IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගෝඨාභයට එරෙහිව ලබන සතියේ විශේෂ මහාධිකරණයේ නඩු

(නිමන්ති රණසිංහ)  

තංගල්ල, වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට පොදු දේපළ පනත ප්‍රකාරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව ඉදිරි සතිය තුළදී විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීම සඳහා නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිද‌ා ලංකාදීපයට පැවසීය.  

මෙම නඩුවට අද‌ාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අද‌ාළ අංශය සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවත්, ඒ අනුව සැකකරුවන්ට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරමින් ඉතා කඩිනමින් නඩු පැවරීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.  


මෙම නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනාට ලබන සැප්තැම්බර් මස 07 වැනි දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් අධිකරණය නොතීසි නිකුත් කළේ ඉකුත් ජූලි මස 20 වැනිද‌ාය.  


හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එහි සාමාන්‍යාධිකාරි ගම ඇතිරාළලාගේ භද්‍රා උදුලාවතී කමලදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය යන අය මෙම නඩුවේ සැකකරුවෝ වෙති.  


ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 49 කට ආසන්න මුදලක් (රු.48,563,929.06) සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩකිරීමේ වරද සිදුකිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102 සහ 388 වගන්ති සමග කියවිය යුතු 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනතේ 5 (1) වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 (3) අනුව කරුණු වාර්තා කරමින් මෙම සැකකරුවන් අපරාධයට අදාළ සැකකරුවන් ලෙස නම් කර සිටින බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. 

 



අදහස් (0)

ගෝඨාභයට එරෙහිව ලබන සතියේ විශේෂ මහාධිකරණයේ නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 997 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site