IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


2029 වෙන විට තත්පරයක් අඩුවෙයි

ලුසිත ජයමාන්න


පෘථිවිය කැරකෙන වේගය එසේත් නැති නම් භ්‍රමණය ​ෙවන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩු​ ෙවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.

මෙය සිදුවනු ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි ද ඔවුහු කියති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.
ගෝලීය උණුසුම ඉහළ යද්දී, ධ්‍රැවීය අයිස් තට්ටු දියවීම වේගවත් වෙයි. එය පෘථිවියේ හරයට බලපෑම් එල්ල කරයි. පෘථිවිය කැරකෙන වේගය වැඩිවෙයි. ඒ අනුව, අනාගතයේ දිනයක, හෝරා සටහන්කරුවන්ට පෘථිවියේ ඔරලෝසුවල වේලාව, එක තප්පරයක් අඩු කිරීමට සිදුවනු ඇත. මෙය මීට පෙර ලෝක ඉතිහාසයේ සිදු නොවූ දෙයක් වීම විශේෂත්වයකි.
තත්පරයකින් කාලය වෙනස් වීම, සුළු දෙයක් යැයි සිතුණත්, අප ජීවත් වන්නේ පරිගණක සමඟ බැඳුණු ඩිජිටල් යුගයක බැවින්, කාලය අඩු වීම පරිගණකවලටත්, ඒවා පරිහරණය කරන අපටත් බලපෑමක් එල්ල කරනු නොඅනුමානය. මෙම කාල වෙනස සම්බන්ධයෙන් තොරතුරු ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ, සැන්ඩියේගෝහි, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, භූ භෞතික විද්‍යාඥ ඩන්කන් ඇග්නිව් ය. 
ඇග්නිව් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින්, විද්‍යා සඟරා බොහොමයක ලිපි පළ කර තිබේ. මෙම තත්පරය අඩුවීම සිදුවනු ඇත්තේ අද හෙට නොවන බවත්, 2029 වසරේ සිට බවත් විද්‍යාඥ ඩන්කන් ඇග්නිව් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
විද්‍යාඥයන්ට අනුව, දිනකට තත්පර 86,164.09 කි. කාලය මනින විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙති. පසුගිය වසර කීපයේ, විටින් විට මෙම තත්පර තත්පර 86,164.09 න්, මිලි තත්පර 0.05ක වැනි සුළු අඩුවක් පෙන්නුම් කෙරිණ. 
එසේ වන්නේ පෘථිවි භ්‍රමණ වේගය වැඩිවීම නිසා බව තහවුරු වූ අතර, ඩන්කන් ඇග්නිව් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලන්නට පටන් ගත්තේය. 2029 වසර වෙද්දී එක තත්පරයකින් කාලය අඩු වෙන බව අනාවරණය කර ගැනීමට ඇග්නිව් සහ කණ්ඩායම සමත් වූයේ ඒ අනුවය.

 



අදහස් (0)

2029 වෙන විට තත්පරයක් අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site