සුජිත් හේවාජුලිගේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරවුම් හල්වලින් අයකරගත යුතු රුපියල් කෝටි 723ක මහජන උපයෝගිතා ගාස්තුවක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. පිරවුම්හල් 220න් එම ගාස්තුව අය කරගෙන ඇත්තේ පිරවුම්හල් 11කින් පමණක් බව ද වාර්තාව සඳහන් කරයි.
සංස්ථාවේ අලෙවි නියෝජිතයන්ගෙන් සහ භාණ්ඩාගාරය සතු බෙදුම්කරුවන්ගෙන් මෙම මහජන උපයෝගිතා ගාස්තුව 2014 වර්ෂයේ සිට අය කර ගැනීමට තීරණය ගෙන ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් අනුවය.
එම ගාස්තුව 2024 වසරේ දෙසැම්බර් 31 වන විට ද අයකරගෙන නොතිබූ බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 විගණන වාර්තාවේය. හිටපු වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිලගේ අත්සනින් යුතුව එම වාර්තාව නිකුත් කෙරිණ.
COMMENTS