IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පහසුවෙන් දොරඟුළු ලෑ හැකි සුහුරු අඟුළ

 ආකාර හතරකින්ම විවෘත කළ හැකි ස්මාට් ලොක් එකක් එයි

චීනයේ ටීසීඑල් සමාගමෙන් නිපදවා දැන් විකුණන්නට තිබෙන කේ වන් :ණ1* නම් සුහුරු දොරඟුළ හෙවත් ස්මාට් ඩෝ ලොක් උපාංගය, සාමාන්‍ය දොරඟුළුලක් සේම නිපදවා ඇතත් එය නූතන තාක්ෂණික යෙඳුම් ගණනාවක එකමුතුවකි.(https://tinyurl.com/4p5pw4jz)  දොරඟුළ විවර කිරීම පිණිස එකිනෙකට වෙනත් නවීන තාක්ෂණික යෙඳුම් හතරක්ම යොදා ගන්නා පළමු අවස්ථාව මෙයයි. වෙනත් තරගකාරී දොරඟුළුවලදී භාවිතා වෙන්නේ විවර කිරීමේ යෙඳුම් එකක් හෝ දෙකක් පමණි.


මෙහි ඇති ඇඟිළි සලකුණ හඳුනා ගන්නා උපාංගය මඟින් තත්පරයක් යන්නට මත්තෙන් දොරඟුළ විවර කර ගත හැක. කළ යුත්තේ ඇඟිල්ල සංවේදකය හෙවත් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය මත වරක් තැබීම පමණි. එකිනෙකට වෙනස් ඇඟිළි සලකුණු සියයක් වෙන් කර හඳුනා ගන්නට මෙම දොරඟුළට පුළුවන් නිසා, වැඩි දෙනෙක් යන එන දොරකට වුවත් මෙය සවි කළ හැක. මෙයට අමතර වශයෙන්, රහස් අංකයක් මඟින්ද, එක් වරක් පමණක් භාවිතා කළ හැකි සේ ලබා ගත හැකි පින් අංකයක් මඟින් මෙන්ම දොරඟුළ වෙනුවෙන්ම තනා ඇති විශේෂ ඇප් එක මඟින්ද එය විවෘත කරන්නට පුළුවන.


අනෙක් සාමාන්‍ය ස්මාට් ඩෝ ලොක් මෙන්ම මෙයද, දොර වසා ටික වේලාවක් තැබූ විට ඉබේම දොරඟුළ වැටීම, යම් කාලයක් තුළ දොර අඟුළු නොදා තැබිය හැකිවීම මෙන්ම අව් වැසි යනාදියෙන් හොඳින් ආරක්ෂා වෙන අමුද්‍රව්‍යවලින් තනා තිබීම යන ගුණාංගවලින් යුක්තය. කුඩා ප්‍රමාණයේ බැටරි හතරක් යෙදූ විට අවුරුද්දක් පමණ ක්‍රියාත්මක වෙන තරමට මෙහි විදුලි පාවිච්චිය අඩුය.

 



අදහස් (0)

පහසුවෙන් දොරඟුළු ලෑ හැකි සුහුරු අඟුළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 264 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1608 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site