විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, විදේශවල නිෂ්පාදනය කරනු ලබන සියලුම ආකාරයේ චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් තිරණය කළේ එම චිත්‍රපට හේතුවෙන් හොලිවුඩ් කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වීම නිසා බවය.
තීරු බදු පැනවීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකන් වාණිජ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අවධාරණය කර ඇත.
තමන් මෙම පියවර ගන්නේ හොලිවුඩ් සිනමාව යළිත් වරක් ලොව අංක එකේ සිනමාව බවට පත් කිරීමේ අරමුණින් යැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)