ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් යම් වෙනස්කම්වලට බඳුන් වේ. එකී කාල සීමාවෙන් අනතුරුව සෑම දින 28කට වරක් ඇයගේ ශරීරය තුළ සිදුවන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය ඔසප්වීම ලෙස හඳුන්වනු ලබන අතරම, ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වන්නේ නම් රජෝදර්ශනය යි.
මෙහි දී සාමාන්‍යයෙන් සිදුවන්නේ ගර්භාෂය ඇතුළත බිත්තිවල ආවරණය ගැලවී පිටව යාමයි. මෙය යුවතියක් මල්වර වීමෙන් පසු සෑම මසකම දින 28 කට වරක් සිදුවන ස්වභාවික ක්‍රියාවලියකි.
මෙහිදී සාමාන්‍යයෙන් 30 Ml – 80 Ml ත් අතර ප්‍රමාණයක් රුධිරය පිටවීම සිදුවෙයි. මෙම කාලසීමාව තුළදී බොහෝ වැඩිහිටි උපදෙස් පිළිපැදීමට ඇයට සිදුවන අතරම, එය විටෙක මානසිකව ද දැඩිව බලපාන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය.
ප්‍ර ඔසප් සමය තුළ යුවතියක් දුර්වල වීමක් සිදුවනවා ද?
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නම් පුෂ්පයක් තුළ ඵලයක් හට ගන්නාක් මෙන් සියලු කාරණා ඉටුවූ පසු ඔසප්වීම සිදුවන අතරම, එහිදී අප ගන්නා ආහාරවලින් රස ධාතුව සකස් වී එය පරිණාමය වූවායින් පසුව ආර්ථව ධාතුව බවට පරිවර්තනය වෙනවා. ඉන් පසු ඇරඹෙන ඔසප් වීමේ ක්‍රියාවලිය මල්වර විය ආරම්භ වී අවුරුදු 50 පමණ දක්වාම පවතිනවා.
මෙම කාල සීමාව තුළ දී යමෙකුට උදරාබාධ, වමනය, ආහාර ලබා ගැනීමේ අපහසුතාවන් ගෙන් යුතුවීමේ ප්‍රවණතාවයන් පවතින අතරම, ඇය ශාරීරිකව මෙන්ම මානසිකවද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුවීම අත්‍යවශ්‍ය කරුණක්. ආයුර්වේදයට අනුව ඔසප් කාලය තුළ යුවතියක් ශාරීරිකව හා මානසිකව තරමක් දුර්වලවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙම කාලය තුළ රාසධාතුන්ගේ විකෘතියක් සිදුවී ශරීරයේ බල හා ශක්තිය අඩුවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම වාත, පිත්ත, කප දෝෂවල අසමතුලිතය මේ දුර්වලතාවට හේතු වෙනවා.
මානසිකවද, මේ කාලයේදී යුවතියන් තුළ වියළි බව, කනස්සල්ල, කෝපය, හෝ සංවේදීභාවය වැනි ප්‍රතික්‍රියාවන් දැකිය හැකියි. ඉතින් ආයුර්වේදය අනුව ඔසප් කාලය තුළ යහපත් ආහාර, විවේකය සහ මනෝ සන්තුෂ්ටිය රඳවා ගැනීම අත්‍යවශ්‍යයි.
ආයුර්වේදයට අනුව ඔසප් කාලය තුළ යුවතියක් ශාරීරිකව හා මානසිකව තරමක් දුර්වලවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙම කාලය තුළ රාසධාතුන්ගේ විකෘතියක් සිදුවී ශරීරයේ බල හා ශක්තිය අඩුවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම වාත, පිත්ත, කප දෝෂවල අසමතුලිතය මේ දුර්වලතාවට හේතු වෙනවා. මානසිකවද, මේ කාලයේදී යුවතියන් තුළ වියළි බව, කනස්සල්ල, කෝපය, හෝ සංවේදීභාවය වැනි ප්‍රතික්‍රියාවන් දැකිය හැකියි.
ප්‍ර මේ කාලය තුළ ස්නානය සීමා කිරීම සුදුසුයි ?
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් ඔසප් කාලය තුළ ස්නානය කිරීමෙන් රැධිර කේශ නාළිකා සංකෝචනය වී රුධිර කැටි නිර්මාණය වී ක්‍රමානුකූල රුධිර වහනය ප්‍රමාද වීමක් හෝ නතර වීමක් සිදුවිය හැකියි. පසුව එය නිදන්ගත රෝගී තත්ත්වයන්ට අත වැනීමක් ලෙස හඳුන්වන අතරම එම කාලයේදී ස්නානය කිසිසේත් සිදු නොකළයුතු බව වෛද්‍ය මතයයි.
නමුත් එම කාල සීමාව තුළදී පිරිසිදුභාවය ආරක්ෂා කර ගනිමින් ස්නානය මුළුමනින්ම නතර කරනවාට වඩා සීමා කිරීම කළ යුතු බව ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවේ මතය වෙනවා. මේ කාලය තුළ ශරීරය දුර්වල වන අතර, වාත දෝෂය වැඩිවීමේ හැකියාව වැඩි වෙනවා. එම නිසා මේ කාල සීමාව තුළ වඩාත් ශීතල ජලය භාවිත කරන ස්නාන ක්‍රමයන් වලින් වැළකී උණුසුම් ජලය භාවිත කිරීම සුදුසු වෙනවා. විශේෂයෙන්, ඔසප්වීම ඉතා වැඩි ප්‍රමාණයකින් සිදුවන දිනයන් හිදී සම්පූර්ණ ස්නානයක් නොකර, සැහැල්ලු ලෙස ශරීරය පිරිසිදු කර ගන්නවා නම් මේ මගින් ශරීරය තවත් දුර්වල වීම වැළැක්විය හැකි වෙනවා.
ප්‍ර රජෝදර්ශන කාලයේදී ගතයුතු විශේෂිත ආහාර තිබේ ද?
දේශීය වෛද්‍ය ක්‍රමවේදයන්ට අනුවද ඔසප් කාලය තුළ අධික තෙල් සහිත, දැඩි කටුක, ජීර්ණය අපහසු ආහාර වලින් වැළකීම ඉතාම වැදගත් . එම කාලය තුළ යුවතියගේ ජීරණ ශක්තිය (අග්නිය) පහළ යන බැවින්, අධික තෙල් සහිත ආහාර ජීර්ණය කර ගැනීම අපහසු වන අතර එය වාත, පිත්ත, කප දෝෂවල විකෘති ඇති කරමින් අසාමාන්‍ය ලක්ෂණ සහ වේදනා ඇති කළ හැකියි.
මෙම කාලය තුළ ලෙහෙසියෙන් ජීර්ණය වන උණුසුම් ආහාර (බත් කැඳ, මුං කංජි), ශරීරයට ශක්තිය හා සිසිලස ලබාදෙන උණුසුම් පැන් (බෙලිමල්, සූදුරු, ඉගුරු, කොත්තමල්ලි, කුරුඳු) වැනි ආහාරද, පළතුරු සහ ඉඳි කාබෝහයිඩ්‍රේට්ස් (Bananas, Papaya වැනි ලෙහෙසි පලතුරු) ආහාර වර්ග සේම, Dark Chocolate, Broccoli, Beans, Oats බිත්තර සහ පරිප්පු වැනි පෝෂ්‍ය පදාර්ථ රැසකගෙන් යුතු ආහාර ගැනීම වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම මෙම කාල සීමාවේදී අධික තෙල් සහිත, ගැඹුරු තෙලෙන් තැම්බූ ආහාර, අයිස්, සිසිල් ආහාර, රතු මස්, කැපේන්, සීනි සහිත ආහාර, මත්පැන්, අධික ලුණු සහිත ආහාර වගේ ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා නම් වඩාත් ගුණ දායක වෙනවා.
ප්‍ර මේ කාලය තුළ අඹු/සැමි සබඳතා සුදුසු ද?
සාමාන්‍යයෙන් දින 28කට පසු එසේ එළඹෙන ඔසප් කාල සීමාව දින හතරක් හෝ පහක් වැනි කාලයක් පවතී. යුවතියකට මෙන්ම විවාපත් වූ බිරිඳකට වුවද මෙය පොදු කාරණාවකි.
කෙසේ වෙතත් විවාහ වූ අඹුසැමි යුවලකගේ පෞද්ගලික සබඳතාවට මෙම ඔසප් කාලය බාධාවක් ද? එසේ එක් වීම නුසුදුසු ද? මෙය බොහෝ අඹුසැමියන් අතර පවතින්නා වූ ගැටලුවකි. ආයුර්වේද දර්ශනය අනුව ඔසප් කාලය (රාජස්වලා කාලය) යනු, යුවතියගේ ශරීරය පිරිසිදු කිරීමේ හා පුනරුත්ථාපන ක්‍රියාවලියක් සිදුවන විශේෂිත කාලයක්. මේ කාලය තුළ වාත, පිත්ත, කප දෝෂ වල සංවෘද්ධිය නිසා ආසාදන ඉක්මනින් ඇතිවීමේ අවදානමක් පැවතිය හැකියි. ඒ නිසා ඔසප් කාලය තුළ අඹුසැමි යුවලක් ලිංගිකව එක්වීමේදී අනෙක් දිනවලට වඩා ලිංගික සම්ප්‍රේෂණ මත ලිංගික රෝග බෝවීම වැඩි අවදානමක් පවතිනවා. මේ කාලයේ දී වාත දෝෂය ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වන නිසාත් ශරීරයේ ප්‍රතිශක්තිය Immunity අඩු විය හැකියි. ඒ නිසා මේ කල සීමාව තුළ එවැනි සම්බන්ධතාවකට නොගොස් විවේකීව සිටීම යෝග්‍ය වෙනවා.
ප්‍ර ඔසප් සමයේ දී ඇතිවන උදර අධි උදර වේදනාවට දේශීය අත් බෙහෙත්?
යමෙකුට මේ කාලයේදි දැනෙන උදරයේ වේදනාව, වමනය, ආහාර අරුචිය වැනි දේවල් සාමාන්‍ය තත්ත්වයක්. ඔසප් චක්‍රය යනු රෝගී තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍යයෙන් උදරයේ වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් දින ගණනාවක් දැඩි ලෙස හා තමන්ගේ කටයුතුවත් කරගැනීමට නොහැකිව උදරයේ වේදනාවක් පවතිනවානම්, රුධිරය වහනය වීමේදී එය කැටි ලෙස පිටවනවා නම් එය සාමන්‍ය තත්ත්වයක් නෙවෙයි. අපි මෙය හඳුන්වනවා එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් තත්ත්වයක්, PCOS, පයිබ්‍රොයිඩ්ස් හෝ හෝමෝන අසමතුලිතතාවක් නිසාවෙන් ඇතිවන තත්ත්වයක්. මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා.
එසේම මෙවැනි තත්ත්වයකදී වේදනා නාශක පෙති ලබා ගන්නවාට වඩා දේශීය වෛද්‍ය ක්‍රමයට මුල්තැන ලබාදෙමින් ස්වාභාවික ඉඟුරු කොත්තමල්ලි, අශෝක අරිෂ්ටය, කුමාරි ආසවය, චන්දන ආසවය, චන්ද්‍රප්‍රභාවටී, ලොත්සුඹුල් වැනි ආයුර්වේද ඖෂධයන් සේම නාරායන තලතෙල් මඳක් පමණ ගෙන යටිබඩෙහි ආලේප කිරීම, උණුවතුරෙන් හෝ නිකකොළ පොට්ටනියකින් උදරයේ යටි කොටස තැවීමෙන් වේදනාව මඳක් සමනය කරගත හැකියි.
මදූශා දිල්ශානි