සිංහල අලුත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබෙන අතර මේ සමය රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමදෙනාම සතුටින් කල් ගෙවන කාලයකි.ඊට අවුරුදු සමයේ කෙරෙන ජන ක්‍රීඩා විශාල පිටිවහළක් වී තිබෙන බවද පෙනේ.
මෙම ජන ක්‍රීඩාවලට අවුරුදු ක්‍රීඩා යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. ඊට හේතුව එම ජන ක්‍රීඩා බොහෝමයක් සිංහල අලුත් අවුරුදු සමයේ පමණක් දක්නට ලැබීමය. එහෙත් පාරම්පරික ජන ක්‍රීඩා හෙවත් අවුරුදු ක්‍රීඩා වැඩි ප්‍රමාණයක් මේ වෙන විට සිංහල අවුරුදු සමයේදීවත් දක්නට නොලැබෙන පරිදි අභාවයට ගොස් තිබේ.
ඒ වෙනුවට බොහෝ අවුරුදු උත්සවවලට සංකර ගති ප්‍රදර්ශනය කරන කෘත්‍රිමව හදා ගත් ක්‍රීඩා ඉසව් ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා ජාතික ජන ක්‍රීඩා සංසදය වසර 2019 දී පිහිටුවා ගනු ලැබුවේ ජන ක්‍රීඩා හෙවත් මෙම අවුරුදු ක්‍රීඩා ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන යාම සඳහා බව එහි අරමුණේ සඳහන් වේ.
එහි සහාපතිවරයා ලෙස පත් වූයේ අත්තනගල්ල රජ මහා විහාරාධිපති, ඇමරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරාධිපති, ලොස් ඇන්ජලීස් ධර්ම විජය විහාරයේ ලේඛකාධිකාරී, තායිවානයේ ථෙරවාදී බොද්ධ විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක හිමිපාණන් වහන්සේය.
ප්‍රධාන ලේකම් ධූරයට ඉපැරණි ජාතික ක්‍රීඩා මතු පරපුරට ජාතික වැඩ සටහනේ ලේකම් හා ජන කෙළිමඬල නිර්මාතෘ ඩබ්.එම්. අතුල විජේනායක මහතා පත් කර ගැනුණි. විජේනායක මහතා මෙරටට නූතන ඉන්දියානු ක්‍රීඩා ඉසව් රැසක් හඳුන්වාදීමට පුරෝගාමී වූ අයෙකි.
ජන ක්‍රීඩා සංසදය අවුරුදු සමයේ කළ එළියට එන ජන ක්‍රීඩා හඳුන්වා ඇත්තේ මෙසේය.” ජන ක්‍රීඩා යනු සමාජීය ආර්ථික ආගමික හා භූගෝලීය සාධක මත ජන සංස්කෘතිය තුළ මිනිසාගේ වින්දනය විවේකය හා විනෝදය පිණිස කරනු ලබන ක්‍රීඩා ක්‍රියාකාරකම්ය”
එය පිහිටුවීමේ අරමුණු දක්වා ඇත්තේ මෙසේය ජන කෙළි යනු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතිකමය ජාතික උරුමයකි. කාලීන සමාජ විපර්යාසයන් ශීඝ්‍රයෙන් සිදු වන සමයක ජන කෙළි ක්‍රීඩා වැනි හෙළ උරුමයන් යටපත් වී අභාවයට යොමු වන බව පෙනෙන්නට ඇත.
දැඩි කාර්මීක හා තාක්ෂණික තරගකාරීත්වය අතර කෘෂි ජීවන ක්‍රමයන් පසුබාමින් යන බවත් පෙනේ.මෙම අභියෝගයන් හමුවේ ජන කෙළි වැනි කායාස්වාදය, විනෝදාස්වාදය ඇති කරමින් සමාජ ප්‍රගමනයට මූලස්තම්භයක් වන හෙළ උරුමයන් ආරක්ෂා කරගැනීම සඳහා ජන කෙළිසංසදයක් පිහිටුවීම අපගේ ඒකායන අරමුණ වී තිබේ.
මීට අමතරව සංස්කෘතික උරුමයන් අගය කිරීමටත් එයට ළැදියාවක් දක්වන ළමුන් තුළ ඇල්මක් ඇති කිරීමටත් ජාතීන් අතර අන්‍යොන්‍ය සුහදත්වයක් වර්ධනය කිරීමටත් අපේක්ෂා කරමු”
මෙම සංසදය ජන ක්‍රීඩා 327 ක් හඳුනා ගෙන ඒවා නම් කර තිබේ. තාච්ච් පැනීමෙන් පටන් ගෙන එය අවසන් වන්නේ කතුරු ඔංචිල්ලා ක්‍රීඩාවෙනි. මෙම ඉපැරණි ජන ක්‍රීඩා බහුතරයක් ගැන නූතන හෙළ තරුණ තරුණියන්ට කෙසේ වෙතත් පැරැන්නන්ටද අවබෝධයක් ඇතැයි සිතීම උගහටය.
එවැනි සඳහන් නුහුරු ජන ක්‍රීඩා කීපයක් පමණක් මෙහි මෙසේ සදහන් කළ හැකිය. රාහු බැලීම, වල්පල් පෙරළුම, කැරපොත්තන් ඇල්ලීම, පැටිකිරිච්චන් කෙළිය, ගස් මත ක්‍රීඩාව, කුරුමිණියන් පෙරළීම, ජොරනිස් පැනීම, රෝදි රෝදි මල් මදා, අයිස් බයිස් සෙල්ලම, සතා කවුද, අද කවදාද, චීන තාප්පය, කොකා වළේ හොද්ද ලිපේ, වලස් මාමේ වෙලාව කීය ද, ගොළු බෙල්ලන් කෙටවීම, ඇන්කර් ගැසීම,ගල් භූත සෙල්ලම, තුන් ඉන්දියන්, දෙමළ දිවියන් කෙළිය, සීයා ආච්චි, මුහුද හා ඇගේ දරුවන්, ටක් - ටක්, පාඩා කෙළිය, ගල් හත කැඩීම, බින් කුංඩන් නැටවීම, යන ජන ක්‍රීඩා එසේ සදහන් කළ හැකිය.
එහෙත් මෙම ජන ක්‍රීඩා ලැයිස්තුවේ සඳහන් තව දුරටත් ජනගත වී තිබෙන ක්‍රීඩා ඉසව් කීපයක් හඳුනා ගමු. බොහෝ නූතන අවුරුදු උත්සව වලට වැඩි පුර යොදා ගන්නේත් මතු දක්වන ජන ක්‍රීඩාය.
ඒවා මෙසේය.
තාච්චි පැනීම, චක් ගුඩු පැනීම, වළකජු ගැසීම, කොට්ට පොර, එල්ලේ ගැසීම, රබන් ගැසීම, හොරා පොලිස් ඇල්ලීම, දාම් ඇදීම, අත්තාපල් මුත්තාපල්, ඔලිඳ කෙළිය, අලියාට ඇස තැබීම, අං කෙළිය, කැට ගැසීම, කළගෙඩි සෙල්ලම, පොර පොල් ගැසීම, පංච කෙළිය, ගොන් පොර, අංගම් පොර, ගෝනි පැනීම, පාරු පැදීම, ගැහැණු පිරිමි මල් පළතුරු, ඔට්ටුවට දිවීම, ඔරු පැදීම, ලිස්සන ගහේ නැගීම, කණා මුට්ටිය බිදීම, සිං සිං ඕරු ආදිය එසේ දැක්විය හැකිය.
කෙසේ වූවත් ජන ක්‍රීඩා ලේබලයට නිල වශයෙන් ඇතුළත් නොවූවත් අද වන විට අවුරුදු උත්සව වල ජනප්‍රිය ක්‍රීඩා ඉසව් කීපයක් ගැනද සදහන් කළ හැකිය.
බනිස් කෑම, බැලුන් පිපිරවීම, යෝගට් කැවීම, පොල් ගෑම, පොල් අතු විවීම, ගෙඩියේ ඇට ගණන කීම, ගිනි කූරකින් වැඩිම ඉටි පන්දම් ගණනක් දැල්වීම ආදිය එසේ නූතන ‘අවුරුදු ක්‍රීඩා‘ ලෙස හැඳින්විය හැකිය. එසේ වූවත් ජාතික ජන ක්‍රීඩා සංසදයේ ජන ක්‍රීඩා (අවුරුදු ක්‍රීඩා) ලැයිස්තුවේ ප්‍රකට ක්‍රීඩා ඉසව් දෙකක් වන අවුරුදු කුමරිය තේරීම හා සැඟවුණු අමුත්තා සෙවීම දක්වා නැත.
ජන ක්‍රීඩාවල නියැළීමෙන් ලබා ගත හැකි ප්‍රයෝජන 31 ක් ගැන ජන ක්‍රීඩා සංසදය කථා කරයි.හෙළ සංස්කෘතික උරුමයන් ආරක්ෂාවීම, ජාතික සමගිය වර්ධනය වීම, අනාගත පරපුරට උරුම වීම, නිරෝගිමත් ජනතාවක් බිහිවීම, ඔවුන්ගේ ඉවසීමේ ගුණය වර්ධනය වීම, ජය පරාජය සම සිතෙන් විද දරා ගැනීමේ හැකියාව, බෝ නොවන රෝගවලින් ආරක්ෂාවිම, චින්තන හැකියාව දියුණු වීම, අභියෝගවලට මුහුණදීමේ හැකියාව දියුණවීම යන කාරණා එහිදී ප්‍රමුඛතම වේ.
ජන ක්‍රීඩා වර්ග කර ඇති ආකාරය විමසා බලමු.
ගෘහස්ථ ජන ක්‍රීඩා, උපකරණ සහිත ජන ක්‍රීඩා, තරුණ ජන ක්‍රීඩා, නැටුම් ආශ්‍රිත ජන ක්‍රීඩා, ශාන්‍තිකර්ම ආශ්‍රිත ජන ක්‍රීඩා, එළිමහන් ජන ක්‍රීඩා, යුගල ජන ක්‍රීඩා, වැඩිහිටි ජන ක්‍රීඩා, ළමා ජන ක්‍රීඩා, ගොවිකම් ආශ්‍රිත ජන ක්‍රීඩා, ආගමානූකූල ජන ක්‍රීඩා, සමූහ ජන ක්‍රීඩා, උපකරණ රහිත ජන ක්‍රීඩා, කාන්‍තා ජන ක්‍රීඩා, ජන ගී ආශ්‍රිත ජන ක්‍රීඩා, ජලය ආශ්‍රිත ජන ක්‍රීඩා, ත්‍රාසජනක ජන ක්‍රීඩා.
ඉපැරණි ජන ක්‍රීඩාවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ කීපයක් මෙසේය.
ආගමික පසුබිමක් තිබීම,අවම උපකරණ භාවිතය, සමූහයකට සහභාගිවීමේ අවස්ථාව, කාන්තා හා පිරිමි වෙන්වූ ක්‍රීඩා ඉසව්, ගායනා හා නැටුම් තුළින් වඩාත් වින්දනයක් ලබා ගැනීම, තරග සදහා විනිසුරුවන් අවශ්‍ය නොවීම, කාලවේලාවක් වෙන් නොවීම, විශේෂ ඇඳුම් අවශ්‍ය නොවීම, ශාරීරික වෙනස්කම් ඇති නොවීම හා වෙහෙස අවමවීම, දිනුමට වඩා සහභාගිත්වයෙන් සතුටක් ලැබීම, ආර්ථිකයත් සමග බද්ධ වීම, සමහර ජන ක්‍රීඩා තුළින් අපල උපද්‍රව හා භූත දෝෂ මැඩ පැවැත්වෙන බවට විශ්වාසය, විශාල පිට්ටනි හෝ ඉඩක් අවශ්‍ය නොවීම ආදියත් එම කාරණායි.
මේ සියලු කාරණා තිබියදී සිංහල අලුත් අවුරුදු සමයේ ඉස්මතු වන ජන ක්‍රීඩා පරිහානියට ගිය හේතු කීපයක් හඳුනා ගත හැකිය.
ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වීම, සතුරු ආක්‍රමණ හමුවේ ජාතික සමගිය බිඳී යාම, සමහර ජන ක්‍රීඩා කුලවලට සීමා වීම, ආගම පෙරදැරි කර ගත් ජන ක්‍රීඩා සඳහා සහභාගිත්වය අවම වීම, නවීන විද්‍යාවේ හා තාක්ෂණික දියුණුවෙන් පැන නැඟුණු බලපෑම්, ජාත්‍යන්තර ක්‍රීඩා සදහා වැඩි අවධානයක් දිනාගැනීම, නාගරිකකරණය, පරාධීනත්වය, බටහිර සංස්කෘතිය වැළඳ ගැනීම, පැරැණි හෙළ රාජාණ්ඩු ක්‍රමයේ පැන නැඟුණු ආරවුල්.
ශ්‍රී ලංකා ජාතික ජන ක්‍රීඩා සංසදයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ අතුල විජේනායක මහතා මෙසේ පැවැසීය.
“දුෂ්කරතා රැසක් මැද අපි සංසදය පන්නිල ආනන්ද නායක නාහි මියන්ගේ අනුශාසනා ලබමින් පවත්වා ගෙන යනවා. අපට තිබෙන ලොකුම ප්‍රශ්නය සංසදය පවත්වා ගෙන යාමට අරමුදල් නොමැතිකමයි. අනික මේ කටයුතු කවුරුවත් අග යන්නෙත් නෑ. රජයටත් ඒ ගැන කිසිම උනන්දුවක් නෑ.
මේ ජන ක්‍රීඩා අතරේ තාච්චි පැනීම හෙළ ක්‍රීඩාවක් ලෙස ජාත්‍යන්තරයට හදුන්වා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙනවා.
අපට අළුතින් එකතු වෙමින් තිබෙන දත්ත දිහා බැලුවාම මෙරට ජන ක්‍රීඩා ඉසව් එකතුව මේ වන විට 500 කට ආසන්න වෙමින් තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ආරාධනාවෙන් දැනට සංසදය විසින් රට පුරා ජනතාව ජන ක්‍රීඩා සම්බන්ධයෙන්දැනුවත් කිරීමේ වැඩ සටහන් අවුරුදු සමය මුල් කර ගනිමින් පවත්වා ගෙන යනවා.”
වසර 2000 සිට මේ දක්වා සංසදයේ මෙහෙයවීමෙන් ජන ක්‍රීඩා සමාජගත කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වා තිබේ.ඒ අතරින් වසර 2002 දී සිසුන් 2000 කගේ සහභාගිත්වයෙන් ජනකෙළි මඬල නමින් එකවර ජන ක්‍රීඩා ඉසව් 100 ක ප්‍රදර්ශනයක් එකම පිටියේදී පැවැත්වීම.එය ගීනස් ලෝක වාර්තා ඒකකයට යැවීම. එමෙන්ම 2014 වසරේදී හුණුමුල්ල කන්නන්ගර මහ විදුහලේ සිසුන්ගේ සහභාගිත්වයෙන් ජන ක්‍රීඩාවක් වූ තාච්චි පැනීම පිළිබඳව විදෙස් රටවල් කීපයක පාසල් සිසුන් සමග සංස්කෘතික හුවමාරු වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම දැක්විය හැකිය.
නාමල් පතිරගේ
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම
ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිංහල අවුරුද්දෙන් ඈත් වෙන ජන ක්‍රීඩා