IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාත්‍යන්තර ඡායාරූප තරගයකින් ජූරියේ ඇගැයුමට ලක්වූ ලාංකිකයෝ

ලෝක වනජීවී ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය හා බී.බී.සී. ආයතනය සංවිධාන කරන වසරේ ලෝක වනජීවී ඡායාරූප ශිල්පියා - 2021 (Wildlife photographer of the year 2021) තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජූරියේ විශේෂ ඇගයුමට ලක්වීමට ශ්‍රී ලාංකික ඡායාරූප ශීල්පිණියක හා මෙරට ළාබාල ඡායාරූප ශිල්පියෙක් සමත්ව සටිති.   


මෙලෙස ඇගැයුමට ලක්ව ඇත්තේ බුද්ධිලිනි ද සොයිසා හා ගලන වික්‍රමසිංහ යන ලාංකිකයින් දෙදෙනාය. එම තරගයෙන් අවුරුදු 10ට අඩු කාණ්ඩයෙන් ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ ප්‍රශස්ථ ඇගයීමට ලක්ව තිබේ. මෙවර තරගාවලිය සඳහා රටවල් 95 කින් ඡායාරූප 50,000කට අධික සංඛ්‍යාවක් සංවිධායකයන්ට ලැබී තිබුණු අතර ඒ අතරින් ප්‍රශස්ථ ඇගයීමට ලක් වූ අයගේ නම් සහ ඡායාරූප සැප්තැම්බර් 01 වැනිදා නිවේදනය කරන ලදී. එලෙස ඇගයීමට ලක්වූවන් අතර මොවුන් දෙදෙනා ද සිටිති.   


ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරෙන අතර ජයග්‍රාහී ඡායාරූප 100 ක් ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.   
ප්‍රකාශයට පත් කර ඇති ප්‍රශස්ථ ඡායාරූප අතරට එක්ව තිබෙන්නේ බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ කෙන්යාවේ මසෙයි මාරා වනෝද්‍යානයේ ගංගාවක චීටාවන් රැලක් ස්නානය කරන අයුරු දැක්වෙන “ද ග්‍රේට් ස්විම්’’ (A Great Swim) නමින් පළ කරන ලද ඡායාරූපය හා වයස අවුරුදු 11 ක් වූ ගගන වික්‍රමසිංහ දරුවා සිය ගෙවත්තේ ගිරා බෙනයක වෙසෙන ගිරා පවුලක් දැක්වෙන ‘‘ලොක්ඩවුන් චික්ස්’’ (Lockdown chicks) නමින් පළ කරන ලද ඡායාරූප දෙකය.   


ලොව පුරා රටවල් 95 ක අති දක්ෂ ඡායාරූප ශීල්පින්ගේ ඡායාරූප 55000 ක් අතරින් කරට කර තරග කොට මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණීම කලකට පසුව ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂීම ජයග්‍රහණයක් වේ.   


එම තරග විනිශ්චය මණ්ඩලයේ සභාපති රොස් කිඩ්මන් කොක්ස් කියා සිටියේ මෙවර අවසන් තරගකරුවන් සමස්ත ගුණාත්මක භාවය අප මවිතයට පත් කළ බවය. දැනුමෙන් හා පළපුරුද්දෙන් හා සැළසුම් කිරීමෙන් ඇති වූ අද්විතීය අවස්ථා, දක්ෂ ලෙස රාමු කර ඇති අතරම නිවස අසල හෝ සමීපව සොබාදහමේ නැවුම්, අමතක නොවන දර්ශන හා හමුවීම්වල කැපී පෙනෙන පින්තූර තිබෙන බවද ඔහු කීය.   


ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පිනිය විනිශ්චය මණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබුණේ ‘2020 ජනවාරි මාසයේදී මසායි මාරා ප්‍රදේශයට ඇද හැලු‍ණු ධාරානිපාත වර්ෂාව නිසා එක් ප්‍රධාන ගංගාවක් ගංවතුරට ලක්වූ අතර වෙන කවරදාටත් වඩා ප්‍රචණ්ඩකාරීවූ බවය. පිරිමි චීටා පස් දෙනාගේ මෙකී සන්ධානය මෙම ගඟ තරණය කිරීමට බලාපොරොත්තු විය. එය බොහෝ අසීරු කාර්යයක් සේ පෙනුණු අතර, සමහර චීටාවන් මිය යද්දී මේ පිරිස බිය ජනක ජල මට්ටම තරණය කිරීමට උත්සාහ කළහ. ඉවුර දිගේ පැය ගණන් ප්‍රවේශමෙන් සෙවීමෙන් පසු, ඔවුන් හදිසියේම ජලයට පැන මෙම ජල තලය හරහා පිහිනීමට උත්සාහ කළ අතර, කිඹුලන් විසින් ආහාරයට ගනු ඇතැයි යන බියෙන් සමහර සත්තු බලා සිටියි. ඔවුන්ගේ අරමුණ වූයේ ඔවුන්ගේ භූමි භාගයේ කොටසක් වූ අනෙක් පැත්තට මාරුවීමයි. මාරුවීමේදී චීටා වකු කෙලින්ම ඡායාරූප ගත කරන මා දෙස හා මගේ මිතුරන් දෙස බැලු‍වේ දත්මිටි කමිනි. ඔවුන්ට උදව් නොකළ බවත් ඔවුන් මැරෙන තුරු බලා සිටින බවත් අපට චෝදනා කරන ආකාරයට ය.   


ගිරා පවුලේ පියා ආහාර රැගන ගිරා බෙනයට ආපසු එන විට හිස එළියට දමන කුඩා ගිරා පැටවුන් නරඹමින් සිටියදී එය ඡායාරූපගත කළ වයස අවුරුදු 11 ක් වන ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ දරුවාගේ ඡායාරූපකරණය ගැන විනිශ්චය මණ්ඩලය මහත් අාහ්ලාදයට පත්ව සිටිති.   

 


ගෙවත්තේ මැරී ගිය පුවක් ගහක් කපා නොදැමීමට ඔහුගේ දෙමාපියන් ගත් පියවර තුළින් ‘2020 වසරේ පැවැති කොරෝනා ලොක්ඩවුන් සමයේදී ගගන සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා පැය ගණනක් මෙම ගිරා පවුලේ හැසිරීම් දෙස බලා සිටියදී ගගනට හසුවූ එම ඡායාරූපයට අවුරුදු 10 සහ ඊට අඩු කාණ්ඩය තුළ ඉහළ ප්‍රශංසාවක් හිමි වී ඇත.   


දැනටමත් නව ජීවී විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ලංකාවේ සිටින සුවිශේෂී විද්‍යාඥ පවුලක් වන වික්‍රමසිංහ පවුල මෙරට සත්ව පරපුර වෙනුවෙන් කරන මෙහෙය සුවිශේෂීය. මෙරට ජීවත් වන නව ජීවී විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු 2019 වසරේදී ඇරඹූයේය. ගගනගේ දෙමව්පියන් වන්නේ ‘චාර්ල්ස් ඩාවින්’ පරපුරේ ශ්‍රී ලාංකීය සලකුණ බවට පත්ව සිටින උරග හා උභයජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය බිරිඳ වන නෙතූ වික්‍රමසිංහය.   


බුද්ධිලිනි ද සොයිසා හා ගගන වික්‍රමසිංහ ගේ ඡායාරූප හැරෙන්හට මෙම තරගයෙන් මීට පෙර මෙවැනි ජයග්‍රණයක් ලැබුවේ 2002 වසරේදි පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන මහතා ය. ඒ මහතාගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකිකයන්වන්නේ බුද්ධිලිනි හා ගගන ය. ඉතින් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට අභිමානයක් නොවන්නේද?   


ඩේලිමේල් හා බීබීසී ඇසුරෙනි...   

 

 

සටහන   
තිළිණි ද සිල්වා   



අදහස් (2)

ජාත්‍යන්තර ඡායාරූප තරගයකින් ජූරියේ ඇගැයුමට ලක්වූ ලාංකිකයෝ

sarath Sunday, 19 September 2021 06:30 AM

ඉහලින්ම ගයමු ඔබේ හැකියාවන්, රටට කීර්තියක් ගෙන දුන්නට ස්තුතියි.

:       0       4

indrajith de silva Wednesday, 22 September 2021 10:39 PM

ශ්‍රීලංකාවට මහත් අභිමානයක් ගෙනදුන් මෙම බී.බී.සී ය මගින් සංවිධානය කල අන්තර්ජාතික චායාරූපය තරඟයෙන් ඉහලම සම්මාන දෙකක් ලබා ගත් ලක්මවගේ දූ දරුවන්ට මාගේ ප්‍රණාමය මෙසේ පුද කර සිටිමි .ඔබලාට මෙවන් දෙයක් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site