(අංජුල මහික වීරරත්න)
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
" ලස්සන දන්සැල " ලෙස නම් කොට තිබූ එම එහි රූපලාවන්‍ය සත්කාරක සේවා රූපලාවන්‍ය උපදේශන දානයක් ලෙස ප්‍රදානය කෙරිණි.
කාන්තා-පිරිමි දෙපිරිසටම මේ දන්සලේ දොරටු විවෘත විය.
කොණ්ඩා කැපීම, හිස සම්බාහනය, ඇහි බැමි සැකසීම, මුහුණු පිරිසිදු කිරීමේ සත්කාර, ඇස් වටා සම සැකසීම ආදී සත්කාරක සේවාවන් රැසක් හා රූපලාවන්‍ය, චර්ම විශ්ලේෂණය ඇතුළු උපදේශන සේවාවන් රැසක් මෙම දන්සලේදී නොමිලේ ලබා ගැනීමට පහසුකම් සලසා තිබිණි.
ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක අංශ නිලධාරිනී ශ්‍යාමලී ද සිල්වා මහත්මිය පැවසූයේ පන්දහසකට අධික පිරිසක් මෙම රූපලාවන්‍ය දන්සලෙන් සේවා ලබා ගත් බවයි.
වැඩිහිටි බාල මහලු සැවොම පවුල් පිටින් පැමිණ දන්සලේ සේවා ලබා ගත් බවද ඇය කීවාය. ජාතික තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය උපදේශක උපදේශිකාවන් වන ක්‍රිෂාන්ති විජේසිංහ, මධුප්‍රියා සෙනරත්, රසිකා කුමුදුනි, නිර්මලා දිසානායක, ආසිකා සඳමාලි, මදුෂිකා පියුමාලි, අජන්තා දසනායක, කමනී සාගරිකා, අකිලා මිනෝලි, ඉමාලී, සොනාලි ප්‍රනාන්දු, සමුධි අයෝද්‍යා මහත්ම මහත්මීහු ද ඔවුන්ගෙන් ඉගෙනුම ලබන අභ්‍යාසලාභීහු 160 දෙනෙක් පමණ ද මෙහි සම්පත් දායකත්වය දැක්වූහ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි