IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


වගා ළිඳට වැටුනු අලියා දිනකට පසු ගොඩ ගනියි

(කාංචන කුමාර ආරියදාස)

පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටී  දින එකහමාරක පමණ කාලයක්  ගොඩ යෑමට නොහැකිව සිටි වන අලියෙකු දැඩි පරිශ්‍රමයක් දරා වනයට මුදා හැරීමට වනජීවී නිලධාරීන්ට අද (07) දින පෙරවරුවේ හැකි විය

හබරණ ගනේවල්පොළ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් විසින් ඊයේ (06) පස්වරුවේ දැනුම් දී ඇත්තේ වන අලියෙකු වූ වෙල්යායක් මැද ඇති අනාරක්ෂිත ළිඳකට වැටී ඇති බවය

ඒ අනුව පස්වරුවේම වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ මෙම වන අලියා ගොඩගැනීමට සඳහා දැඩි වෙහෙසක් දැරුවද රෑ වීමත් සමඟ එය අසාර්ථක වී තිබේ

පසුව වන අලියාගේ  ආරක්ෂාව තහවුරු කරමින් පසුදා උදෑසන කැකිරාව ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන ළිදේ ඉවුරු කපා වන අලියා ගොඩ ගැනීමට පියවර ගත්තේය.

ලිං වලට වැටී සිටින වන අලින් ගොඩ ගන්නා අවස්ථාවන්හිදී වනජීවී නිලධාරීන් එම වන අලි පන්නා දැමීම සඳහා විශාල අලි වෙඩි ප්‍රමාණයක් යොදා ගැනීම සාමාන්‍ය සිද්ධියකි

 එහෙත් ළිඳට වැටී සිටි මෙම වන අලියා ගොඩට ගෙන පලවා හැරීම සඳහා එකම අලි වෙඩිල්ලක් හෝ භාවිතා නොකොට වනයට මුදා හැරීම විශේෂත්වයකි

ගොඩට පැමිණි වන අලියා ද කිසිදු කලබලකාරී තත්ත්වයකින් තොරව වනයට ගමන් කිරීමද මෙහි විශේෂත්වයකි. අනාරක්ෂිත වගා ළිංවලට වන අලින් වැටීම මේ දිනවල බහුල වශයෙන් සිදුවන්නේ ජලය සොයාගෙන ගම්වැදීම නිසාවෙන් බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.



අදහස් (0)

වගා ළිඳට වැටුනු අලියා දිනකට පසු ගොඩ ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site