IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ

උපුල් වික්‍රමසිංහ
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ​ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. ඒ අනුව එම ආයතනයෙන් ශ්‍රී ලංකා රජයට හා නොයෙක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දුන් අරමුදල් මෙසේ අඩු වෙන බව හෙතෙම කීවේය.

මේ සමගම ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වූ රජයේ ව්‍යාපෘති 4ක් ද අඩපණව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
වසර 2024 දී පමණක් එම ආයතනයෙන් රුපියල් බිලියන 21 ක ව්‍යාපෘති ආධාර රජයට හා පෞද්ගලික අංශයට ලැබී ඇතැයි කී හෙතෙම මේ තීරණයත් සමග එම ප්‍රදාන ඇණ හිටින බව ද ප්‍රකාශ කළේ ය. මේ ගැන සාකච්ඡා කිරීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද මෙතෙක් ඊට ප්‍රතිචාර නොලැබුණු බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර විදෙස් මාධ්‍ය පසුගිය 27 වැනිදා වාර්තා කළේ ඩොලර් බිලියන 60 කට වැඩි වටිනාකමක් සහිත සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ලෝකයේ විවිධ රටවලට ලබා දී ඇති මූල්‍යාධාර සියයට 90 න් අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති බවය.
එම ආයතනයේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති නතර කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වෙන විටත් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය. 
උද්ගතව ඇති මේ තත්ත්වය හමුවේ විකල්ප අරමුදල් පහසුකම් සොයා ගැනීම වෙනුවෙන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යුරෝපීය තානාපති කාර්යාල සමග සාකච්ඡා කර ඇතත් ඒවායෙන් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව ද ඔහු අනාවරණය කළේ ය.

 



අදහස් (0)

අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 457 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site