IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


1947 සිට හැමදාම ඡන්දය දුන් ගුරු මාතාව

1947 වසරේ සිට මේ දක්වා පැවති මැතිවරණ සියල්ලටම නොවරදවා ගොස් ඡන්දය දැමූ ගුරු මෑණියෙක් කටුගස්තොට පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය.   


මේ වන විට 92 හැවිරිදි වියේ පසුවන ඇය ආර්.එම්. නන්දාවතී හේරත් ගුරු මෑණියෝය.   
1947 වසරේ සිට මේ දක්වා පැවති මහ මැතිවරණ 14කට සහ ජනාධිපතිවරණ 09 ක නන්දාවතී ගුරු මෑණියෝ සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.   


මේ කාල වකවානුව තුළ පවත්වන ලද සියලුම පළාත් පාලන මැතිවරණවලදී ද ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව නන්දාවතී ගුරු මෑණියෝ අප සමග පැවසුවේ සුන්දර සිනහවක් පාමිනි.  


1927 ජුලි මාසයේ 14 වැනිදා මෙලොව උපත ලබා ඇති නන්දාවතී හේරත් ගුරු මෑණියන්ගේ පියා උක්කු බණ්ඩාර මහතා වන අතර මව ඩිංගිරි අම්මා මෑණිකේය.   


උක්කු බණ්ඩාර මහතා විදුහල්පතිවරයෙක් ලෙස රාජකාරි කළ නිසා නන්දාවතී දැරියට පාසල් ගණනාවකම ඉගෙන ගැනීමට සිදු වී ඇත්තේ පියා මාරුවී යන පාසල්වලට ඇයට ද යාමට සිදුවීම නිසාය.   


නන්දාවතී ගුරු මෑණියෝ සමග අපි සුහද පිළිසඳරකට එක් වූයේ අතීත සුන්දර මතක ගැන යමක් දැන කියා ගැනීමටය.   


එස්.එස්.සී. විභාගය වැඩ හතක් පාස්වෙලා පස්සේ ගුරු විභාගයට ලිව්වා ගුරු විභාගයට ලිව්වේ ගෙදරටවෙලා පාඩම් කරලා. අධ්‍යාපන විෂය, අධ්‍යාපන ක්‍රමය හා ඉගැන්වීමේ ක්‍රම යන විෂයයන් දෙක ඉහළින්ම පාස්වුණා. ඉගැන්වීමේ ක්‍රම ප්‍රායෝගික විභාගයක්, අධ්‍යාපන නිලධාරීන් පස් දෙනෙක් ඉදිරියේ ළමයින්ට උගන්වන ආකාරයට උගන්වා පෙන්වන්න ඕනෑ. මම ඒ වැඩෙත් හොඳට කළා. ඉගැන්වීමේ ක්‍රම ගැන විභාගෙත් මහ ඉහළින්ම පාස් වුණා. විභාගවලින් මාස තුනකට විතර පස්සේ තමා ප්‍රතිඵල ආවේ.   
අවුරුදු 20 දී තමා මට ගුරු පත්වීම ලැබුණේ මුලින්ම පත්වීම ලැබිලා උගන්වන්න ගියේ තිස්පනේ ඉස්කෝලෙකට. මගේ මුල්ම පඩිය රුපියල් 175 යි. ඒ කාලේ හැටියට ලොකු පඩියක්. මම නවාතැන්ගත්ත ගෙදරට සල්ලි ගත්තේ නැහැ. නොමිලයේ තමා කන්න බොන්න පවා ඒ ගෙදරින් දුන්නේ.   


මම අවුරුදු තුනක් ඒ ඉස්කෝලේ ඉගැන්නුවා. මගේ පත්වීම ස්ථිර කළාට පස්සේ වැලිමඩ මැදවල පැත්තේ පාසලකට මාරු කළා. ඒ ඉස්කෝලේ නම මතක නැතත් මම ඒ ඉස්කෝලේට ආපු දවස නම් හොඳට මතකයි. ඒ 1950 ජනවාරි මාසයේ 9 වැනිදා.   

 

නන්දාවතී වීරකෝන් මහත්මියගේ පවුලේ අය

 


මම ගැහැනු ළමයෙක් නිසා එච්චර ඈත පළාතකට යවන්න බැහැ කියා පප්පා මාව වැලිමඩ ඉස්කෝලෙට යවන්නේ නැතිව කාලයක් ගෙදර තියගෙන හිටියා. ඒ ඉස්කෝලෙට ගියේ ළඟපාත ගෙදරක නැවතිලා. බේකරියක අයිතිකාරයකුට අයිතියි. ඒ ගෙදර අයත් මගෙන් සල්ලි ගත්තේ නැහැ. ඒ කාලයේ හිටිය අය ගුරුවරයෙක් හෝ ගුරුවරියක් තමාගේ ගෙදර නැවතිලා ඉන්න එක ලොකු ගෞරවයක් වශයෙන් තමා ඒ කාලයේ සැලකුවේ. බොහොම හොඳ ගති ගුණ තිබුණ අය තමා ඒ කාලයේ හිටියේ.   
1968 වසරේ ඉඳලා 1986 වසර වෙනකම් මහනුවර පුෂ්පදාන විද්‍යාලයේ උගන්වලා විශ්‍රාම ගියා. මගේ ගුරු ජීවිතය කාලය පුරාවට ළමයෙකුට වේවැලකින්, කෝටුවකින් තියා අතින්වත් ගහලා නැහැ. ආදරයෙන් කතා බහ කරලා සෙනෙහස දක්වලා මම දඟ ළමයි මෙල්ල කර තියෙනවා.   


ඒ කාලයේ ටියුෂන් පන්ති නැහැ. වැඩ බැරි ළමයින්ට වැඩිපුර උගන්වනවා. කිසිම මුදලක් ඒ වෙනුවෙන් ගත්තේ නැහැ. ඒ කාලයේ ගුරුවරුන් ස්ට්‍රයික් කළේ නැහැ. ගුරුවරු ඔවුන්ගේ වගකීම් බොහොම කැපවීමෙන් ඉටු කළා. මගෙන් ඉගෙන ගත්ත ළමයි අද ලොකු තැන්වල ඉන්නවා. ගුරු දිනයට මගෙන් ඉගෙන ගත්ත සමහර ළමයි අදටත් කතා කරනවා.   
මම මුලින්ම ඡන්දයක් පාවිච්චි කළේ 1947 වසරේ. එදා ඉඳලා අපේ රටේ තිබ්බ සෑම මැතිවරණයකදීම නොවරදවාම ගිහින් ඡන්දය පාවිච්චි කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයටත් පල්ලේවත්ත ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් ඡන්දය ප්‍රකාශ කළා. ඩී.එස්. සේනානායක හා ඩඩ්ලි සේනානායක යන මහත්වරුන්ටත් මම ඡන්දය දීලා තිබෙනවා. මගේ මහත්තයාගේ සහෝදරයෙක් පොලිසියේ රාජකාරි කළා. ඔහුගේ නම වීරකෝන්. ඔහු ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස රාජකාරි කළා. ඩඩ්ලි මහත්තයා ඡන්දෙන් පැරදිලා ඉන්න කාලයේ රෝගාතුරවෙලා ඉස්පිරිතාලේ ඉන්න කාලයේ ඔහු ළඟ හිටියේත් මගේ මහත්තයාගේ සහෝදරයා වීර​කෝන්.   


නොමිලයේ දුන්නු හාල් සේරු දෙක කැපුව නිසා තමා මම ලෙඩ වුණේ කියා ඩඩ්ලි හාමු මහත්තයා වීරකෝන් එකක් කියා තිබෙනවා යැයි නන්දාවතී හේරත් මහත්මිය කීවාය.   
අැය මෙසේද කීවාය.   


ඒ කාලයේ ඡන්ද කළ කෝලාහල තිබුණේ නැහැ. ගමේ හැම කෙනෙක්ම රේඩියෝ එකක් තියන ගෙදරකට ඇවිත් එළිවෙනකම් ඡන්දය ඇහුවා. පක්ෂ විපක්ෂ දෙගොල්ලෝම එකට වාඩිවෙලා. බොහොම සතුටින් තමා ඡනදය අහන්නේ. දේශපාලනය නිසා ගහමරා ගත්තේ නැහැ. අපේ ගෙදර ඡන්දය අහන්න එන අයට අපේ තාත්තා කන්න බොන්න පවා දුන්නා මට මතකයි.   


ඒ නන්දාවතී ගුරු මෑණියන්ගේ හඬයි.   


නන්දා හේරත් ගුරු මෑණියන්ගේ සැමියා සෝමරත්න බණ්ඩාර මහතා ද විදුහල්පතිවරයෙකු වන අතර ඔහු මේ වනවිට මිය ගොස් ඇත.   
සිසිර වීරකෝන් වසන්තා කුමාරි වීරකෝන් හා ලලිත් බණ්ඩාර වීරකෝන් නන්දාවතී ගුරු මෑණියන්ගේ දරුවෝය.   
සිසිර වීරකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කර විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධීකාරිවරයෙකි. වසන්තා කුමාරි දියණිය උපාධිධාරී ගුරුවරියක වන අතර ලලිත් බණ්ඩාර ව්‍යෘපාරිකයෙකි.   


නන්දාවතී හේරත් ගුරු මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

 

 

සටහන   
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 
ඡායාරූපය  - මාදම්පේ එස්. හේරත්



අදහස් (0)

1947 සිට හැමදාම ඡන්දය දුන් ගුරු මාතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site