
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගුරු වෘත්තිය හුදෙක් රැකියාවක් ලබා දීම පමණක් නොව දරුවන්ට ගුණාත්මක අධ්යාපනයක් ලබා දීමේ පදනම බැවින් ගුරු සේවයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් නිසි ක්රමවේදයට අනුව බඳවා ගැනීම් සිදු කිරීම රජයේ ප්රධාන අරමුණ බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළාය.
පාර්ලිමේන්තුවේදී නැගුණු ප්රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු 23,006ක් සඳහා ශ්රී ලංකා ගුරු සේවයේ 3-1-අ ශ්රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්රියාවලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මෙහිදී ජාතික පාසල්වල පුරප්පාඩු 4,484ක් පවතින අතර, බස්නාහිර පළාතේ 2,500ක්, මධ්යම පළාතේ 3,480ක්, දකුණු පළාතේ 1,417ක්, උතුරු පළාතේ 1,685ක්, නැගෙනහිර පළාතේ 2,267ක්, වයඹ පළාතේ 2,025ක්, උතුරු මැද පළාතේ 1,345ක්, ඌව පළාතේ 1,606ක් සහ සබරගමුව පළාතේ පුරප්පාඩු 1,997ක් වශයෙන් තිබෙනවා.
ගැසට් නිවේදනයට අනුව එක් අයදුම්කරුවෙකුට උසස් පෙළ විෂයයන් දෙකක්, සාමාන්ය පෙළ විෂයයන් දෙකක් මෙන්ම ජාතික හා පළාත් පාසල් යන අංශ යටතේ අයැදුම් කිරීමට අවස්ථාව හිමිව තිබීම නිසාත්, අධිකරණ තීන්දු සහ 2022 වසරේ පළවූ ගැසට් නිවේදනයට බැඳී කටයුතු කිරීමට සිදුවීම නිසාත් මෙය තරමක් සංකීර්ණ ක්රියාවලියක් බවට පත්ව තිබෙනවා යනුවෙන්ද අග්රාමාත්යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd