(විමුක්ති එස් රුද්‍රිගු)
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ "2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව" අනාවරණය කළේය.
එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1 බවත් ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම වාර්තාව හෙළි කළේය.
එසේම මෙරට රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක් වන අතර ඔවුන්ගෙන් මෙරට ශ්‍රම බළකායට කිසිම සහභාගීත්වයක් නොලැබේ.
2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය මිලියන 8.89 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය 334,001 කින් ඉහළ ගොස් ඇත. එසේම 2023 වසරේදී මිලියන 6.37 ක කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයට අයත්ව සිටි අතර පසුගිය වසරේදී එය 185,398 කින් මිලියන 6.56 දක්වා ඉහළ ගොස් තිබිණ. 2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයෙන් මිලියන 2.52 ක් පිරිමි පුද්ගලයන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී ආර්ථික වශයෙන් අක්‍රීය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 148,602 කින් ඉහළ ගොස් ඇත.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි