IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්

යාපනය බංගලාවට  කැනඩා ආයෝජකයෝ

- අවසන් තීරණය මේ මාසයේ

සුජිත් හේවාජුලිගේ

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු විදෙස් ආයෝජකයන් පස් දෙනෙකු ඉදිරිපත්ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක පැවසීය.

මෙයට අමතරව යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම තාක්ෂණික අධ්‍යාපනික ආයතනයක්ද ඉදිරිපත්ව සිටින බව ඔහු සඳහන් කළේය. යාපනය විශ්වවිද්‍යාලය පවත්වාගෙන යෑමට සුදුසු පරිසරයක් ඒ  ස්ථානයේ නොමැති බව පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීය.

ජනාධිපති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුව ඇත. ජනාධිපති බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ කමිටුවක් දැනටමත් පත් කර ඇති බවත් එම කමිටුවේ තීරණ අනුව මාසයක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ජනාධිපති බංගලා කිසිවක් දැනට ප්‍රතිසංස්කරණය නොකරන බවත් ඉදිරිපත් වන ආයෝජන අනුව ප්‍රතිසංස්කරණය කරන ආකාරය තීරණය කරන බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරයාට  දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන්  කොළඹ සහ මහනුවර බංගලා හැර  ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පැවසීය.

රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී පිළිගැනීම් සහ හමුවීම් සඳහා කොළඹ ජනාධිපති මන්දිරයද මහනුවර පෙරහර චාරිත්‍ර ඉටුකිරීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරයද අවශ්‍ය වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගණය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර ඇති අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර කාලයක සිට භාවිතයට ගෙන නොමැති බව රජය පවසයි.

යාපනය ජනාධිපති බංගලාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට අමාත්‍ය අනුර කරුණාතිලක ඇතුළු කණ්ඩායමක් පසුගියදා එහි ගියේය.

 

 

 

 

 



අදහස් (0)

ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 13 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 14 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමේ උත්සාහයක්
2025 මැයි මස 04 9 0

වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමට යම් පිරිසක් උත්සාහ කරන නිසා ජනාධිපති අනුර කුමර දිසානායක මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පරිසරවේදීහු සඳහ



ජුනි විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මැයි 15 දා උපයෝගිතා කොමිසමට
2025 මැයි මස 04 8 0

එළැඹෙන ජූලි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නම් මේ මස දෙවැනි සතිය වෙනවිට ඊට අදාළ යෝජනාව ලංකා විද


වසර දහයට වැඩ වර්ජන 386ක් රටට පාඩුව කෝටි 300ක් වැඩිම වර්ජන අධ්‍යාපනය සෞඛ්‍ය
2025 මැයි මස 04 10 0

රට පුරා කෙරුණු වැඩවර්ජනවලින් පසුගිය වසර දහයක කාලයේ දී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site