
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යම් ගැටලුවක් පැන නැගුනු විට එය කාගේ හෝ නිලධාරියෙක්ගේ ඇඟේ තියා අත පිහදාගන්න පුරුද්දක් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට තිබෙන බව පුත්තලම දිස්ත්රික් මන්ත්රී නීතීඥ හිරුනි විජේසිංහ මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
"ජනාධිපති පොදු සමාව කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි .ඒක දීර්ඝ ක්රියාවලියක්.ඒ නිසි පිළිවෙලට ක්රියා කළොත් ජනාධිපති පොදු සමාව ලබා ගැනීමට හැකියාව තියෙනවා.ඒ ක්රියාවලිය අනුව කටයුතු නොකළ නිසා මේ දේ සිදුවෙලා තිබෙනවා.පාස්කු ප්රහාරය උදාහරණයක් හැටියට ගමු. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒකත් වෙන කෙනෙක්ගේ ඇඟේ ගහනවනේ.යම්කිසි ගැටලුවක් පැන නැගුනාම කාගේ හරි නිලධාරියෙක්ගේ ඇඟේ ඒක තියලා තමන් අත පිහදාගන්න පුරුද්දක් එතුමාට තියෙනවා.පොදු සමාව ගැනත් නිලධාරිනියෙක්ගේ ඇඟේ ගහලා තමන් අත පිහදාගන්න තමයි බලාපොරොත්තුව.ඒ ක්රියාවලිය නිසි ලෙස සිදුවෙලාද කියලා හොයා බලන්න එතුමාටත් වගකීමක් තිබුණා.එහෙම කළා නම් අද මෙවැනි ප්රශ්නයක් ඇතිවන්නේ නැහැ" යනුවෙන්ද මන්ත්රීවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd