IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවුණාද?

• ශිෂ්‍යත්ව විභාගයට ආ ප්‍රශ්න 11ක් ආදර්ශ ප්‍රශ්න පත්‍රවල

විභාගයට ආ රචනාවත් වයඹ පළාතේ ළමයින්ට එලෙසින්ම ලබාදීලා
 
• රුපියල් 2500කට ඔන්ලයින් පංති ලෙස කළේ මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය බවටත් චෝදනා

ප්‍රගීත් සම්පත් කරුණාතිලක



පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන්ම පිටවී ඇති බව විභාගය සඳහා ඉදිරිපත් වූ දරුවන්ගේ මවුපියෝ චෝදනා කරති. මේ සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ බවද ඔවුහු කියති. 

එම විභාගයට ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකු ලබා දී ඇති අතර එහි මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලබා දුන් ප්‍රශ්න පත්‍රයට ආසන්න  ප්‍රශ්න 11ක් ඇති බවද මවුපියෝ කියති. තවද වයඹ පළාතේ ළමයින්ට ලබා දී ඇති තවත් ප්‍රශ්න පත්‍රයක මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලබා දුන් රචනාව එලෙසින්ම තිබී ඇත. එම රචනාවද සමග මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලබා දුන් උපදෙස් මාලාවක්ද තිබී ඇත. 

පසුගිය 14 වැනිදා රාත්‍රියේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින එම ටියුෂන් ගුරුවරයාම රුපියල් 2500ක් අය කර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් ඔන්ලයින් ඔස්සේ පවත්වා ප්‍රශ්න සාකච්ඡා කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. එහි දී සාකච්ඡා කළ ප්‍රශ්න පසු දින ශිෂ්‍යත්ව විභාගය දින පැමිණ තිබූ බවට සමාජ මාධ්‍යයක් හරහා මවුපියන් හුවමාරු කරගත් මැසේජ් හරහාද තහවුරු වන බව මවුපියෝ චෝදනා එල්ල කරති. 

එසේ නම් එදින සාකච්ඡා කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ආ හොරෙන් පිට කරගත් ප්‍රශ්න පත්‍රය යැයි සැක කරන බව මවුපියෝ පෙන්වා දෙති. මෙම ගුරුවරයා විසින් පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න දෙකක්ද එලෙසම ලබා දී ඇති බව එම මැසේජ් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බව මවුපියෝ කියති. 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වලද ආදර්ශ ප්‍රශ්න පත්‍රවල මෙවර විභාගයේ තිබූ ප්‍රශ්නවලට ආසන්නයෙන් යන ප්‍රශ්න තිබූ බවට ද මවුපියෝ කියති. එසේ බලන විට ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම පිටවී ඇති බවත්, එහෙයින් විභාගය සම්පූර්ණයෙන්ම අවලංගු කොට නැවත විභාගය පවත්වන ලෙසත් මවුපියෝ ඉල්ලා සිටිති. 

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවය

මේ සම්බන්ධව අදහස් පළ කල අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවැසුවේ අද‌ාල පරී‌ක්ෂණවල සියලු ප්‍රතිඵල ලැබෙන තුරු පහ වසර ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා ඇති බවය.

 



අදහස් (0)

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවුණාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site