IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කියවන්න කැමති අයට අලුත් App එකක්

 

(එන්. පී. ජයවික්‍රම)

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමග මුද්‍රණ කර්මාන්තය ද අර්බුදයට ලක්ව තිබේ. ඒ අනුව මුද්‍රණ කඩදාසි, තීන්ත මිල ඉහළ යාමත් සමග පොත් මුද්‍රණ වියදම් ඉහළ යාම සිදුවිය. ඒ සමගම, පොත්වල මිල පැවති මිල මෙන් තුන්ගුණයකින් පමණ ඉහළ ගියේය.

‘‘කේබුක්ස්’’ ප්‍රකාශන ආයතනය විසින්, පොත් කියවීම සඳහා යෙදුමක්(App) හඳුන්වා දී ඇත්තේ මෙම අර්බුදයට ද විසදුමක් ලෙසය. එමෙන්ම, නව තාක්ෂණය සමග සාහිත්‍ය පොතපත එකට මුහු කිරීම ද මෙහිදී සිදුව තිබේ. KReader යෙදුම සඳහා මේවෙන විට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිව ඇත. එය දෙස් විදෙස් සම්මානයට ද පාත්‍ර වී ඇත. මේ සම්බන්ධයෙන් එහි නිර්මාතෘ හා ප්‍රධාන තාක්ෂණික නිලධාරි හෙෂාන් ජේ. පීරිස් මහතා දැක්වූ අදහස් මෙසේය.

 

පොත් මුද්‍රණ ක්ෂේත්‍රයේ පවතින අර්බුදයට KReader යෙදුම විසඳුමක් වෙන්නෙ කොහොමද?

අද වෙන විට බොහෝ දෙනෙක් කියවීමෙන් ඈත් වෙලා ඉන්නවානෙ. ඒකට හේතුව තමයි, නුතනයේ පවතින ආර්ථික අර්බුදය. 2022 අවුරුද්දේ ඉඳලා ලංකාවේ ඇතිවුණු ආර්ථික අර්බුදයත් එක්ක කඩදාසිවල මිල පස් ගුණයකින් පමණ ඉහළ යාමක් වුණා. ඒත් එක්කම අලු‍තින් මුද්‍රණය වෙන පොත්වල මිල රුපියල් 500-700 ඉඳන් රුපියල් 1500 -2000 වෙනකං වැඩි වුනා. අනෙක් අතට, මිනිස්සුන්ගේ ආදායම් මට්ටම කලින් විදිහටම තිබුණා. හැබැයි එයාලගේ වියදම් ගොඩක් වැඩිවුණා. ඒ හින්දා ඔවුන් මූලික අවශ්‍යතාවලට මුදල් වියදම් කළා. කියවීමේ කෘති මිලදී ගැනීමට වගේ දේවල්වලට වෙන්කළ කොටස ටිකෙන් ටික අඩු වුණා. මේ තත්ත්වයත් එක්ක ලංකාවේ පාඨකයින්ගේ පොත් කියවීමේ ප්‍රවණතාව ගොඩක් අඩු වුණා කියලා අපට පෙනුනා. ඒ වගේම, පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ මේ අර්බුදයට සහ පාඨකයන්ගේ ගැටලු‍වට විසඳුමක් විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය වුණේ. ඒ විතරක් නෙවෙයි, කඩදාසි ආනයනය කරන්න වගේ දේවල්වලට වියදම් වෙන මුදල යම් ප්‍රමාණයකට ඉතිරි කර ගන්න වගේම රටේ ආර්ථික සුරක්ෂිතතාවටත් මෙම යෙදුම ලොකු පිටුවහලක් සපයනවා.

 

පොතක් මිලදී ගන්නවට වඩා මෙහි ඇති වාසිය මොකක් ද?

මෙය පොතක් මිලදී අරගෙන කියවනවාට වඩා හරි ලෙහෙසියි කියා කෙනෙකුට හිතෙන ආකාරයේ යෙදුමක්. පාඨකයන්ට මාසෙකටම, සාමන්‍ය මුදලකට අසීමිතව, තියෙන පොත් ඔක්කොම වුනත් කියවන්න පුළුවන්. ඒ වගේම, කාර්යබහුල කෙනෙක්ට වුණත්, නැත්නම් කියවන්න වේලාවක් වෙන් කර ගන්න අමාරුනම් ඒ අයට Text to Speech හා Audiobook වලින් පොත අහන්නත් පුළුවන්. ඒ වගේම, පොත් ගබඩා කරගන්න රාක්ක හෝ වෙනත් විශේෂ ඉඩක් ඕනැ වෙන්නෙ නැහැ. ඒත් එක්කම, මේ යෙදුමෙන් ගොඩක් පොඩි කාලෙකදි අවශ්‍ය පොත පාඨකයන්ට හොයා ගන්න පුළුවන්. මේ නිසා පොත් හොයන්න යන කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.

 

මෙම යෙදුමට හිමි වූ සම්මානය ගැනත් අපි කියමු.

ජාතික වගේම ජාත්‍යන්තර විදිහට ලොකු පිළිගැනීමක් අද අපේ යෙදුමට මේ වෙනකොට ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම, රටක් ගෝලීය වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම් ඒ රටේ හැම අංශයක්මDigital Transformation එකකට ලක් වීම අනිවාර්ය වෙනවා. අපේ යෙදුම මේ සංකල්පය තුළ ඉදිරියෙන්ම ඉන්නවා. මේ හින්දා දේශීය වගේම ජාත්‍යන්තර වශයෙන් සම්මාන හා ජයග්‍රහණය ගොඩක් ලබා ගන්න ඉතාමත් කෙටි කාලයකදී අපිට පුළුවන් වුණා.

ලොව ප්‍රකටStanford විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන Stanford Seed Spark කියන ව්‍යාපෘතිය දකුණු ආසියාවේ රටවල් 7ක සහභාගිත්වයෙන් සංවිධානය වෙලා තිබුණා. ඒකෙදි දකුණු ආසියානු කලාපයේ අනිත් Start-ups Founders ලා 132ක් අතරින් හොඳම පස් දෙනා අතරට තේරෙන්න KReader එකට පුළුවන් වුණා. මේකෙ විශේෂම දේ තමයි අනිත් ස්ථාන 4ම ඉන්දියාවට තමයි හිමි වුණේ. නමුත් ලංකාවේ නියෝජනයක් වන අපටත් අවස්ථාව ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.

ඒ වගේම තමයි She Loves Tech කියන්නෙ ලෝකේ තියෙන විශාලතම කාන්තා නිර්මාතෘ ව්‍යාපාර සඳහා වෙන තරඟාවලියක්. මේකට ලෝකයේ ගොඩක් රටවල් අයදුම් කරලා තිබුණා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ වටයේ දෙවැනි ස්ථානය ලබා ගන්න අපේ යෙදුමට පුලු‍වන් වුණා.

ඒ වගේම තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ තාක්ෂණ අංශයේ ව්‍යවසායන්ගේ අංශයේ රන් සම්මානයකුත් ලංකාවේ හොඳම තාක්ෂණ මූලාරම්භකයන් දිරිගැන්වීම් ව්‍යාපෘතියක් වෙනSpiralation හිදී තාක්ෂණ ව්‍යාපාර 175ක් අතරින් මුල් 10 දෙනා අතරට එන්නත් අප සමත් වුණා. මේකෙදි විශේෂයෙන් ම මතක් කරන්න ඕනෑ අපේ ගමන් මග වෙනුවෙන් සහයෝගය ලබා දීපු Spiralation වැඩසටහනට වගේම ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ඒජන්සියටත් (ICTA) විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕනැ.

මේ ජයග්‍රහණ ඇතුළු බොහෝ ජයග්‍රහණ ලබා ගන්න ශක්තිය හා සහයෝගය සියලු‍ම ආයතනවලට කෘතඥ පූර්වක ස්තුතිය පුදකරන්න ඕනැ.

 

ඔබේ යෙදුමේ කොයිතරම් පොත් ප්‍රමාණයක් තියෙනවා ද?මේ සඳහා පොත් තෝරාගන්න ක්‍රමවේදයක් තියෙනව ද? තමන්ට අවශ්‍ය ඕනෑම පොතක් එහි තියෙනවද?

මෙහි දැනට කෘති 500ක් පමණ තියෙනවා. ඊට අමතරව සෑම මාසෙකම පොත් 50ත් 100ත් අතර ප්‍රමාණයක් අලු‍තින් එකතු වෙනවා.

ඒ වගේම මෙම ඇප් එකට පොතක් එකතු කරන්න ලේඛකයෙකුට ඉතාමත් පහසුයි. ඒ සඳහා සලකා බලන එකම නිර්ණායකය තමයි කෘතිය ලංකාවේ ලේඛකයකුගේ වීමත්, එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් එකකින් රචනා වී තීබීමත්. මෙහි ඇති සියලු‍ම කෘති ලංකාවේ දැනට පිළිගත් බුද්ධිමය දේපල නීතිවලට අනුව ගිවිසුම් ගතවූ ඒවා.

මේ වෙන විට KReader යෙදවුම සමඟ 1700ක පමණ පිරිසක් අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම, ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරත් තියෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවශ්‍යවෙන තොරතුරු වගේම කෘති ලබාගැනීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙනුත්, ලංකාවෙන් පිටත ඉන්න පාඨකයන්ගෙනුත්, තමන්ට අවශ්‍ය කෘතිය හොයාගන්න අමාරු අයගෙනුත් ගොඩක් යහපත් ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම කියන්නම ඕනැ දෙයක් තමයි, ලංකාවේ ගොළු බිහිරි හා අන්ධ පුද්ගලයින්ට පොත් පරිශීලනය කරන්න නිශ්චිත ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක වුනේ නැහැ. KReader තුළින් අක්ෂි ආබාධ සහිත අයට Text to Speech හා Audiobook ශ්‍රවණ ආබාධ සහිත අයට Text to Sign Language ඔස්සේ කියවීමේ පහසුකම ලබාදීමට අපි කටයුතු කරමින් ඉන්නවා. මේ තුළින් Inclusive Reading සංකල්පය ලංකාවේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ හරහා අපේ සමාජයට ලොකු මෙහෙවරක් වෙයි කියල අපි විශ්වාස කරනවා.

කියවීම විතරක් නෙවෙයි, අනෙකුත් ක්ෂේත්‍රයන්ද මෙවැනි අලු‍ත් දේවල් සමඟ ඉදිරියට ගමන් කිරීම සිදුවිය යුතුයි. ඒ තුළින් රටේ ඵලදායිකත්වය හා ගුණාත්මක බව වැඩි කරගැනීමටත් ආර්ථිකය ශක්තිමත් කරගැනීමටත් හැකියාව ලැබෙනවා. කියවීම අතින් අප අපේ පාඨකයන්ට ලබා දෙන මේ අගනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන දැනුමින් හා පරිකල්පනයෙන් පරිපූර්ණ පාඨක පිරිසක් බිහිකරවීම තමයි අපේ බලාපොරොත්තුව.

 

 



අදහස් (6)

කියවන්න කැමති අයට අලුත් App එකක්

Tissa Rajakaruna Thursday, 18 January 2024 12:57 PM

කාලය අනුව ඉතා අගනා වැඩක්. ම⁣ගෙ සුභ පැතුම්!

:       1       3

Tissa Rajakaruna Thursday, 18 January 2024 12:59 PM

ඉතා අගනා වැඩක්. සුභ පැතුම්.

:       1       2

[email protected] Thursday, 18 January 2024 10:14 PM

ඇත්තටම ඉතා හොද කර්තව්‍යක්

:       1       2

තුශාන්ත Thursday, 18 January 2024 10:15 PM

ඉතාමත්ම හොද කර්තව්‍යයක්.

:       1       3

Mnel Saturday, 27 January 2024 10:12 AM

ඉතාම වටිනා දෙයක් අපි පොත් කියෙව්වේ පිස්සෝ වගේ. මාසෙට සාමාන්‍යයෙන් පොත් හතරක් විතර මිලදී ගත්තා. දැන් බස්සෝ වගේ ඇස්.

:       1       3

Hasantha Bandara Tuesday, 27 February 2024 05:34 PM

මගේ පුතගේ වයස අවු.9යි. එයා තමන්ම හිතලා කතන්දර පොතක් ලියලා. මට ඒක චිත්‍ර ඇදලා, graphic කරලා පබ්ලිශ් කරන්න විදියක් කියන්න. එයාගේ උත්සාහය ඇගයීමට අවශ්‍යයි. උදව් කරන්න.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31075 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13213 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 33 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site