IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් විභාග සහ බඳවා ගැනීම් ඇණ හිටී

ඉන්දික හේවාවිතාරණ


විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් සිදුකරන වෘත්තීය ක්‍රියා මාර්ග නිසා මේ මස 02 වැනි දින සිට විශ්වවිද්‍යාලවල විභාග පැවැත් වීම හා බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි‍.

අනධ්‍යයන සේවක වර්ජනය නිසා විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා විශ්වවිද්‍යාල තුළ සිදුකරන ඉගැන්වීම කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ගොස් තිබෙන බවත්, යම් සිසුන් ප්‍රමාණයකට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබා දීම සිදුවන බවත් එම සංගමයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.
මේ වසර තුළදී බඳවා ගැනීම් සිදුකරනු ලබන්නේ 2022 වසරේදී  උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් පිරිස් බවත්, මෙම සිසුන්ගෙන් යම් පිරිසක් අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය ආරම්භ කිරීමට පෙර බඳවා ගෙන සිටින බවත්, ඉතුරු පිරිස් බඳවා ගැනීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් වූ පසු කෙටි කාලයක්  තුළ එම ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීම ආරම්භ කළ යුතු බවත්, අදාළ බඳවා ගැනීම් මාස කිහිපයක් තුළදී අවසන් කිරීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. 

 



අදහස් (0)

සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් විභාග සහ බඳවා ගැනීම් ඇණ හිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site