IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජුනි විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මැයි 15 දා උපයෝගිතා කොමිසමට

උපුල් වික්‍රමසිංහ

එළැඹෙන ජූලි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නම් මේ මස දෙවැනි සතිය වෙනවිට ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබිය යුතු බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

ඊට අදාළව මේ දක්වා යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවද මිල සූත්‍රයට අනුව ස්වයංක්‍රීයව කරනු ලබන විදුලි ගාස්තු සංශෝධනය සඳහා අප්‍රේල් මසදී ඉදිරිපත් කළ යෝජනාවෙන් මණ්ඩලයට රුපියල් බිලියන 22 ක හිඟයක් (මෙහෙයුම් අලාභය) ඇති බැවින් සියයට 10 කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉල්ලා තිබුණු බවද ඔහු පැවසීය. සැබෑ පාඩුව රුපියල් බිලියන 15.5 කින් අඩුවිය යුතු බව කොමිසමේ ගණනය කිරීම්වලින් හෙළි වූ බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් පුවත්පතට වාර්තා වෙන තොරතුරු අනුව මේ වසරේ ජනවාරි මස සියයට 20 කින් විදුලි ගාස්තු අඩු කළ නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 25 -30 ත් අතර පාඩුවක් සිදුව ඇති බැවින් එම පාඩුව හා  මෙහෙයුම් හිඟය පියවා ගැනීම සඳහා සියයට 49 ක පමණ ගාස්තු වැඩිවීමක් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතත් කොමිසම එය ප්‍රතික්ෂේප කර තිබේ.

අප මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ජුනි මස ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මැයි 15 වැනිදා වෙනවිට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවය.

 



අදහස් (0)

ජුනි විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මැයි 15 දා උපයෝගිතා කොමිසමට

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 12 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 13 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමේ උත්සාහයක්
2025 මැයි මස 04 9 0

වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමට යම් පිරිසක් උත්සාහ කරන නිසා ජනාධිපති අනුර කුමර දිසානායක මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පරිසරවේදීහු සඳහ



ජුනි විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මැයි 15 දා උපයෝගිතා කොමිසමට
2025 මැයි මස 04 8 0

එළැඹෙන ජූලි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නම් මේ මස දෙවැනි සතිය වෙනවිට ඊට අදාළ යෝජනාව ලංකා විද


වසර දහයට වැඩ වර්ජන 386ක් රටට පාඩුව කෝටි 300ක් වැඩිම වර්ජන අධ්‍යාපනය සෞඛ්‍ය
2025 මැයි මස 04 10 0

රට පුරා කෙරුණු වැඩවර්ජනවලින් පසුගිය වසර දහයක කාලයේ දී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 658 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 171 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site