(පද්මිණි මාතරගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙන වැඩකරන ජනතා සමුළු සහ දිස්ත්‍රික් පුරා ජනතා සභාවන් පැවැත්වීම අදින් (08) ආරම්භ කරයි.
ඒ අනුව “බිඳ වැටුණු රට ගොඩ නගමු අපි” මැයෙන් රට පුරා දිස්ත්‍රික් ගණනාවක පවත්වන අතර ඉන් පළමු වැන්න අද (08) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට එම ජනතා බලවේගය කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව කුරුණෑගල නගරයේදී 11, කළුතර නගරයේදී 12, ගම්පහ 15 දින, රත්නපුර 19 දින, හම්බන්තොට 20 දින, ගාල්ල 27, මාතර 28, බදුල්ල 29, මොණරාගල 30 සහ උතුර ඔක්තෝබර් 02 දින පවත්වයි.
මෙහිදි වර්තමාන දේශපාලන තත්ත්වය, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාව සමග පුළුල් සාකච්ඡාවක් සංවාදයක් ඇතිකර ගැනීමේ අරමුණින් මෙය පවත්වයි.
මෙයට අමතරව “ජනබල සටන හෙට දින දිනන” මැයෙන් වැඩ කරන ජනතාව සහ වෘත්තීය සමිති ගණනාවක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙය වීමෙන් 12 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
445
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජවිපෙ ජනපති ප්‍රචාරක රැස්වීම අද අනුරාධපුරයෙන් ඇරඹේ