තෑගි බෝග සහ ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීමෙන් ළමයින්ට තමා පිළිබද හැගීම් අඩුවී ඔවුන් අභියෝග ජයගත නොහැකි කම්මැලියන් බවට පත්වන බව බ්‍රිතාන්‍යය, ඕලන්ද හා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල එක්ව කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.
වැඩිහිටියන් ළමයින් ප්‍රශංසාවට ලක්කිරීම අව්‍යාජ වන අතරම බියගුළු ළමයින්ට වැඩිපුර ප්‍රශංසා කිරීම හානිදායක බව මේ පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. අවුරුදු අටත් 12ත් අතර පිරිමි හා ගැහැනු ළමයින් මේ සමීක්ෂණය සදහා සහභාගී කැරගෙන ඇත. එහිදී ඔවුන්ට ආත්ම විශ්වාසයේ අගය දැක්වෙන ප්‍රශ්න යොමු කළ බව පර්යේෂකයෝ කියති.
මේ ළමයින් අතරින් ආත්ම විශ්වාසයක් නැති ළමයින් නිරන්තර තෑගි හා අනවශ්‍ය දෑ ලැබුණු අය ලෙස හදුනාගෙන තිබේ. සාමාන්‍ය ඇගයීමට භාජනය වූ හා තෑගි බෝග වැඩිපුර නොලැබූ දරුවන් දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තවූවන් බව තහවුරු වී ඇත.
පර්යේෂණයේ ප්‍රධානියා වූ මහාචාර්ය එඩී බ්‍රැම්මෙල්මන් පවසන්නේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ලෝකය පුරා වැඩිහිටියන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි.


