සිදුවන හිම කුණාටු , භූමිකම්පා පවා ඒවා සිදුවන අවස්ථාවන්වල වීඩියෝවලින් බැලුවා .ඒ වගේම ජපානේ පරිසරය ,සංස්කෘතිය , ආහාර ජීවන රටාව වගෙම සොබාදහම වැනි බොහෝ තතු මට හොයා ගන්න පුළුවන් වුණා. ඇත්තටම කිව්වොත් පොතේ කතා නායිකාව යෙනොලිතා  එක්ක මම ජපානයේ  ජීවත් වෙනව වගෙ  මට දැනෙන්න ගත්තා .මේ කතාව ජපානයේ ජීවන රටාව එක්කාසු කරපු මගේ ප්‍රබන්ධයක් .මගේ බොහෝ කවිවලටත් ජපානයේ පසුබිම ඉවහල් වෙලා තියෙනවා.

 

කවියා ලබන අත්දැකීමක් කවියක් බවට පෙරළීමේදී  එය සාර්ථක නිර්මාණයක් වෙනවද? 
  
එහෙම කියන්න බැහැ.  අපි අත්දැකීමක්, සිදුවීමක් කවියක් බවට පත් කරන්නේ පරිකල්පනය සහ භාෂා භාවිතාව අනුව.එවිට තමයි එය සාර්ථක නිර්මාණයක් බවට පත්වෙන්නේ.

 

කාව්‍ය කේෂ්ත්‍රයේ සැරිසරන විට ප්‍රවීණ කවියන්ගේ සෙවණැල්ල තම නිර්මාණ වලට වැටීම සාධනීය දෙයක් විදියට ද සලකන්නේ.නැතිනම් නිශේධනාත්මක දෙයක් විදියටද?

කිසිසේත්ම නැහැ ප්‍රවීණ කවි කිවිඳියන් ගෙ නිර්මාණවල හෙවණැල්ල තව කෙනකුගේ නිර්මාණයකට වැටීම සාධනීය නැහැ.
ලියන කෙනකුට බොහෝ වෙලාවට ඒක නොදැනීම සිදුවන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙත් අපි කවිය යළි යළිත් කියවලා සකසද්දී ඒ හෙවණැලි ස්වරූපයෙන් අයින් විය යුතුයි. එහෙම  නොවුණොත් අපට ස්වාධීන කවියෙක් හෝ කිවිඳියක් වෙන්න බැරි වෙනවා.

 

ගජමන් නෝනාගේ සිට මොනිකා රුවන් පතිරණ දක්වාත් මෑත පරපුරේ අනුරාධා නිල්මිණි දක්වාත් කිවිඳියන්ගේ පරම්පරාවක් අපට සිටිනවා.මෙරට කවියට කිවිඳියන්ගේ දායකත්වය සතුටු විය හැකි මට්ටමක තියෙනවද?

ඔව්. මම හිතන්නේ ඇත්තටම අද ගොඩක්   හොඳ කිවිඳියන් අපිට හමුවෙනවා. ධනුෂ්කා නිෂාදි, ප්‍රගීතිකා ජයසේකර, දිනූ රාජගුරු වගෙ තව බොහෝ කිවිඳියන් අපට ඉන්නවා .හොඳ නිර්මාණත් අපට දකින්න ලැබෙනවා .එහෙත් කිවිඳියන් උඩට ඒම අඩුයි. හොඳ නිර්මාණයකටවත් හරි අගැයුමක් අද දකින්න ලැබෙන්නේ නැහැ. ඒක කිවිඳියන්ට  විතරක් නෙමෙයි කවියන්ටත් පොදුයි. නිසි ඇගයුමක් ලැබෙනවා නම් කිවිඳියන්ගේ දායකත්වය මීට වඩා  ඉහළ නැංවේවි. 


කවි කිවිඳියන්ට තිබෙන චෝදනාවක් වන්නේ අලුත් අනුභුතීන් තම නිර්මාණ වලට යොදා නොගැනීමයි.ආදරය,ඉර හඳ තරුවලින් තොරව අපට කවි ලිවිය නොහැකිද?

එහෙම චෝදනා කරන්න බැහැනේ. අද කිවිඳියෝ කොයි තරම් වෙනත් වෙනත් අනුභූතීන් ඇති කවි ලියනවද ? අපිට ආදරය ඉර හඳ තරු නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ඇත්තටම  දේශපාලනික වගෙම සෞන්දර්යාත්මක කවියක වුණත් මේ සොබාදහමේ ප්‍රධාන ඉන්ද්‍රියන් කවිය තුළ අපූර්ව ලෙස වචන බවට පත්වෙලා තියෙන්න පුළුවන්.


ඔබ නිතරම කවි පොත් දොරට වැඩීම් වලදී අපට හමුවෙනවා.මාතර වැනි දුර බැහැරක ඉඳලා කොළඹ කවි එළිදැක්වීම්වලට දුවන්නේ මේවායින් කවියන්ට අලුත් වෙන්න දැනුමක් ලැබෙන නිසාද?

එහෙමම නෙවෙයි. හැබැයි  කවි පොතක් දොරට වැඩීමේදී ඒ දේශකයන්  අනුව  කවියට ජීවිතයට වටින බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. පුද්ගලිකව මම කවි පොත් දොරට වැඩීම්වලට කොයිතරම් දුර වුණත් එන්නේ පොතක් කියන්නේ බොහොම අමාරුවෙන් කරන දෙයක්. ඒක කවි වුණත් නවකතා වුණත් මොන ශානරයක පොතක් වුණ ත් මට පුළුවන් අවස්ථාවක් නම් මං අනිවාර්යයෙන් සහභාගී වෙනවා .මොකද ඒක ලේඛකයකුට ලේඛිකාවකට විසල් සවියක් බව මං දන්නවා.අර මගේ පොතට ආවා නම් මං එයාගේ පොතට යන්න ඕන කියනවා වගේ එකකින් නෙමෙයි මම එහෙම කියන්නේ. මේ ආර්ථික දුෂ්කරතා අතරේ පුළුවන්කමක් තියෙන අයුරින් අලුත් පොතක් දොරට වඩින මොහොතක සහභාගී වෙලා පොතක් ගන්නව නම් ගොඩක් වටිනවා කියලයි මම හිතන්නේ. මේ මගේ පුද්ගලික මතය.

 

කවුරු කොහොම කිවුවත් කොරෝනා වලින් පස්සේ ප්‍රකාශන කලාව යම් හැකිළීමකට ලක් වී තිබෙන බව නොරහසක්.එය පිළිගන්නවද?කවියට එය දැනෙන්නේ කොහොමද ?

ඔව්. මේ කඩදාසි මිල ගණන් නිසා වගෙම රටේ තියෙන ආර්ථික දුෂ්කරතා එක්ක පොත් මිල ඉහළ ගිහින් තියෙනවා . මිනිස්සු අතේ සල්ලි නැහැ.ඒ නිසා ප්‍රකාශන සමාගම්වලට  ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදි  ප්‍රකාශකයා වගේම පාඨකයා ලේඛකයා පවා අසරණයි.කවියට වගේම සියලු නිර්මාණවලට මේ ආර්ථිකය කඩා වැටීම ලොකු බලපෑමක් වෙලා තියෙනවා. කවි පොත් අලෙවිය අඩු වීම  ප්‍රශ්නයක් තමයි.එහෙත් හොඳ නිර්මාණ මිනිස්සු මිලදී ගන්නවා. කොහොම හරි ඔවුන් ඒවා විඳින්න උත්සාහය ගන්න බව දකින්න පුළුවන් .

 

ඔබේ කවි පොතේ නම පායිම්පත්වරය.ඒ නමේ විශේෂත්වය පාඨකයා වැළදගත්තේ කොහොමද?

2019 තමයි මගේ පායිම්පත්වරය  කවි පොත නිකුත් වෙන්නේ. පසුගියදා මගේ කවි පොතේ දෙවැනි මුද්‍රණය නිකුත් වුණා . පොතේ නම මට සුවිශේෂයි. මගේ ජීවිතය නර්තනයත් එක්ක බැඳිලා තියෙනවා . පායිම්පත් පළන්ඳනවා කියන්නේ නර්තනයේ දි මංගල්‍යයක් , ඉතින් මගේ පළවෙනි කවි පොත මට මංගල්‍යයක්. තවමත් මගේ පොතට නො අඩුව ප්‍රතිචාර ලැබෙනවා . ඇත්තටම ඒක මට සතුටක්. මගේ පොත් කියවන හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා .කියවීම ලිවීම මට ඔසුවක් ඇත්තටම ඒක ජීවිතයේ වගේ.



අදහස් (0)

කියවීම - ලිවීම ජීවිතයට ඔසුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1756 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 665 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site