IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඔක්සිජන් ගෙන්වන මුදලින් බාල බෙහෙත් ගෙන්වලා

බාල බෙහෙත් නඩුව

මනෝප්‍රිය ගුණසේකර

බාල බෙහෙත් සඳහා මුදල් ගෙවා ඇත්තේ රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට ඔක්සිජන් සැපයීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වෙන්කර තිබු මුදලින් බව අධිකරණයේදී හෙළි විය.


රෝගීන්ට සැපයීම සඳහා ඔක්සිජන් මිලදී ගැනීම වෙනුවෙන් රජයෙන් වෙන්කර තිබු රැපියල් කෝටි 15කට ආසන්න මුදලකින් බාල බෙහෙත් ගෙන්වීමට කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් රජයට ප්‍රධානම ගණන් තැබීමේ නිලධාරි වශයෙන් කටයුතු කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල නමැත්තා බවද නීතිපතිවරයා අධිකරණයට හෙළි කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගැනීමෙන් රජයට රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල මාලිගාකනිද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය ඒ බව දැනුම් දුන්නාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ඇතුළු සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්වයන්ට අදාළව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ රෝග නිශ්චිත වාර්තා අධිකරණයට අධිකරණයට බාර දෙන ලෙසද නියම කළාය.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් සිය රැකියාව පවා උගසට තබමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’  සංවිධානයේ සභාපති කාමන්ත තූෂාර, වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු පිරිසක් රහස් පොලීසියට පැමිණිලි කළ අතර මෙම නඩුව අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී  ඔවුහු අධිකරණයේ පෙනී සිටිමින් සිද්ධියට අදාළ විමර්ශන ගමන් කරන දිශානතිය නිරීක්‍ෂණය කළහ.


සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බන්ධනාගාර නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්වයේ රෝගී තත්වයක පසුවන බවත්, ඔහු ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත්  දැනුම් දෙමින් වාර්තාවක් ඉදිරිපත් කළ අතර ඔහු නින්දේදී හුස්ම හිරවීමේ රෝගී තත්වයකින් පෙළෙන බව දනුම් දුන්හ.


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අත්අඩංගුවට ගැනීමට පෙර පසුගිය දෙසැම්බර් 26 වැනිදා ඔහු කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීහු ඔහුගේ නිවසටම ගොස් ඔහුගේ ප්‍රකාශ ගත් අවස්ථාවේදී ඔහු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් සංදේශ හතරක ඇති අත්අකුරු සහ පළමු සැකකරුට ගෙවිය යුතු ගෙවීම් නතර කළ පසු ඔහු විසින් රඹුක්වැල්ල නමැත්තාට තර්ජනය කරමින් එවූ බව කියන ලිපියේ ඇති අත්අකුරු සම්බන්ධයෙන් රජයේ සැකකටයුතු ලේඛන පරීක්‍ෂකවරයා ලවා පරීක්‍ෂා කිරීම සුදුසු බව පෙන්වා දෙමින් ලක්මිනි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාගේ අත්අකුරු පරීක්‍ෂා කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට රජයේ සැකකටයුතු ලේඛන පරීක්‍ෂකවරයාට නියම කළාය.


සති තුනක කාලයක් තුළ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බව පවසමින් ඒ වන විට රට තුළට ඖෂධ ගෙන ඒමට තිබූ දැඩි නීතීමය තත්වයන් ලිහිල් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් 08 වැනි සැකකරු කටයුතු කළේ ඇයිද, ඔහු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගියේ ඇයිද, යන්න සම්බන්ධයෙන් රහස් පොලීසිය විමර්ශන කරන බව අධිකරණයට දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම මෙණවිය මුල් ගොනු ලබාදෙන ලෙස අධිකරණය කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ සමන් රත්නායක මහතා හමුවූ විට මුල් ගොනු වෙනුවට ඔහු ලබාදුන්නේ ඡායාස්ථ පිටපත් බවත්, එහි කිසිදු සටහනක් නැති බවත් දැනුම් දුන්නාය.


හදිසි ප්‍රසම්පාදන කටයුත්තක් ලෙස අදාළ ඖෂධ ලබා ගත් යුත්තේ ඇයිද යන කරුණට අදාළ කිසිදු තොරතුරක් එහි අඩංගු වී නැතැයිද, ඖෂධ ලැයිස්තු පිළිබඳ සත්‍ය, නිවැරදි ගොනුවක් සොයා ගැනීමට නැතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙණවිය මෙම ගොනුව ඖෂධ නිෂ්පාදන හා නියාමන අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක ළඟ තිබිය යුතු වුවත් ඖෂධ ලැයිස්තු පිළිබඳ සත්‍ය, නිවැරදි ගොනුවක් සොයා ගැනීමට නැතැයිද කීවාය.



අදහස් (0)

ඔක්සිජන් ගෙන්වන මුදලින් බාල බෙහෙත් ගෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31293 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13489 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10994 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 103 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site