IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බොරු පැමිණිල්ලක් කළේ යැයි උද්දිකට චෝදනා වෙඩි තැබීම සඳහා ස.පො. අධිකාරී පැමිණ ඇත්තේ තමන්ගේම රථයෙන්මයි

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී ඔහුගේ මෝටර් රථයට ඔහුගේම සූක්ෂ්ම සැලැස්මකට අනුව සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමගේද සහාය ඇතිව කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා තොරතුරු තහවුරු කරගෙන ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

පොලිසියට බොරු පැමිණිල්ලක් කළේ යැයි කියන චෝදනාව යටතේ මොහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයි ද මූලස්ථාන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. ඉදිරි විමර්ශනවලදී හෙළිවෙන තොරතුරු අනුව අවශ්‍ය වුවහොත් පමණක් ඔහුගෙන් නැවත ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
උද්දික ප්‍රේමරත්නගේ කාර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම මෙම දෙදෙනාගේම සැලැස්මකට අනුව ක්‍රියාත්මක වූවක් බවට රහස් පොලීසිය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයා මැලේසියාවට පලා ගොස් සිටින බවත්, ඔහුව ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගනිමින් සිටින බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. 
සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණ ඇත්තේ ඔහු පරිහරණය කරන සුදු පැහැති මෝටර් රථයකින් 
බව මේ වෙන විට අනාවරණය කරගෙන තිබේ.
මොහු කිසිදු උසස් පොලිස් නිලධාරියකුට නොදන්නවා හොර රහසේ රටින් පිටව ගොස් ඇත. එසේ යන විට ඔහුට නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලය වෙනත් අයකු අතේ නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාර දී යාමත් තද බල විනය විරෝධී ක්‍රියාවක් බව උසස් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ම පැවසූහ. මෙම සහකාර පොලිස් අධිකාරිවරයා උද්දික ප්‍රේමරත්නගේ රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහුට නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලය අක්‍රිය වී තිබෙන බව කියා එය පොලිස් මධ්‍යම අවි ගබඩාවට භාරදී අලු‍ත් පිස්තෝලයක් ලබාගෙන තිබූ බවද අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙයද සැකයට තුඩු දෙන ක්‍රියාවක් යැයි පොලීසිය පවසයි.



අදහස් (0)

බොරු පැමිණිල්ලක් කළේ යැයි උද්දිකට චෝදනා වෙඩි තැබීම සඳහා ස.පො. අධිකාරී පැමිණ ඇත්තේ තමන්ගේම රථයෙන්මයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site