IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මුත්‍රා පෙරා වතුර කරන ඇඳුමක්


ගගනගාමියකු වී අභ්‍යවකාශයට යෑම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. උගත්කම, දැනුම, බුද්ධියට අමතරව, දරා ගැනීමේ ශක්තිය සහ ඉවසා සිටීමේ ශක්තියත් තිබිය යුතුය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ රඳවා තිබෙන්නේ, කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින්, පෘථිවි කක්ෂයේ. ඇමෙරිකාවේ නාසා ආයතනය සහ රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය පුරෝගාමී වෙමින් ආරම්භ කළ මෙම නැවතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බවට පත්වූයේ තවත් රටවල් බොහොමයක් ඒ හා සම්බන්ධ වුණු බැවිනි. 

මේ වනවිට ගගනගාමිනියන් සඳහා ද වැසිකිළි නිර්මාණය වී තිබේ. බැහැර කෙරෙන අපද්‍රව්‍ය පෘථිවිය දෙසට විසි කරයි. පෘථිවි වායුගෝලයේ දී ඒවා දැවී අළු වී යයි. අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයකින් සැරසී සිටිද්දී මුත්‍ර බරක් දැනුණොත් කළ හැකි දෙයක් නැත. අභ්‍යවකාශයේ සිටිද්දී ගගන ඇඳුම ගැලවිය නොහැකිය.

 

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ එක්තරා ආකාරයකට යෝධ පර් යේෂණාගාරයක් වැනිය. මාස හයෙන් හයට පෘථිවියේ විවිධ රටවල අභ්‍යවකාශ ආයතන නියෝජනය කරමින් (චීනය හැර) ගගනගාමීන්, නැවතුම්පොළට ගොස් එහි රැඳී සිටින්නේ විවිධ පර් යේෂණ කටයුතුවල යෙදෙමිණි. ගගනගාමීහු අභ්‍යවකාශ නැවතුම්පොළ ඇතුළේ පමණක් නොව, නැවතුම්පොළෙන් පිටතට ගොස් ගගන සක්මන්වල යෙදෙමින්, අභ්‍යවකාශයේ සිට නැවතුම්පොළේ අලු‍ත්වැඩියා කටයුතු පවා සිදු කරති. ගගනගාමීන් වැසිකිළි යන්නේ කෙසේ ද? තරමක් විශාල, ගගන ඇඳුම් කට්ටලවලින් සැරසී, හෙල්මට්වලින් මුහුණු ආවරණය කරගෙන, ඔක්සිජන් ටැංකි එල්ලාගෙන, නිහඬ නිසසල අභ්‍යවකාශයේ කිසියම් වැඩක නියැළෙද්දී මුත්‍ර බරක් ආවොත්, මොකද කරන්නේ?

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටිද්දී ගගනගාමීන්ට වැසිකිළි යෑමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා වැසිකිළි පහසුකම් ඇත. අභ‍්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණයක් නැති නමුත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ කෘත්‍රිමව ගුරුත්වාකර්ෂණයක් ඇති කිරීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඒ, එක්තරා නියමිත ප්‍රවේගයකට නැවතුම්පොළ භ්‍රමණය වීමට සලස්වා ඇති බැවිනි. එසේ වුවත්, ගගනගාමීන්ට පාවෙමින්, ඔවුන්ගේ කටයුතු කිරීම අසීරුය. ගගනගාමියකු වීමට මනා පුහුණුවක් ලැබෙන්නේ ද මේ නිසාය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ වැසිකිළි පද්ධතියක් ඇත. මෙම වැසිකිළියක ආසන පටි ඇති අතර, වැසිකිළි යෑමේදී ආසන පටි පැලඳ සිටීම අනිවාර්ය වෙයි. නැතිනම් සිදුවන්නේ ජංජාලයකි. ආරම්භයේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ පිරිමි ගගනගාමීන් සඳහා පමණක් වැසිකිළි පැවැතියත්, මේ වනවිට ගගනගාමිනියන් සඳහා ද වැසිකිළි නිර්මාණය වී තිබේ. බැහැර කෙරෙන අපද්‍රව්‍ය පෘථිවිය දෙසට විසි කරයි. පෘථිවි වායුගෝලයේ දී ඒවා දැවී අළු වී යයි. අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයකින් සැරසී සිටිද්දී මුත්‍ර බරක් දැනුණොත් කළ හැකි දෙයක් නැත. අභ්‍යවකාශයේ සිටිද්දී ගගන ඇඳුම ගැලවිය නොහැකිය. එහෙයින් ඇඳුමේ මුත්‍ර කර ගැනීමට සිදුවෙයි. ගගන ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ඒ අයුරිනි. ගගනගාමීහු ගගන ඇඳුමින් සැරසෙද්දී, එම ඇඳුමට අදාළ ඩයිපර් පලඳිති. මුත්‍ර එකතු වීම සිදුවන්නේ ඩයිපරයටය. 

අභ්‍යවකාශයේ රැඳී සිටින ගගනගාමීනට පානීය ජල භාවිතය ගැටලු‍වකි. වතුර බෝතල් එල්ලාගෙන ඔවුන්ට ඔවුන්ගේ කටයුතුවල යෙදීම කළ නොහැකිය. එබැවින්, පිටවන මුත්‍ර පෙරා, පිරිසුදු කර යළි පානය කිරීමට හැකි අයුරින් සකසා ගැනීම කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මීට වසර ගණනකට පෙර සිටය. දැන් එය යථාර්ථයක් වෙමින් පවතී. ඇමෙරිකාවේ නිව් යෝක් කෝනෙල් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන්, මුත්‍ර පෙරා ජලය පානයට සුදුසු ජලය බවට පත් කිරීමේ උපාංගයක් නිර්මාණය කර ඇත. මෙම උපාංගය එසේත් නැතිනම් ෆිල්ටරය (පෙරනය) ගගන ඇඳුම් කට්ටලය හා සම්බන්ධ කළ හැකිය. සරලව පැහැදිලි කළොත්, පැය ගණනක් ගගන ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටිද්දී, ඩයිපරයට එකතු වන මුත්‍ර මෙම උපාංගය හරහා පිරිසුදු කිරීම සිදුවෙයි. කෝනෙල් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් නිර්මාණය කළ ෆිල්ටරයේ පර් යේෂණ නිර්මාණය සිදුවන්නේ, අදියර දෙකකිනි. මේ වනවිට ඒ මගින් මුත්‍ර සියයට 87කින් පිරිසුදු කර ජලය ලබා ගැනීමට හැකි බව පැවැසෙයි. ඉදිරියේ දී එය සියයට 100 ක් කර ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.


තව වසර දෙකකින්, 2025 දී සඳ තරණයෙන් පසු, ඇමෙරිකා නාසා ආයතනයේ මීළඟ ඉලක්කය අඟහරු හෙවත් රතු ග්‍රහයාය. සඳට යෑම මෙන් නොව, අඟහරු වෙත යෑම අසීරුය. පෘථිවියේ සිට අඟහරු බලා යෑමට වසර දෙක තුනක් ගත වනු ඇත. එය මනුෂ්‍ය ශරීරයට, කායිකව හෝ මානසිකව දරා ගැනීමට නොහැකි ආකාරයේ ගමනකි. අඟහරු යද්දී නොකා නොබී යන්න බැහැ ඒ නිසා කෑම බීම රැගෙන යෑමටත් සිදුවේවි. එය ද විශාල ගැටලු‍වකි. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය ඉතා වැදගත් වේවි. පෘථිවියේ සිටිද්දී අප සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටරයක් හෝ පානය කරයි. නිරෝගීව සිටීමට නම් එසේ කළ යුතුය. අභ්‍යවකාශයේදී දිනකට පානය කළ යුතු ජලය ලීටර් ප්‍රමාණය ඊට වැඩිය. ගගනගාමීන් කිහිප දෙනකුට දින 1,000 ක් තිස්සේ අඟහරු වෙත ගගන චාරිකාවක යෙදෙනවා නම්, ජලය ලීටර් 55,000 ක් අවශ්‍ය වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

ගගනගාමින්ට අවශ්‍ය ඔක්සිජන්, ආහාර පමණක් නොව බීමට ජලය ද පටවාගෙන යෑම අධික වියදමකි. එපමණක් නොව, එවැනි ලොකු බරක් රැගෙන යෑමට අභ්‍යවකාශ යානයක් නිපදවීම ද ගැටලු‍වකි. බර වැඩි වෙද්දී, ඉන්ධන භාවිතය වැඩි වෙයි. ගගනගාමීන් පානය කරන ජල ප්‍රමාණය අඩු කළොත් එය සහනයකි. දිනපතා ඔබ ලීටරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුත්‍ර පිට කරයි. එය සාමාන්‍ය ක්‍රියාවලියකි. බීමට ජල පොදක් නැති වුවත් අප මුත්‍ර බීමට යොමු වන්නේ නැහැ. එහෙත් අනාගතයේ අඟහරු යන හෝ අභ්‍යවකාශයේ දිගු කාලයක් රැඳී සිටීමට හෝ සිදුවන ගගනගාමීන්ට මුත්‍ර පෙරා පානය කිරීමට සිදුවනු ඇත. කෝනෙල් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන්ගේ ෆිල්ටරය ඊට උපකාරී වනු ඇත. මුත්‍ර පානය සිදුවන්නේ මුත්‍ර ඉතා හොඳින් පෙරා පිරිසුදු කිරීමෙන් පසුවය. සුවඳක් හෝ රසක් හෝ ඇත්තේ නැත. ඒ නිසා මුත්‍ර බොනවා යැයි හැඟීමක් දැන්නේ ද නැත. 

කෝනෙල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ ෆිල්ටරය ගගන ඇඳුම් කට්ටල වෙනුවෙන් නිර්මාණය කෙරුණත්,  මේ වනවිටත් නාසා විද්‍යාඥයන්, මුත්‍ර පෙරා පිරිසුදු කිරීමේ නව පද්ධති කීපයක් නිර්මාණය කර තිබේ. එම නව පද්ධති ද තවමත් පවතින්නේ අත්හදා බැලීමේ මට්ටමේය. අත්හදා බැලීම් කටයුතු උඩු ගුවනේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේදී සිදුවෙයි. ඊට අමතරව, අභ්‍යවකාශ නැවැතුම්පොළේ නොයෙක් නොයෙක් කටයුතු සඳහා භාවිතයට ගන්නා ජලය ද පිරිසුදු කිරීමේ පද්ධතියක් වෙනම පිහිටුවා ඇත. මෙම පද්ධතිය අභ්‍යවකාශ නැවැතුම්පොළට එක් කෙරුණේ 2008 වසරේදීය. 


  • ලු‍සිත ජයමාන්න

නිව් සයන්ටිස්ට් ඇසුරිනි


 



අදහස් (0)

මුත්‍රා පෙරා වතුර කරන ඇඳුමක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 46 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 32 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 23 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 31 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 39 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 95 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 150 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site