IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ලෝක වාර්තාවකට සැරසෙන පුංචි කංෂිකාට අතදෙන්න

උපතින්ම ගෙන එන සහජ දක්ෂතාවන් ලෝකයා හමුවේ තබා ලෝක වාර්තා තැබීමට තරම් දක්ෂතා දක්වන කුඩා පාසල් දියණියන් අප රට තුළ ජීවත්වීම අපට මහත් ආඩම්බරයක් ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිවයුතු නැත.

දක්ෂතා දක්වා ලෝක වාර්තා අතරට දැනටමත් එක්වී සිටින අපේ දරුවෙක් - තවත් ලෝක වාර්තාවක් තැබීමට සැරසේ. ඒ පුතෙක් නොවේ දියණියකි.

ඈ වලපනේ අධ්‍යාපන කලාපයට අයත් රිලාමුල්ල දමිළ ප්‍රාථමික විද්‍යාලයේ හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නම හැවිරිදි සංකර්දාස් කංෂිකා ය. 

මිනිස් සිරුරේ ඇති සියලු කොටස් තත්පර විසි නමයක් වැනි කෙටි කාලයක් තුළ නම් කොට දැනටමත් ලෝක වර්තාවක් තබා ඇති මේ  දියණිය -  රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීෆ් විසින් සොයාගන්නා ලද ආවර්තිතා වගුවේ ඇති මූල ද්‍රව්‍ය 118 තත්පර විසි නමයක් වැනි කෙටි කාලයක් තුළ නම් කොට මෙම ලෝක වාර්තාව තැබීමට සූදානම්ව සිටින්නීය.

ආවර්තිතා වගුවේ ඇති මූලද්‍රව්‍ය 118 තත්පර විසි නමයක් වැනි කෙටි කාලයක් තුළ කියවා තැබීමට අපේක්ෂිත ලෝක වාර්තාව -   අප්‍රේල් මස 07 වන දින දැරිය ඉගෙනුම ලබන පාසලේ දී පැවැත්වීම සඳහා අවශ්‍ය සියල්ල සංවිධානය කර ඇතැයි, දියණියගේ පියා වන කඳපොළ, හයිෆොරස්ට්, නො.03 හි පදිංචි ටී.සංකර්දාස් පවසයි.

මෙම ලෝක වාර්තාව තැබීම සඳහා අදාළ ආයතනයේ රුපියල් පන්දාහක මුදලක් තැන්පත් කළ යුතුව ඇති බවත්, අපමණ ආර්ථික දුෂ්කරතා පැවතියත් එම මුදල කෙසේ හෝ සොයාගෙන  දියණියට මෙම ලෝක වාර්තාව තැබීමට අවස්ථාව උදාකර දෙන බවත් සංකර්දාස් කියයි.           

වලපනේ අධ්‍යාපන කලාපයට අයත් ඉතා දුෂ්කර දමිළ ප්‍රාථමික පාසලක් වන රිලාමුල්ල දමිළ ප්‍රථමික විද්‍යාලයේ හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සංකර්දාස් කංෂිකා දැරිය මේ දක්ෂතා ලෝකය ඉදිරියේ තැබුවත් - වලපනේ අධ්‍යාපන කලාපයේ දමිළ ප්‍රාථමික පාසලක මෙවැනි දක්ෂ පාසල් දියණියක් සිටින බවට වලපනේ කලාප අධ්‍යාපන කලාප කාර්යාලයේ  හෝ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කිසිවෙකු හෝ දන්නවා ද යන්න සැක සහිත කාරණාවක් වෙන අතර, මෙම දියණියට මේ සඳහා අදාළ ආයතන හා නිලධාරීන් වෙතින්  කිසිදු සහයෝගයක් තබා වාචික දිරිමත් කිරීමක් හෝ සිදුකර ඇති බවක් පෙනෙන්නට නැත.  

දැරියගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට තරම් ආර්ථික ශක්තියක් තිදරු පියෙකු වන සංකර්දාස්ට නොමැති අතර, වතුකරයේ පවතින අඩු ආදායම් තත්ත්වය මත ඔහු කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලට ගොස් බඩු කරගහන රැකියාව කර ඉතා දුෂ්කරව දිවි සරිකර ගනී. 

සිය පවුලට ලැයිම් කාමරයක ජීවත්වීමට සිදුවී තිබීම දියණියගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නිරන්තර බාධා ඇති හෙයින් - කුඩා කල සිට මෙබඳු දක්ෂතා පෙන්නුම් කරන දියණියගේ අධ්‍යාපන කටයුතු ඉගෙනුම් පරිසරයක් තුළ වඩාත් සාර්ථකව සිදු කරගෙන යාමට ඉවහල් වෙන ආකාරයේ සුදුසු නිවසක් ලබාදෙන්නැයි මෙවැනි දේ සඳහා උදව් උපකාර කරන දානපතීහු  වෙතින් සංකර්දාස් ආයාචනාත්මකව ඉල්ලා සිටියි.

සිය දියණිය විසින් මින් පෙර අවස්ථාවක දී මිනිස් සිරුරේ ඇති කොටස් තත්පර විසි නවයක් වැනි කෙටි කාලයකදී නම් කර ලෝක වාර්තාවක්  තැබීමේ කටයුත්තට පදිංචි ප්‍රදේශයේ ඇතමුන්ගෙන්  සහායක් වෙනුවට නා නා විධ අවහිරතා පැමිණීම හේතුවෙන් - එම ප්‍රදේශය අතහැර සිය ඥාතින් ජීවත් වන බගවන්තලාව ප්‍රදේශයට ගොස් එම දක්ෂතාව පෙන්වීමට පරිසරය සාදාගැනීමට සිදුවූ බව ද හෙතෙම 
සඳහන් කරයි.

මෙම දැරියගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙනයාමට උදව් උපකාර කරන මෙන් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගෙන් ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මැතිඳුන් ගෙන් ද  සියලු මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ද, උදව් උපකාර කිරීමට කැමති සියලු‍ දෙනාගෙන් ද සංකර්දාස් ඕනෑකමින් අයැද සිටියි.

වලපනේ අරුණ ඩයස්

 



අදහස් (0)

ලෝක වාර්තාවකට සැරසෙන පුංචි කංෂිකාට අතදෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site