IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ක්‍රිකට් වසන්තය නැවතත්


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ තරග ඊයේ (9) සහ අද (10) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී 2026 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කරගැනීමේ සැලැස්මට මෙම තරග දෙක වඩාත් වැදගත් වනු ඇත.

නවසීලන්තය ක්‍රිකට් කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස ටෙස්ට් තරගාවලියට පමණක් සහභාගිවීමෙන් පසුව විස්සයි 20 සහ එක්දින තරගාවලි දෙකකට සහභාගිවීම සඳහා පසුගිය බදාදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාව හමුවේ 2-0 ක ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ නවසීලන්තය ඉන්දියාවට ගොස් 3-0 ක ජයක් ලබමින් ඉන්දියාවට අමතක නොවන පරාජයක මතකය ඉතිරි කිරීම කැපී පෙනුණි. 

ලෝක විස්සයි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ සිටින නවසීලන්තයට එරෙහිව තරග දෙකකට ක්‍රීඩා කිරීමට ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට ලැබීම වඩාත් ප්‍රයෝජනවත් අවස්ථාවක් ලෙස සැලකිය යුතුය.ආසියානු කළාපයේ පරිසරය තුළ නවසීලන්ත විස්සයි 20 කණ්ඩායමේ හැසිරීම හඳුනාගැනීමට මෙය මහගු අවස්ථාවකි. ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු එකතු කරගැනීමට ද මෙම තරග දෙක හොඳ අවස්ථාවක් වී තිබේ.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන විස්සයි 20 තරග දෙකෙන් පසුව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය ලබන බඳාදා (13 වැනිදා) දඹුල්ලේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එක්දින තරගාවලියේ දෙවැනි සහ තුන්වැනි එක්දින තරග මේ මස 17 සහ 19 දෙදින මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට මෙම එක්දින තරගාවලිය වඩාත් වැදගත් වී තිබේ. නවසීලන්තය ප්‍රසාද ලකුණු 101 ක් ලබා පස්වැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු 96 ක් ලබා හයවැනි ස්ථානයේ ද, පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය 3-0 ක් ලෙස ජය ලැබුවහොත් පහසුවෙන්ම ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීමේ අවස්ථාව හිමිවේ. ඒ හේතුවෙන් මෙම තරගාවලිය රටවල් දෙකටම වඩාත් වැදගත් තරගාවලියක් බවට පත්ව තිබේ. මිචෙල් සෑන්ට්නර්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත එක්දින කණ්ඩායම ද මෙම තරගාවලිය ජය ලබා පස්වැනි ස්ථානය රැක ගැනීමට සැලසුම් සකස් කර ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවාට සැක නැත.

මෙම තරගාවලි දෙකටම සහභාගි වන සංචිත පසුගිය බදාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.චරිත් අසංලක එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වයේ තවදුරටත් කටයුතු කරයි.

වසරකට වැඩි කාලයක් එක්දින කණ්ඩායමේ අවස්ථාව හිමි නොවූ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාෂ්, එක්දින සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.

යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ එක්දින සහ විස්සයි 20 යන කණ්ඩායම් දෙකේම තුන් ඉරියව් ක්‍රීඩක ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගැනීමට සමත්ව සිටියේය.

ටෙස්ට් කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස පසුගිය නවසීලන්ත සංචාරයේදී කැපී පෙනෙන වෙනසක් කළ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් විස්සයි 20 සංචිතයට කැඳවීමට ද තේරීම් කමිටුව පියවර ගත්තේය. චන්දිමාල් 2022 වසරෙන් පසුව විස්සයි 20 සංචිතයට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.

නායක චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිදු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම සහ ජනිත් ලියනගේ එක්දින පිලේ ප්‍රතිකරු ලැයිස්තුව නියෝජන කරති. 

වනිඳු හසරංග, දුනිල් වෙල්ලාලගේ, මතීෂ පතිරණ සහ ජෙෆ්රි වැන්ඩසේ එක්දින පිලට ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙස ඇතුළත්ව සිටිති. 

ළහිරු මධුසංඛගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම පසුගිය සතියේ වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්වුණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් පාකිස්තානය පරාජය කළ අතර ඒ අනුව පාකිස්තානයට පිට පිටම තෙවැනි වරටත් අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් ශූරතා දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2007 වසරේ ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටියේය. වර්තමාන ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික ඉන්දික ද සේරම් 2007 වසරේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය.

හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 90 දශකයේ ලොව ප්‍රසිද්ධ ක්‍රිකට් තරගාවලියක්ව තිබූ අතර එම තරගාවලියට එවකට ලොව ප්‍රබල ක්‍රීඩකයෝ සහභාගි වූහ. 1992 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය 2017 වසරෙන් පසුව වසර හයකින් පසුව මෙවර පැවැත්වීය.

දෑතින්ම දඟ පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධයක් උසුලා සිටින තරිඳු රත්නායක තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. තරිඳු මෙහිදී වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා බවට පත්විය.


  • වරකාගොඩ ගමගේ

 



අදහස් (0)

ක්‍රිකට් වසන්තය නැවතත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site