IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඡන්ද අවලංගු වීම වළක්වා ගැනීම සඳහා ඡන්දදායකයන්ට උපදෙස්


ඉන්දික හේවාවිතාරණ


මැතිවරණවලදී භාවිත කරන ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණවලදී බැවින් මෙම මැතිවරණයේදී ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද හත්ලක්ෂ හතළිස් හතර දහස් තුන්සිය හැත්තෑ තුනක් අවලංගු වී තිබෙන බවත් එය ප්‍රතිශතයක් ලෙස 4.58ක් බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

2015 වසරේ පැවැති මැතිවරණයේදී  ඡන්ද පන්ලක්ෂ දාහත් දහස්  එකසිය විසිතුනක් ප්‍රතික්ෂේප වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 4.43කි.

2010 වසරේ පැවති මැතිවරණයේදී  සියයට 6.92කි. 2004 වසරේ පැවැති මැතිවරණයේදී සියයට 5.46කි. 2001 වසරේ පැවැති මැතිවරණයේදී සියයට 5. 22කි. 2000 වසරේ මැතිවරණයේදී සියයට 5.27කි. 1994 වසරේ මැතිවරණයේදී 4.80කි. 1989 වසරේ මැතිවරණයේදී  සියයට 6.13කි. 

මේ නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාව නිවැරදි ලෙස නිරීක්ෂණය කර තමන් කැමැති පක්ෂයට ඡන්දය ලබා දී ඉන් පසුව මනාප ලබා දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය. 

සෑම ඡන්ද දායකයෙකුටම එක් ඡන්දයක් තිබෙන බවත් ඡන්දය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්‍ඩායමකට දෙනු ලැබිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

පිළිගත් දේශපාලන පක්ෂය, නම සහ ලකුණු ඉදිරියේ හෝ ස්වාධීන කණ්‍ඩායමේ අංකය සහ ලකුණු ඉදිරියේ ඇති හිස් කොටුවේ කතිර ලකුණ (x) යෙදීමෙන් ඡන්දය ලබා දිය යුතු බවද හෙතෙම පවසයි.

ඊට පසු දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්‍ඩායමේ අපේක්ෂකයන්  තුන්දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනකට ස්වකීය මනාපය පළ කළ හැකිය. ඡන්ද පත්‍රිකාවේ අග අපේක්ෂකයාට අදාළ මනාපය සලකුණු කිරීම සඳහා අනුක්‍රමික අංක තිබේ. අනුරූපීය අංකය ඇතුළත් කොටුව මත කතිරය (x) සලකුණක් යෙදීමෙන් මනාපය ලබා දීම සිදු කළ හැකිය.

දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනකට ඡන්දය ප්‍රකාශ කළහොත් හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය ලබා දීමට කටයුතු කළහොත් හෝ තමා පසුව හඳුනා ගැනීමට හේතු විය හැකි යම් ලකුණක් පත්‍රිකාවේ තැබුවහොත් ඡන්ද පත්‍රිකාව බලරහිත වන බවත්, එය ගණනය නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්දය හා මනාපය ලබා දීම සඳහා කතිරය (x) පමණක් භාවිත කරන ලෙසත් කොමිසම ඉල්ලා සිටියි.

 



අදහස් (0)

ඡන්ද අවලංගු වීම වළක්වා ගැනීම සඳහා ඡන්දදායකයන්ට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31296 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13494 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10995 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 106 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site