IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පාලන මිල ඉක්මවා සහල් අලෙවිය තවමත්

ඉන්දික හේවාවිතාරණ

ඇතැම් ප්‍රදේශවල මේ වන විට සම්බා හා කීරි සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර එම සහල් වර්ගවල මිල ඉහළ ගොස් තිබේ. කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300කටත් සම්බා  කිලෝවක් රුපියල් 270කටත් අලෙවි කරන බවද පරිභෝගික ජනතාව සඳහන් කරති.

සහල් සඳහා පනවා තිබෙන උපරිම මිල ගණන් වෙනස් කර තිබෙන බව පවසා සිල්ලර වෙළෙඳුන්ට සහල් වැඩි මිලට අලෙවි කිරීමට ඇතැම් මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. 

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සහල් සඳහා පනවා තිබෙන තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බවද පෙන්වා දෙයි. මේ අනුව කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220ක්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 240ක් සහ  කීරි සම්බා කිලෝවක සිල්ලර මිල රුපියල් 260ක් වන බව අධිකාරිය සඳහන් කරයි.

මෙම මිලට වඩා  වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරමින් තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි. වැඩි මිලට සහල් අලෙවි කරන පිරිස් පිළිබඳව 1977 දුරකතන අංකයට කාර්යාල වෙලාවන්හි දැනුම් දිය හැකි බවද පෙන්වා දෙයි. මේ වසරේ ජනවාරි 01 වන දින සිට 20 වැනි දින දක්වා කාලයෙහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 500කට වැඩි ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

කීරි සම්බා හා සම්බා වී සඳහා උපරිම මිලක් පනවා තිබුණත් ගොවිජනතාව එම මුදලට වී ලබා නොදෙන නිසා සම්බා හා කීරිසම්බා වී  වැඩි මිලට මිලදී ගැනීමට සිදුව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති. වැඩි මිලට වී මිලදී ගන්නා නිසා පාලන මිලට සම්බා හා කීරි සම්බා සහල් ලබා දිය නොහැකි වීමෙන් බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් එම වී වර්ග දෙක මිලදී ගැනීමෙන් ඉවත් වී සිටින බවද වර්තා වේ. 

මේ නිසා සුළු පිරිසක් වැඩි මිලට කීරි සම්බා හා සම්බා වී මිලදී ගෙන වැඩි මිලට සහල් අලෙවි කරමින් තිබෙන බවද කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ  පවසති. 

තෙත කීරිසම්බා  වී කිලෝවක් ගොවීන් ලබා දෙන්නේ රුපියල් 130 කට හා සම්බා වී කිලෝවක් රුපියල් 120 - 122 ක මිලට බවද මරඳගහමුල්ල සහල් නිෂ්පදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා සඳහන් කළේය. තෙත ඉවත් කළ පසු කීරිසම්බා වී කිලෝවක වටිනාකම රුපියල් 160 කට ආසන්න වන බවත් සම්බා වී කිලෝවක වටිනාකම රුපියල් 148 කට ආසන්න වන බවත් ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට වී මිලදී ගෙන පාලන මිලට සහල් ලබා දීමෙන් මෝල් හිමියන්ට කිසිදු ලාභයක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

කීරි සම්බා හා සම්බා සහල් මිල ඉහළ යාම නිසා ආපනශාලා හා අවන්හල් හිමියන් දැඩි දුෂ්‍කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා ආපනශාලා සහ අවහන් හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේය. පාලන මිල ඉක්මවා මෙම සහල් ලබා දීමෙන් ආහාර පැකට්ටුවක මිල පවා ඉහළ ගොස් තිබෙන බවත් අලු‍ත් අවුරුදු සමය වන විට දැනට පවතින මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔහු පවසා සිටියේය.

මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් වැඩි මිලට සම්බා හා කීරිසම්බා සහල් අලෙවි කරමින් තිබෙන බවත් කීරි සම්බා මෙරට තුළ පමණක් නිෂ්පාදනය කරන නිසා එම සහල් වර්ගය සඳහා කිසිදු විකල්පයක්ද නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. මෙම වී වර්ග වගා කරන්නේ සීමිත ගොවීන් පිරිසක් නිසා ඉදිරි කන්නයේදී වැඩි වශයෙන් වගා කිරීමට අවශ්‍ය පහසුකම් ගොවීන්ට ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

 

 



අදහස් (0)

පාලන මිල ඉක්මවා සහල් අලෙවිය තවමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30814 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12858 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10926 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 827 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 247 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 901 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site