IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මව්බිම රනින් බැබළ වූ පොලිස් අම්මා

සහයෝගය දුන් පොලිස් නිලධාරීන් සමග

 

පිලිපීනයේ පැවති ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගයෙන් කිලෝමීටර් 5 ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම දිනාගත් පොලිස් සේවයේ නියුතු කාන්තා පොලිස් කොස්තාපල් ඩී.ආර්. නිරෝෂණී කුමාරි මහත්මිය දඹුල්ල පොලිසිය, ප්‍රදේශවාසීන් සහ දඹුල්ලේ මහා   සංඝරත්නය උණුසුම් අයුරින් 10 දින පිළිගනු ලැබීය.


රටවල් 13 ක තරගකරුවන් තරග කළ මෙම ඉසව්ව සඳහා ලංකාව වෙනුවෙන් තරග වැදුණු ඇය රන් පදක්කම් දිනා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි දින, දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ලබා දුන් වාහනයකින් දඹුල්ල නගරයට පැමිණියාය.


දඹුලු‍ වැසියන් සහ පොලිසිය ඇයව දඹුල්ල නගර මැදදී පිළිගෙන රථවාහන පෙළපාළියකින් කැඳවාගෙන ගොස් ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරමින් ඇයව දිරි දෙන්නට විය. පිළිගන්නට විය.


රට වෙනුවෙන් ක්‍රීඩා කොට රන් පදක්කම් ජයග්‍රහණය කර මෙරටට එන අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ රජයේ වගකිවයුතු බලධාරියෙකුගේ කිසිදු අවධානයක් යොමු නොවී තිබුණු අතර  ප්‍රදේශවාසීන්ගෙන්, මහා සඟරුවනේ  සහ  හිතමිතුරන්ගෙන් මුදල් ඉල්ලාගෙන තරග වැදී රට වෙනුවෙන් රන් පදක්කම් රැගෙන ආ, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන මෙම පොලිස්   කොස්තාපල්වරිය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු‍ පාර්ශ්වයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද නාහිමියෝ ඇයට පිරිත් සජ්ඣායනා කරමින් පැවසූහ.


ලෝකය ජයගන්නා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවමත් අපේ  රටේ අවශ්‍ය අවධානය සහ එම අය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක්   ක්‍රියාත්මක නොවීම ගැන කනගාටුවෙන බවද උන්වහන්සේ පැවසූහ.
දඹුල්ල ප්‍රදේශයේ  පදිංචි, දඹුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ  නිරෝෂා කුමාරි මහත්මිය ප්‍රදේශවාසීන්ගේ සහ දඹුලු‍ මහා සංඝ සංඝරත්නයේ මූල්‍ය දායකත්වයෙන් පිලිපීනයේ පැවති ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ කිලෝමීටර් 5 ඇවිදීමේ ඉසව්ව සඳහා සහභාගී වූවාය.


ඒ අනුව රටවල් දහතුනක තරගකරුවන් සමග තරග වැදුණු ඇය ප්‍රථම ස්ථානය හිමිකරගෙන රන් පදක්කම  දිනා ගත්තාය. තරගාවලිය අවසන් කිරීමට මත්තෙන් ඇය නැවත ලංකාවට පැමිණි බවත් තමන් කිරි බොන වයසේ කුඩා දියණිය සහ දරුවන් ​ෙදදෙනෙකු නිවසේ දමා ගිය නිසා කඩිනමින් පැමිණි බවද ඇය සඳහන් කළාය.
ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ වගකිවයුතු කිසිදු ආයතනයකින්, රට වෙනුවෙන් රන් පදක්කම දිනා මෙරටට පැමිණි එම ක්‍රීඩිකාව පිළිගැනීම හෝ ඇයට උපහාර දැක්වීමට ඉදිරිපත් නොවුණු අතර, ගුවන්තොටුපොළට දඹුල්ල මූලස්ථාන පොලිසියේ යැවූ වාහනයකින් දඹුල්ල නගරයට පැමිණි බව අප කළ විමසීමකදී ඇය පැවසුවාය.


දඹුල්ල ප්‍රදේශයේ මහ සඟරුවනේ මෙන්ම දානපතීන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන, ඇවිදීමේ තරගයේ රන් පදක්කම මව් රටට දායාද කළ පොලිස් කොස්තාපල්වරිය පිළිබඳව අවධානය, ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය මත අකා මකා දැමීමට කිසිවෙකුටත් හැකියාවක් නැතැයි ඓතිහාසික රංගිරි දඹුලු‍ රජමහ විහාරස්ථ මහ සඟරුවන පෙන්වා දෙති.
එහෙත් සිදුව ඇත්තේද ඉතා  කනගාටුදායක තත්ත්වයක් බවත් එක් ක්‍රීඩාවක් පමණක් විශාල වශයෙන් ආන්දෝලනයට ලක් කරද්දී තමන් තනිව පුහුණු පුරුදු වී අධිෂ්ඨාන ඇතිව කාගෙන් හෝ  මුදලක් ඉල්ලාගෙන ලෝකයේ රටවල් රැසක් සමග මව් රටේ ජාතික කොඩිය ඉදිරියේ තරග කොට එම රන් පදක්කම මවට දායාද කළ පොලිස්   දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරියට  ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන්ගේ මෙන්ම විවිධ පාර්ශ්ව වල ජයඝෝෂා නැතත් දඹුලු‍ ජනතාව එක්ව තමන්ගේ අධිෂ්ඨානයෙන් ඉදිරියට යන ලෙස උන්වහන්සේලා ඇයට අවවාද අනුශාසනා දෙන්නට ඉදිරිපත් වූහ.


“මම දඹුල්ලේ පදිංචි වෙලා ඉන්න කෙනෙක්, මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඇවිදීමේ තරග ඉසව්ව ජයග්‍රහණය  කිරීම මගේ  බලාපොරොත්තුවක් තිබුණේ. ඊළඟ බලාපොරොත්තුව තමයි මේ තරගයේ ලෝක වාර්තාවක්  ලබාගැනීම.  මම විශ්වාස කරනවා මට ඒක කරන්න පුළුවන් කියලා.
ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ඉසව්වේ කිලෝමීටර් 5 ඇවිදීමේ තරගය සඳහා මම අයදුම් කළා. මගේ ආදරණීය සැමියා මට විශාල ශක්තියක් වුණා. මම ගොඩක් කල්පනා කළා, කිරිබොන දරුවෙක් තමයි මට ඉන්නේ. අවුරුදු දෙකටත් අඩුයි. කොහොමද පුහුණුවීම් කරන්නේ දරුවා සමග කියලා. මගේ  ආදරණීය සැමියා කිව්වේ ‘මම ළමයව බලා ගන්නම්, ඔයා ඉලක්කය ජයග්‍රහණය කරන්න’ කියලා. මම ඇවිදීමේ පුහුණුවීම් කටයුතු කරන්න තෝර ගත්තේ පොලිසියේම තියෙන පොඩි ක්‍රීඩාපිටිය. මට හරියට වෙලාව බලාගන්නවත්  තිබුණෙ නැහැ. මගේ ජංගම දුරකථනයෙන් තමයි වෙලාව තියාගෙන පුහුණුවීම් කටයුතුවල නිරත වුණේ.”‍

 

දරුවන් තිදෙනා හා සැමියා සමග

 


“මගේ  ලොකු ගෞරවයක්, ස්තුතියක් තියෙනවා පොලිසිය කෙරේ. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාත් මට අවශ්‍ය සහයෝගය දුන්නා පුහුණුවීම් කටයුතුවලදී. මෙම තරගය සඳහා සහභාගි වීමට විශාල මුදලක් අවශ්‍ය වුණා. අපිට ඒ තරම් මුදල් තියෙන අය නෙවෙයි. අපේ  පොලිසියෙ ඉන්න හිත මිතුරන් ටිකත් ලොකු උත්සාහයක් දැරුවා, අපේ දඹුල්ලේ මහා සංඝරත්නය, ව්‍යාපාරික ප්‍රජාව ළඟට ගිහින් මේ තත්ත්වය කිව්වා. උන් වහන්සේලා සහ ඒ මහත්වරු මට ගුවන් ප්‍රවේශ, ඒ වගේම  යෑම සඳහා අවශ්‍ය මුදල් සපයා දුන්නා.”‍
“ඒ අනුව මම තීරණය කළා මට ක්‍රීඩාව වෙනුවෙන්, රට වෙනුවෙන් මුදල් ලබා දීලා මාව දිරිමත් කරපු අයට කොහොමහරි මව් රටට ජයග්‍රහණයක් අරගෙන එනවා කියලා. කිරි බොන පුංචි දරුවා සැමියා ළඟ දාලා තමයි මම පිලිපීනයට ගියේ. ඒ අනුව ඇවිදීමේ තරගයට මම මුහුණ දුන්නා. රටවල් 13ක ක්‍රීඩිකාවන් සමග තරග වැදුණ මම කොහොමහරි ආහාර නැතිව වතුර බිබී තමයි තරගයට ඉදිරිපත් වුණේ. මගේ අධිෂ්ඨානය මම ඉෂ්ට කළා. ජාතික කොඩිය අතට ගන්නකොට දැනුණු සතුට ආඩම්බරකම කියන්න වචන එන්නේ නැහැ.”‍
“මම ලබාගත්ත මේ රන් පදක්කමේ සැබෑ අයිතිකරු මම විතරක් නෙමෙයි, අපේ පොලිස් දෙපාර්තමේන්තුව, මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා ඇතුළු දඹුල්ලේ පොලිසියේ වැඩ කරන සියලු‍ දෙනා, දඹුල්ල ප්‍රදේශයේ වැඩ සිටින මහා සංඝරත්නය මෙන්ම අපේ දඹුලු‍ රජමහා විහාරයේ භාරකාර නායක ස්වාමින් වහන්සේ සහ ව්‍යාපාරික ප්‍රජාවට අයිති. ඒ අය මට  සහයෝගය නොදෙන්න කවදාවත්ම මගේ මව් රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන්න මට හැකි වෙන්නේ නැහැ.”‍


 “ඒ වගේම මගේ සැමියා, දරුවන් තුන්දෙනා මම වෙනුවෙන් කැපකිරීමක් කළා. තරගාවලිය අවසන් වෙන්නට කලින් මම තනියම පිලිපිනයෙ ඉඳල ලංකාවට එන්න පිටත් වුණා.
 ඒකට හේතුව මගේ කිරිබොන පුංචි දුව හින්දා. එයාට කිරි නැති වුණහම ගොඩක් දුක හිතෙනවා.


දඹුල්ලේ ජනතාව මාව පිළිඅරගෙන බණ්ඩාරනායක ගුවන් තොටුපොළ ළඟට වාහනේ එවලා තිබුණා. වෙන කිසිම කෙනෙක් මට කතා කළේ නැහැ. සමහරවිට ඉදිරියේදී දැනගෙන කතා කරාවි. කොහොම වුණත් ක්‍රීඩිකාවක් හැටියට මම මගේ යුතුකම් රටට ඉටු කරනවා.”‍

 

 

■ දඹුල්ලේ කාංචන කුමාර  
    ආරියදාස



අදහස් (0)

මව්බිම රනින් බැබළ වූ පොලිස් අම්මා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site