IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


වැලන්ටයින් එකට හොල්මන් මන්දිර

පසුගිය දිනවල ට්රැටක් වැසියෝ බුද්ධාලම්භන ප්රීුතියේ උපරිමයට ගිහිල්ලා. රට පුරා, නගරෙන් නගරේ, අඩියක් අඩියක් ගානේ අටවලා තිබ්බා හොල්මන් මන්දිර. ඇත්තටම හොල්මන් මන්දිරය වගේ එකක් පෝය දවසක පෙන්වීමේ අරමුණ මොකක්ද කියලා නම් මට තේරෙන්නේ නෑ. තේරෙන කෙනෙක් ඉන්නවා නම් අපිටත් කියන්න.

හොල්මන් මන්දිරය කියන සංකල්පයෙන් මට නම් ඩෝං ගාලා ඔලුවට එන්නේ යුරෝපීය රටවල ඇත්තෝ සමරන Halloween උත්සවේ. ප්රනශ්නේ තමා ඒක කොහොමද මෙහෙට ආවේ. කිතුණු උත්සවයක් වන හැලෝවීන් උත්සවේදී ඔවුන් විසින් පාවිච්චි කරන වෙස් මුහුණු, ඇඳුම් පැළඳුම් , භූත ගුහා මොන විදිහකටද අප්පේ ට්රැීක් ලන්තෙට අහු වුනේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන්නම් වෙසක් / පොසොන් උත්සව අච්චාරු වෙලා තියෙන්නේ. පහුගිය කාලේ ඕං ටීවී වල එහෙමත් පෙන්නුවා , බත් දන්සල ඉවර කරලා සංගීත ප්රචසංගයක් බැති ගී නම් මදෑ. "සුදු අසුපිට නැගලා" කියලා පටන් අරන් ඉවර කරේ "සොමියට වරෙන් පුතා අඟුල දාලා නෑ දොරේ "කියලා.. උපාසක ඇත්තෝ සළු උඩ දාලා නටන්නේ. දැන් කාලේ වන්දනා නඩ එහෙමත් මොඩිෆයි වෙලානේ තියෙන්නේ. උපාසක අම්මලා නටන්නේ සන්ග්ලාස් දාගෙන , සුදු පිරුවට ඇඳගෙන. බුකියේ ශෙයා වුන වීඩියෝ එකක තමා ඕං තිබ්බේ ඕවා. 

හොල්මන් මන්දිර වල හරි හරි දේවල්නේ ඊයේ පෙරේදා දින වල සිද්ධ උනේ. ඕං එක හොල්මන් මන්දිරේක හොල්මන් වලට ඇඳන් හිටපු උන් කසිප්පු බීලා සූර්වෙලා ඉදලා තියෙන්නේ. ඇතුල චෙක් කරලා බලද්දි බෝතල් තොගේකුත් අහුවෙලා. තවත් එකක ඇතුලේ කට්ටිය ගුටි කෙලියක්ලු. එකම විජ්ජුම්බරයයි. බැලින්නම් හොල්මන පිටින් දාලා කෙල්ලන්ගේ ඇඟ අතපත ගාලා. ඒක අහුවෙලා බලන්න ආපු උන්දැලැ හොල්මන් ටිකට හොල්මන් වෙන්නම නෙලලා.  ඔය අතරේ අත්හදාබැලීම් කරන්න ආස පොරක් හොල්මන් මන්දිරේ බලන්න ගිහින් , මිනී පෙට්ටියේ වැතිරිලා හිටපු මනුස්සයට කට්ටකින් ඇණලා බලලා. මළ මිනිය මළ මිනීකම ටොමියට දාලා අර කට්ට ඇණපු එකා පස්සේ එලවන් ගිහින් ඉතිං. හොල්මන් මන්දිරේකට ගියා නම් බය වෙලා ගෙදර එන්නේ නැතුව එක්ස්පෙරිමන්ට් කරන්න යන අයට හොඳ වැඩේ ඉතිං. ඒ අතරේ හොල්මන් මන්දිරයක් බලන්න බිරිඳ ගිහින් අනියම් පෙම්වතා එක්ක, ඔන්න ඉතින් එතන තිබ්බ මිනී පෙට්ටියේ වැතිරිලා ඉඳලා හොඳට දැකලා පුරුදු මූණක් තියන මළ මිනියක්. හොඳට සෝදිසි කරලා බැල්ලින්නම් ඒ ගෑනිගේ කසාද මිනිහාලු මළ මිනියට ඉන්නේ. තවත් හොල්මන් මන්දිරේක හොල්මනක් අවුරුදු 13 ක පාසල් ළමයෙක්ට පහර දීලා, හොල්මන ඉඳලා තියෙන්නේ වෙනම ලෝකෙක. ළමයා ඉස්පිරිතාලේ.

සමහර හොල්මන් මන්දිර පන්සල් වලට වැඩිහිටි නිවාස වලට , ළමා නිවාස වලට අධාර කිරීම නිමිත්තෙන් සිදුකරාට, බහුතර හොල්මන් මන්දිර විනෝදයම පමණක් හේතුකොටගෙන හරිම පහත් අන්දමට කාන්තා පාර්ශවයට හිරිහැරකරමින් , පොඩි පොඩි කොලු පැටව් අනවශ්යෙ විදිහට බය කරමින් , මත් පැන් ,මත් ද්රහව්ය  පාවිච්චි කරලා අනිත් මිනිස්සුන්ටත් හිරිහැර කරලා , වැරදි විදිහට සංවිධානය වෙලා තිබුනා. හොල්මන් මන්දිර වල පෙරමුණ අරන් කටයුතු කරලා තිබුනේ ගොඩක්ම ට්රැහක්ලන්තේ තරුණ ප්රුජාව වීම ඇත්තටම කණගාටුවට කරුණක්. 

හොල්මන් මන්දිර සංවිධායකන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමහර හොල්මන් මන්දිර හරිම නිර්මාණශීලී විඳිහට හදලා තිබුනා. හොඳ නැද්ද වෙසක් / පොසොන් පොහොය දිනවල නැතුව වෙනත් දියක් යොදාගෙන හොල්මන් මන්දිර තිබ්බා නම්? වැලන්ටයින් වගේ දවසට හොල්මන් මන්දිර තිබ්බා නම් හරි. එතකොට කෙල්ලට හොයා ගන්න පුලුවන් කොල්ලා ඇත්තටම ආදරෙයිද කියලා. හොල්මන "බුහ් හහ් හා.. " කියන් දුවන් එද්දි, කොල්ලා පපුව ඉස්සරහට දාලා කෙල්ල එක්ක ඉන්නවා නම් කොල්ලා ආදරෙයි, හැබැයි හොල්මන එද්දි කොල්ලා හොයාගන්නවත් නැත්තන් , කෙල්ලනේ .. ඕක හරියන් නෑ. අනේ ඇත්තට ඇයි බැරි හොල්මන් මන්දිර වැලන්ටයින් දවසට තියන්න.



අදහස් (0)

වැලන්ටයින් එකට හොල්මන් මන්දිර

ඔබේ අදහස් එවන්න

Tharunaya

වැලන්ටයින් එකට හොල්මන් මන්දිර
2024 ජුලි මස 04 445 0

පසුගිය දිනවල ට්රැටක් වැසියෝ බුද්ධාලම්භන ප්රීුතියේ උපරිමයට ගිහිල්ලා. රට පුරා, නගරෙන් නගරේ, අඩියක් අඩියක් ගානේ අටවලා තිබ්බා හොල්මන් මන්දිර. ඇත්තටම හොල්


කැමැත්තෙන් ඔබ්බට
2024 ජුනි මස 30 221 0


කිසිදා ට්‍රැක් නොපනින ට්‍රැක් ලන්තය
2024 ජුනි මස 19 621 0

ඔන්න ඉතින් ට්‍රැක්ලන්තෙට මොනා ලියන්නද කියලා කල්පනා කර කර ඉද්දි මට හිතුනා නිකමට වගේ නිවුස් සයිට්වල පත්තරවල මොකද වෙන්නේ කියලා බලන්න. ලංකාදීප පත්තරේකුත


කියවන්න කැමති අයට අලුත් App එකක්
2023 දෙසැම්බර් මස 25 5003 8

බොහෝ දෙනෙකු තවමත් පොත් කියවන්න කැමතියි. ඒත් පොත් හොයා ගන්න තමයි අමාරු.


සාපෙළින් පසු සාපයක් නොවන්නට
2023 දෙසැම්බර් මස 13 1614 1

මෙවර අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල නිකුත් වුණේ වෙනදා මෙන් නොව තරමක් ප්‍රමාදවය. එම ප්‍රතිඵල නිකුත් වන විටද විභාග ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තැබූ ඇතැම් සිසුන් වෙද


නිරෝගිමත් කෙස් කළඹකට රහස්
2023 ඔක්තෝබර් මස 03 2432 1

කෙස් කළඹ මගින් කාන්තාවකට ලබා දෙන්නේ ඉතා අගනා සුන්දරත්වයකි. මේ නිසාම සෑම කාන්තාවක්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට සිහින මවති. වර්තමානයේ කාන්තාවන් බොහෝ ද


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1787 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site