
(යොහාන් භාසුර)
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
ලුණු මෙටි්‍රක්ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවත් එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් ඇති බවත් අමරසිංහ මහතා කීය.
ඉදිරි සතිය තුළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ද අමරසිංහ මහතා සදඳහන් කළේය.
කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 450 ත් 500ත් අතර මිලකට අළෙවි කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නිෂ්පාදන ආර්ථිකයක් ගැන දේශනා පවත්තපු මහත්තුරු කෝ දැන්...?
සමහර මිනිස්සු හිතන් ඉන්නේ මාස හයෙන් කර්මාන්තශාලා හදලා නිෂ්පාදන වෙළඳපොළට ගේන්න පුළුවන් කියලා..
ලුණු නිපදවා, මුළු ලෝකයටම බෙදා හැරීමට පුළුවන් මහා සාගරය, සකල සිරින් පිරි සිරි ලංකාව වටේම ඇත. මීට සුළු කලක සිට, ගමෙ නගරයෙ හැම දෙනාටම අවශ්‍ය ලුණු කැටය පවා ආනායනය කිරීමට සිදුවීම රටෙ පාලක පන්තියේ බැරිකම විදහා දැක්වීමක් නොවෙද ? සැප පහසු සීත කාමර වල සිට, ලක්ෂ කොටි ගනන් පඩි ගන්නා විධායක, පරිපාලන නිලධාරීන්ට, ආනායනය නවතා, අවශ්‍ය දෑ රටතුළ නිපදවීමට සැලසුම් කිරීමේ කිසිම හැකියාවක් පෙනෙන්නට නැත, නැත්නම් ඒ ගැන වගේ වගක් නැත. මෙය ලුණු පොල් කට්ටට පමණක් අදාල ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිවම කවුරුත් දන්නා දෙයක් නෙවෙද???
ගුණපාලයා ගෙදර අතුගාන කොස්ස-ඉදලත් ඔය කියන නිෂ්පාදන ආර්ථිකයට පිංසිද්ද වෙන්න වසර ගණනාවක් තිස්සේ චීනාගෙන් තමයි රටට එන්නේ. හිටපු එවුන් හොඳටම කරපු හින්දා, ලුණු පොල්කට්ටටත් කෙළවුණා.
" ලූට මූස් " බක පණ්ඩිතයා, මගේ comment එකට දැක්වූ ප්‍රතිචාරය සදහා, මා එකතු කල වචන කිහිපයට එතූමා ගෙ නම ඇතුළත් කිරීමට අමතක වීම ගැන මාගේ සාතිශය සංවේගය මින් ප්‍රකාශ කර සිටිමි.....
කොමිස් කන්න ඕනේ නම්, මුල්ලක හිටපු ලූණු පැකට් එකෙන් හරි අල්ලනවා!