IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක නි.ඇමති ජනතාවගෙන් උදව්වක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එදා ත්‍රස්තවාදය මර්දනය කිරීමට මහජන සහාය ලැබුණා සේ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමටත් මහජන සහාය අවශ්‍ය බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මත්ද්‍රව්‍ය ජාවාරම තනියම සිදුවෙන්නේ නැහැ. ඒකට අපරාධ ජාලයක් සමග බද්ධ වීම අවශ්‍යයි.මේවාට දේශපාලකයන් ආරක්ෂාව සැපයූ අයුරු අප දුටුවා.සංවිධානාත්මක අපරාධ ජාලය රට පුරා පැතිරුණේ මේ නිසයි.අවසානයේ අපේ පාසල් පද්ධතියටත් මෙය නරක ලෙස ගියා. මේවාට රජයේ සේවකයන් මෙන්ම ව්‍යාපාරික ආයතන කිහිපයක්ද ඉන්නවා.බන්ධනාගාරයට නියම වූ රැඳවියන්ගෙන් සියයට 70ක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය.මොන නීතිය තිබුණත් මේ මත්ද්‍රව්‍ය මර්දනය කරන්න මහජන සහාය අවශ්‍යමයි.එදා ත්‍රස්තවාදය පරාජය කරන්න හැකියාව ලැබුණේ මහජන සහය නිසයි. මේ ව්‍යසනයත් ඒ වගේම තමයි" යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (6)

ආරක්ෂක නි.ඇමති ජනතාවගෙන් උදව්වක් ඉල්ලයි

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Thursday, 23 October 2025 04:14 PM

මේ අනිත් මිනිස්සුන්ට පංති කරන්න ආපු මිනිහා නේද?අනාරක්‍ෂිත අපෙන් සහාය ඉල්ලන්නේ. මටත් එක්ක ලැජ්ජයි...

:       13       14

අන්දරේ බේරේවලThursday, 23 October 2025 06:58 PM

ලැජ්ජාවක් තියෙන අය රට බංකොලොත් කරපු අයට කඩේ යන්නෑ.

:       1       5

සෙනෙවිරත්න Thursday, 23 October 2025 04:43 PM

ඈ බන්, කටින්ද කතා කරන්නේ?

:       8       12

යෝගා Thursday, 23 October 2025 04:49 PM

ඔව් දැන් අපිට පේනවා මාලිමා ආණ්ඩුව එන්ජිම ඕෆ් කරන් නිව්ටල් එකේ පල්ලම බහිනවා. ඩෝබිලා වාහනේ එල්ලිලා නවත්තගන්න හදනවා. හාස්‍යජනක යි.

:       9       15

Mohan Thursday, 23 October 2025 05:46 PM

මත්ද්‍රව්‍ය වෙළදාම නැවැත්වීමට ඔබලා ගන්නා සහායට අපි සදා ණයගැතියි.

:       1       3

සමන් - ඕමානය Thursday, 23 October 2025 07:22 PM

සහයෝගය දෙන්න නම්, තොරතුරු සපයන මහජනතාවට නිසි ආරක්ෂාව සහතික කළ යුතුයි. තොරතුරු දුන් පුද්ගලයා ගැන පොලිසියෙන්ම තොරතුරු ලබාගෙන, හිරගෙදර නැත්නම් රිමාන්ඩ් එකේ ඉඳගෙනම ඔහු මරා දැමීමට වෙඩිල්ලක් සැලසුම් කරයි. මෙවැනි තත්වයන් වළකන්න නම්, මරණ දඬුවම ක්‍රියාත්මක කර, ඔය හිරේ ඉන්න දරුණු අපරාධකාරයින් මෙලොවින් තුරන් කළ යුතුයි. එය නීත්‍යානුකූලයි. සාධාරණයි. රටේ යහපැවැත්මට, අනාගත පරපුර රැකගන්නට අත්‍යාවශ්‍යයි. රටේ මහජනතාව බහුතරයක් දරන මතය මෙයයි. බන්ධනාගාර කොමසාරිස් තුමාද මෙම මතය තදින්ම ප්‍රකාශ කරලා තිබුණා. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මයා ද මේ අදහස යෝජනා කරලා තිබුණා. එය ක්‍රියාත්මක කිරීම රජයට බාරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1299 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1238 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 450 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site